රුපවාහිනී ඉවරයි නේද?

lilman

Well-known member
  • May 10, 2009
    40,961
    54,538
    113
    Colombo
    https://eteleshop.slt.lk/product/4glte-external-antenna
    ටෙලිකොම් එකෙත් විකුණන්නේ ටී.වී ඇන්ටනා outdoor kiyala

    ඕවට කියන්නෙ යාගී ඇන්ටෙනා කියල. ටී වී නෙවෙයි. ඕව හරියටම ටවර් එකට ඒම් කරල සෙට් කරන්න ඕනෙ සිග්නල් ගන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒක වෙන්න ඇති පරණ ටෙලි ස්වර්ණවාහිනියෙ එහෙම යන්නෙ....
    අනික් ටිකත් විකුණයිද දන්නෑ..

    අපරාදෙ නිවුස් පච වුණාට, අනික් වැඩසටහන් ප්‍රමිතියක් ඇතුව විකාශය කරන චැනල් එකක්...
    වික්කොත්, දෙරන හිරු වගේ පච වෙයි..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ලොස්ට් වෙලා. පඩි ගෙවන්නේ බැංකු අයිරා වලින්. අලුතෙන් ටෙලිකාස්ට් වෙන්නේ එක ඩ්‍රාම එකක් විතරයි. අපි පොඩි කාලේ හොදම කාර්ටූන්, නාට්‍ය, තිබුන චැන්නල් එක පච වාහිනියක් කරලා දැම්ම.තව ටික දවසකින් විකුණලා දායි.
    ඕක විකුනන්නෙ නෑ කීයටවත් , රාජ්ය මාධ්‍ය නිසා 🙂
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    හැම රජයක්ම බලයට පත් උනාම රාජ්‍ය සංස්ථා, දෙපාර්තුමේන්තු වලට පුරප්පාඩු නැති උනත් පුරප්පාඩු හදලා හරි තමන්ගෙ ඡන්ද දායකයො දාගන්නවා. රූපවාහිනියෙත් දරාගන්න බැරි සේවක සංඛයාවක් ඇති. අනික රජයේ ආයතන වල, පක්ෂ වල දැන්වීම් වැඩසටහන් වලට ගෙවීම් නියමිත කාලයට කෙරෙන්නෙ නැතුව ඇති.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔතන වෙන කතාවක් තියනවා. රූපවාහිනි කියන්නේ අවුරුදු ගානක් තිස්සේ ලාබ ලබපු ආයතනයක් නෙමේ. හැබයි ඇදන් යන්න පුළුවන් ආදායමක් ලැබුනා. ඉන්න සභාපති මත ඕක වෙනස් වෙනවා. ඔය අපත් රෙජිනෝල්ඩ් කාරයා නම් මෙළෝ වැඩක් නැහැ. ඌ මහ ඇමති කාලෙත් කලේ ගසා කාපු එක විතරයි. අනික මොන මඟුලට ලං කර ගත්තාය දන්නේ නැහැ.
    රුපවාහිනී ගැන කියනවා නම් දැනට ඕනේ ඉන්න සේවකයෝ ගාන වැඩි. තාක්ෂණය පරණයි. හැබයි ඔරිජිනල් ජපන් බඩු. ගලේ ගැහුවත් වැඩ. සේවකයෝ වැඩි කියන්නේ මම දන්න විදිහට ගුවන්විදුලියේ ලයිව් වැඩසටහනකට විතරක් විස්සක් විතර යනවා. ප්‍රයිවට් එව්වා දෙන්නේක්ගේන් කරන වැඩේ. දෙන්නේත් ඉන්නවා කාර් බැටරි එකක් උස්සන් යන්න විතරක්. උන්ට ආපහු තියෙන්නේ අර බැටරිය ගලවන් එන්න විතරයි. රූපවාහිනියත් ඔය සෙල්ලම තමා.
    යන වියදම සැරයි පිදුරු ලක්ෂ විස්සකට වැඩි බිලක් එනවා ඇති මාසේට. අනිත් එක මේ දවස් වල ඇඩ් අඩුයි. ගොඩක් කොම්පැණි ඇඩ්වටීස්මන්ට් බජට් එක කපලා.
    අන්තිම පිදුරු ගහ වෙච්ච වර්ල්ඩ් කප් එක සියතට ගියා. ඒකෙන් හුණු පෑලෑන් එකම වැටෙන්න ඇති මාර්කටින් ඒකේ. ඒ. ලබ්බ පේන්නේත් නැහෑ.
    ඔතන ඔය කියන තරම් ගැටලුවක් නැහෑ. ඕක විකුනන්න බැහැ. හැබයි ආණ්ඩුව වගකීමක් ගන්න ඕනේ ඔය වගේ වැඩ බැරි අපතේක්ව දූපු ඒකට. අනික ඕවායේ අධ්‍යක්ෂ ජනරාල් කියලා පත් වෙන්නේ ඕවායේ දේශපාලන විතරක් කරපු අපතයෝ. උන් නොදන්න ලබ්බක් නැහැ. හැබයි වැඩත් බැහැ. ඉන්න අමුම කාලකන්නි තමා උන්. අන්තිමට ගසාකාලා තමා යන්නේ. ගුවන් විදුලියත් එක්ක සම්බන්ධතා තියන හින්දා දන්නේ. කරගහතැන්න main cable එක අලුතින් දාලා සති දෙකෙන් පිච්චිලාලු. අගල් දොළහක තනි තබ coaxial cable එකක්. ඒ ගිය ආණ්ඩුව දාපු එකෙක් ගසා කාලා. දැන් ආයේ ඕක දාන්න මේ ආණ්ඩුවේ උන් ගසා කනවා. ඉන්න සභාපති බබාලාට වෙනවා. රූපවාහිනිත් මේ ය සෙල්ලම තමා. හැබයි ඔය ආයතන දෙකම තමුන්ගේ සල්ලි වලින් යැපෙන්න ඕනේ.