කලින් මන් දාපු ලිපියක් කියවපු මහත්තයෙක් අහල තිබ්බා ඇයි රුපියල් අච්චු ගහන්නෙ කියලා. මේක මේ වෙනකොට දැවෙන ප්‍රශ්නයක් වෙලා. චෝදනා ගනනාවක් එල්ල වෙනවා රුපියල් අච්චු ගැසීම හොද නෑ කියලා. පිළිතුරු දෙන මිනිස්සු කියනවා එහෙම අවුලක් නෑ කියලා. මේකේ ඇත්ත කතාව මොකක්ද?
මං කලින් ලිපියක් දැම්මා අපිට ඩොලර් භාවිතා කරන්න බැරි ඇයි කියලා. එතෙන්දි මං කිව්වා අපි ඩොලර් අච්චු ගැහුවොත් ඇමෙරිකාවෙත් ආර්ථික ප්‍රශ්ණ ඇති වෙනවා කියල. මුදල් අච්චු ගැහුවොත් උද්දමනය ඉහල යාම සිද්ද වෙනවා. උද්දමනය ඉහල යනවා කියන්නෙ භාණ්ඩ වල මිල ඉහල යනවා කියන එකයි. භාණ්ඩ වල මිල ඉහල ගියාම අපේ අතේ තියෙන මුදල් මදි වෙන්න පුළුවන් භාණ්ඩ මිළදී ගන්න.
ඊළඟට උද්දමනය නිසා ආයෝජකයෝ පැමිණීම සීමා වෙනවා. හිතන්න ඔවුන් ඩොලර් මිලියනයක් ලංකාවේ ආයෝජනය කලා කියලා. එතකොට ඒක රුපියල් වලට හරවන්න නම් 225න් වැඩි කරමු. එතකොට රු මිලියන 225ක් ඔවුන් ලංකාවේ ආයෝජනය කරනවා. හැබැයි උද්දමනය නිසා විදේශ විනිමය අනුපතය නිතර අඩු වෙනවා. අවුරුද්දකට පස්සේ ඩොලරයක් සදහා රු 250ක් ගෙවන තැනට ආවොත් අර කලින් ආයෝජනය කරපු ඩොලර් මිලියනයේම වටිනාකම වෙනවා රු මිලියන 250ක්. ආයෝජනය තුලින් අවුරුද්දක් තුල රු මිලියන 240ක ශුද්ධ ලාභයක් ආයෝජකයා හෙව්වොත් රුපියල් නැවත ඩොලර් වලට හරවන කොට රු මිලියන 10ක පාඩුවක් ආයෝජකයාට සිද්ධ වෙනවා. ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 40,000.00 ක් පාඩුයි. මෙහෙම උනාම ආයෝජකයෝ පැමිණීම දුර්වල වෙනවා. අනිත් එක හිතන්න ආයෝජකයෙක් ලංකාවේ කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා කියලා. උද්දමනය නිසා සේවක පඩි නඩි නිතර වැඩි කරන්න වෙනවා. ඒ වගේම අනෙකුත් පහසුකම් විදුලිය, ජලය, අමුද්‍රව්‍යය, ප්‍රවාහන සේවා, දුරකථන ගස්තු වගේ අටෝ රාශියක් දේවල් වල මිළ වැඩි වෙනවා. එහෙම උනාම ආයෝජකයෙක්ට ලාභයක් ගන්න අමාරු වෙනවා.
ඒවගේම උද්දමනය නිවැරදිව කළමණාකරනය කරගන්න බැරි උනොත් ජාත්‍යන්තරයෙන් ණය ගැනීමත් අමාරු වෙනවා. මොකද උද්දමනය නිසා පවතින රජයේ ආර්ථික ප්‍රතිපත්ති හොද නෑ කියලා ජාත්‍යන්තරේට පණිවිඩයක් යනවා. එතකොට කවුරුවත් අපිට ණය දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.
උද්ධමනය වැඩි වීමත් එක්ක භාණ්ඩ මිල ඉහල යන නිසා ඉල්ලුම අඩුවෙනවා. ඉල්ලුම අඩු වෙනකොට නිශ්පාදනය අඩු වෙනවා. නිශ්පාදනය අඩු වෙනකොට මිනිස්සුන්ව රැකියා වලින් එලියට දානවා. එතකොට විරැකියාව ඇති වෙනවා. විරැකියාව නිසා මිනිස්සුන් නැවත දුප්පත් වෙනවා. දුප්පත් මිනිස්සුන්ට අහාර, බෙහෙත් වගේ අත්‍යවශ්‍යය දේවල් ගන්න සල්ලි නැතිව දුක් විදිනවා. ඒත් එක්කම මිනිසුන් විෂමාචාර වලට ගොදුරු වෙනවා. හොරකම, ගණිකා වෘතිය, කුඩා දරුවන්ව විකිණීම වගේ විශමාචාර වැඩි වෙනවා.
මේ වගේ ඉතාම දරුණු කඩා වැටීමක් ආර්ථික අතින් සහ සමාජීය අතින් සිද්ද වෙන්න පටන් ගන්නවා.
දැන් ඉතින් කට්ටියට හිතෙනවා ඇති මෙච්චර විනාශයකට රට ඇදලා දාන්න නේද මේ දේශපාලකයෝ රුපියල් මුද්‍රණය කරන්නෙ කියලා. පොඩ්ඩක් ඉන්න. තාම කථාව ඉවර නෑ. අපි ඉස්සෙල්ලම මතක තියා ගන්න ඕනේ උද්ධමනය ඇති වෙන්නෙ මුදල් අච්චු ගැහීමෙන් විතරක් නොවන බව. අධික ඉල්ලුම නිසා වගේම සීමීත සැපයුම නිසාත් උද්ධමනයක් ඇති වෙන්න පුළුවන්. හොදම උදාහරණෙ තමා තෙල් මිල. තෙල් කියන්නෙ සීමිත සම්පතක් නිසා නිතරම මිළ ඉහල යනවා. ඒ වගේම එක වර ඇති වන පාරිභෝජන රටාවෙ වෙනස් කම් නිසාත් උද්ධමනයකට මුහුණ දෙන්න සිද්දවෙනවා. උදාහරණෙකට හදිසි අවස්ථා ( ගංවතුර, නායයාම්, සුනාමි, යුද්ධ, දේශපාලන අස්ථාවරත්වය ) වගේ දේවල් දක්වන්න පුළුවන්. ඒ වගේම බදු වැඩිකිරීම, ජාත්‍යන්තර වෙළඳපොලේ භාණ්ඩ මිළ ඉහල යාම වගේ දේවලුත් උද්ධමනයට සෘජුවම බලපානවා. මේ හැම එකකදිම සිද්දවෙන්නෙ එකම දෙයයි. ඒ තමයි ඉල්ලුම සහ සැපයුම අතර ඒ තාක් තිබුන සමතුලිතය බිඳී යාම.
අපි ආයි මාතෘකාවට එමු. සල්ලි අච්චු ගහන එකෙන් උද්දමනයක් ඇති වෙලා රට විනාස වෙනවා කියලා බොහෝ දෙනෙක් කෑ ගහන නිසයි උද්ධමනය ගැන පැහැදිලි කලේ. ඇත්තටම සල්ලි අච්චු ගහන එක හොද නැද්ද. හරියටම කිව්වොත් සල්ලි අච්චු ගහන එකේ හොදකුත් තියෙනවා. ආර්ථික විද්‍යාවේදී අපි කියන දෙයක් තමයි රටක ආර්ථිකය නිතරම ප්‍රසාරණය වෙන්න ඕනේ කියන එක. රටක ආර්ථිකය ප්‍රසාරණය වෙනවා කියන්නේ ඒ රටට වැඩි පුර සල්ලි ඕනේ වෙනවා කියන එකයි. උදාහරණෙකට කිව්වොත් ඔයා ගිය අවුරුද්දේ සියළු විය හියදම් වලින් පස්සෙ රුපියල් ලක්ශයක් ඉතුරු කරලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ ඔයා වැඩි පුර ඕ.ටී. ටිකක් එහෙම කරලා වැඩිපුර සල්ලි ඉතුරු කරනවා. මේ අවුරුද්දේ රුපියල් ලක්ශ 2ක් ඉතුරු කලා කියමු. එතකොට ඔයා ගාව වැඩිපුර සල්ලි තියෙනවා කියන්නේ ගිය අවුරුද්දට සාපෙක්ශව මේ අවුරුද්දේ ඔයාගේ ආර්ථිකය ප්‍රසාරණය වෙලා. සම්පූර්ණ රටක්ම ඔය විදියට හොදට වැඩ කරලා හොද ආදායමක් ලබාගෙන තිබ්බොත් ඒ කියන්නේ රටේ තියෙන සල්ලි ප්‍රමාණෙ වැඩි වෙලා තියෙන්න ඕනේ. එහෙම ආර්ථික ප්‍රසාරණෙකදි සල්ලි අච්චු ගැසීම ගැටළුවක් නෙවෙයි.
ඒ වගේම සංචාරක කර්මාන්තෙ දියුණු වෙලා, විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඉපයීම් වැඩි වෙලා, නිශ්පාදනය වැඩි වෙලා, අපෙ අපනයන තත්වේ දියුණු වෙලා, අපේ ආනයන අඩුවෙලා අපිට විදෙස් මුදල් ගලාගෙන එනව අවස්ථාවක ඒ එන විදෙස් මුදල් වල අගයට සමාන අගයකින් රුපියල් මුද්‍රණය කලාට කමක් නෑ. මොකද ඔය එන විදෙස් මුදල් ලංකාව ඇතුලෙදි පාවිච්චි කරන්න නම් අනිවාර්යෙන් රුපියල් බවට පරිවර්ථනය වෙන්න ඕනේ.
ඒ වගේම රටේ ජනගහනය ඉහළ යනවිට ඒ සදහාත් මුදල් පරමාණය වැඩි කර ගත යුතුයි. මොකද වැඩිවෙන ජනගහනයට පාවිච්චි කරන්න ගැලපෙන විදියට මුදල් නොතිබුනොත් ඒකෙන් විරැකියාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකටත් සල්ලි අච්චු ගහන්න වෙනවා. හැබැයි එහෙම අච්චු ගහන එක ඒ තරම් හොද නැහැ කියලයි ගොඩක් අර්ථික විද්‍යාඥ්ඥයෝ කියන්නෙ.
හැබැයි ඔය කිසි දෙයක් සිදු නොවීත් මේ වන විට රජයෙන් සල්ලි මුද්‍රණය කරමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය නැවතිලා, විදෙස් විණිමය නැවතිලා, අපනයන නැවතිලා තියෙන වෙලාවක මොකටද සල්ලි අච්චු ගහන්නෙ. ඇත්ත කථාව තමයි ඔය හැමදේම නැවතිල තිබ්බට රාජ්‍යය සේවය නැවතිලා නැහැ. නැවතිලා තිබ්බත් රාජ්‍යය සේවකයන්ගේ පඩි ගෙවන්න රජය බැදිල ඉන්නවා. ඉතින් ඒවට රජයට සල්ලි අවශ්‍යය වෙනවා. හැබැයි දැන් රජයට සල්ලි එන මාර්ග ගොඩක් නැවතිලා තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මේ වෙලාවේ රජයේ එකම ආදායම් මාර්ගය තමයි බදු. හැබැයි ඒ ආදායමත් දවසින් දවස අඩු වෙමිනුයි පවතින්නෙ. උදාහරණෙකට පහුගිය දවසක රජය තීරණය කරනවා කිරිපිටි මත තිබෙන ආනයන බදු සියල්ල ඉවත් කරන්න. මේ නිසා රජයේ ආදායම හොදටම අඩු වෙලයි තියෙන්නෙ. මේ නිසා තමයි රජය ගුරුවරුන්ගේ වටුප් වැඩි කරන්න මෙච්චර අමාරුයි කියන්නෙ. මොකද ඒක රටේ ආර්ථිකයට අතිරේක බරක්.
කොහොම හරි රාජ්‍යය නිළධාරීන්ගේ පඩි නඩි ටික ගෙවා ගන්න නම් රජයට රුපියල් ටිකක් අවශ්‍යය වෙනවා. ඒකට රජය පොඩි උප්පරවැට්ටියක් යොදනවා. ඒ තමයි මහ භාණ්ඩාගාරය මගින් භාණ්ඩාගාර බිල්පත් මුද්‍රණය කොට විකිණීම. මේ භාණ්ඩාගාර බිල්පත් මිළදී ගන්නේ මහ බැංකුව. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිළදීගෙන ඒ වෙනුවට රජයට ගෙවන්නෙ අළුතින් මුද්‍රණය කරපු රුපියල් නෝට්ටු වලින්. මේ රුපියල් ටික අරගෙන රජය සේවක පඩි නඩි වගේ දෙවල් ගෙවනවා. හැබැයි රජය මේ මුදල් ගන්නේ භාණ්ඩාගාර බිල්පත් කල්පිරෙන දිනේට පොලියකුත් එක්ක අරගනිපු මුදල් ටික මහබැංකුවට ගෙවනවා කියන පොරොන්දුව මත. එතකොට රජයෙන් ප්‍රින්ට් කරලා එලියට දාපු මුදල් ටික නියමිත කාලය අවසන් වනවිට ආයි මහ බැංකුවට ඇදිලා යනවා.
අනිත් කාරනේ තමයි මහ බැංකුව මිළදී ගනිපු භාණ්ඩාගාර බිල්පත් නැවත වතාවක් මහ බැංකුවත් විකුණනවා. ඔය ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගේම අනෙකුත් පෞද්ගලික බැංකු සහ මූල්‍යය ආයතන මේවා මහ බැංකුවෙන් මිළදී ගන්නවා. දැන් සල්ලි ප්‍රින්ට් කරලා එළියට දැම්මට ආයි සල්ලි ටික මහ බැංකුවටම ඇදිලා ගිහින්. ඔය ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව වගේම අනෙකුත් පෞද්ගලික බැංකු සහ මූල්‍යය ආයතනත් මිළදී ගත්ත භාණ්ඩාගාර බිල්පත් නැවත වතාවක් ඔබ මා වැනි අසරණයින් ආයෝජනයක් ලෙසින් මිළදී ගන්නවා. දැන් නැවතවතාවක් අපේ අතට ආපු සල්ලි අපේ අතින් ආපහු මහ බැංකුවට ඇදිලා ගිහින්. දැන් උද්ධමනයක් ඇති වෙන්න තරම් මුදල් රට ඇතුලේ සංසරනය වෙන්නෙ නෑ.
අනිත් කාරණේ තමයි රටක උද්ධමනය ඉහළ යන්න නම් යම් කාල පරිච්ජේදයක් තුල දිගටම මුදල් මුද්‍රණය කරලා රටේ ආර්ථිකයට එකතු වෙන්න ඕනේ. ඒ වගේම ඒ මුදල් නැවත මහ බැංකුවට ඇදිලා යන එකත් නවතින්න ඕනේ. ඔන්න ඔය තත්වේ තමයි මේ වෙනකොට රජය නවත්තගෙන ඉන්නෙ. ඒකයි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න කිව්වට රජය ඒකට බැහැ කියන්නෙ. ඒකයි කොරෝනා මර්දනය කරන්න රට වහන්න කිව්වට රජය කැමැති නැත්තේ. මොකද ඕවා කරපු ගමන් රජයේ ආදායම තවත් නැති වෙලා මහ බැංකුවට ආපහු ගෙවන්න තියෙන භාණ්ඩාගාර බිල්පත් වල මුදල් ගෙවන්න බැරිව යනවා.
ඉතින් වැඩේ පැහදිලියි කියලා මං හිතනවා. සල්ලි අච්චු ගහන පලියටම ආර්ථිකේ කඩන් වැටෙන් නෑ. හැබැයි නිවැරදිව කළමණාකරනය නොකලොත් අනිවාර්යෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා.