සැබෑව සැබෑ ලෙසම නිරූපිත දේහ විලාශයන්,
සත්‍ය එලෙසින්ම අදහා ගත නොහෙැකි ලෙසින්,
පිය උද්දාමය, ප‍්‍රීති ප‍්‍රමෝදය ජනිත හැ`ගුම් රටාවන්,
නාග සර්ප සුසංයෝගය,ඉ`ගි කරයි අඹු සැමි සහ සබඳතාවය,
මේ සියල්ල එක් තැන් කළ කළා ත‍්‍රිත්වයක් එකම රුක් කළාවක.
දෙනෙතින් බලන කළ දෑස් අදහා ගත නොහැකි වේවි.
සිතින් ඔබ මුසපත් වේවි.
මවක් වන්නට වෙර දරන්නා වූ,විලි රුදාවෙන් පීඩිත වූ,
ඒ සියුමැලි,සුකොමල නාරි දේහ විලාශයන්,
සැබැවින්ම, සත්‍ය ලෙස එලෙසින්ම.ඒ අයුරින්ම සිතන්න බැරි ලෙස
සොභා දහමින් දායාද කර ඇත.
යුග දිවියක පවත්නා කායික සබඳතාවය,නාග සර්ප බන්ධනයෙන්
මනාව පිළිඹිඹු වේ.
පරපුරක ඇරඹුම,පීතෘත්වය ලබන නිමේෂය පියෙකුගේ ඒ
අති සුන්දර වූ සතුට ප‍්‍රමෝදය විදහාලන්නා වූ හැ`ගුම්බර ක‍්‍රියා රටාවන්
කෙතරම් සුන්දරද?
සොභා දහමෙන් මිනිස් ප‍්‍රජාවට තිළිණ කළ ඒ අති විශිෂ්ට කළා කෘතිය
සැබැවින්ම අමිලය. නිවසකට සිරිකතක් බ`දුය.
මේ සුවිශේෂී රුක් කළාව ලෝකයටම එකකි.