රුදාව (18+)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පාසැල් නොයා ඉගෙනා ගත් මෝඩකම
    කරපිට තබා වෙසෙනා යුවලකිය ගම
    එතනා පසුනොකල දිවිමග තරුණ ඉම
    පතනා ළඳකි ගැබ්බර දරුවෙකුගෙ පෙම

    සීසේරියන් නැත ඉස්සර අද වාගේ
    කැක්කුමටයිලු කිරි එරුණේ අම්මාගේ
    සමහරු කෑ ගසයි උළු උඩ යන වේගේ
    නම විලි රුදාවයි මෙය රෝගෙකි දීගේ

    ගැබ බරවෙලා එතනාටද හැදුණි රුදා
    රෝහල දෙදරවයි හිසවට දෑත බදා
    අම්මෝ බුදු මිසී මේ දුක දුන්නු හදා
    වාහෙගෙ අරක කපපං කරමුළින් ඇදා

    බැරිම තැනදි නොකරා මේ කට මෙල්ල
    දොස්තර ආය කතුරද කරමින් එල්ල
    හරි මම කපමි උගෙ දැන් ගනු තැටමිල්ල
    කී පමණින්ම විය උපතද සැනසිල්ල

    ඩොකා මූව කැඳවා පසුදාම උදේ
    කැපූ සේම හිටු කී මින් පසුව හොඳේ
    මේකි ඉද්දි දරුවා හා සාලෙ ඇඳේ
    වාහෙ නිදයි දැන් එළියේ බිත්ති කඳේ

    මාස තුනට පසු එක වැසිබර රෑක
    මේකි පරල වී හිමි අමතූ සේක
    පාඩුවෙ හිටිං මට නං බෑ දැං ඕක
    වෙදා උඹේ කීමට කැපුවා ඒක

    හෙලා සුසුම වැතිරුණි නින්දක්ද මොන
    රුදා කොහෙද?රාගෙට ගත සසළවන
    ඇසී හිමිට ඇන ඉවසා බැරිම තැන
    ඕයි ! කොටේ වත් නැද්ද? කපලා ඉතිරි වුණ ?"

     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa

    ඕයි ! කොටේ වත් නැද්ද? කපලා ඉතිරි වුණ ?"
    හිනා කාලා මැරෙනවා බන් .....එල :rofl::rofl: