අලුත්ම විලාසිතාව... එක්කෙනෙක් ටිකට් කඩනවා. එක්කෙනෙක් සල්ලි එකතු කරනවා. අනුරාධපුරේ ගිහින් ගෙදර එන ගමන් කඩවතින් බැහැලා හයිවේ බස් එකේ එන්න බසයට ගොඩ වුනෙමි. මහත්තයා ටිකට් එක 890 යි. රජයෙන් පත් කල අලුත්ම අලුත් කොන්දොස්තරවරියන් දෙදෙනක් ගෙන් එක් අයෙක් මා ලඟට පැමින කීවේය. එක බස් එකේ කොන්දොස්තරවරියන් දෙදෙනක් රාජකාරියේ යොදවා ඇත. ඒකත් හොඳයි කමක් නැහැ. මම රුපියල් 5000 නෝට්ටුව දික්කලේ මුදල් ගෙවීමට යි. මහත්තය මාරු නැද්ද ? මිස් රුපියල් අනූවක් දෙන්න පුලුවන් ... නෑ එපා කියමින් මුදල් අතේ තිබූ මාස් එක දාගෙන ඉන්න කොන්දොස්තරවරිය රුපියල් 4100ක් මාහට ලබා දුන්නේ ඉතිරි මුදල් ලෙසයි. මාගේ ඉතිරි මුදල් වලින් ඇය රුපියල් 10. ක් වංචා කර තිබිණි .
කඩවත සිට ගාල්ල බලා ගමන් ගන්නා CTB එකට අයත් NE 3519 බස් රථයේ හැම කෙනෙකුට ම එලෙස වූවා දැයි මා නොදන්නා නමුදු මා දුන් අනූව ඇය ගත්තා නම් ඇය මාහට හාරදහස් දෙසීයක් දියයුතු වෙනවා. ඒ ඇය විසින් වංචා කල රුපියල් 10 ද සමගයි . මෙය ඔවුන් විසින් සිතාමතා ම සිදු කරන වැරැද්දක් බව මා ලඟ අසුනේ සිටි මහත්මා කෙනෙක් මා සමග පැවසීය.
අලුතින් පත්වීම් දුන්නේ බස් රථයකට කොන්දොස්තරවරියන් දෙදෙනක් අනුයුක්ත කිරීමට ද ? නැත්නම් මට තනියම ටිකට් කඩන්න බෑ... තවත් කෙනෙක් ඕන කියා ඒ අය කියන නිසා තනියට කෙනෙක් දෙනවා ද? දැන්ම මේ වරද නිවැරදි කරන්න. රුපියල් දහය වුවත් වටිනාකමක් දෙන තැන් ඇත.
බසයේ සිට ගෙදර එන ගමන්...