රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයකට ආසන්න බදු ස
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්රීවරු සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක වටිනාකමකට යටත්ව එනම් ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලකින් තමන් කැමති රථයක් ගෙන ඒමට වාහන බලපත්රයක් ලබා දෙන අතර මෙම වටිනාකමටම රථයක් ගෙන එන අයෙකුට රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයකට ආසන්න බදු සහණයක් ලැබේ. උදාහරණයක් ලෙස ටොයාටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ වාහනයක් සඳහා රුපියල් තුන්කෝටි තිස්හතර ලක්ෂ පනස් හත්දාහස් පන්සීයයක (රු. 33,457,500) බදු සහනයක් ලැබෙයි.
බොහෝ මන්ත්රීවරු එම වටිනාකම සහිත වාහන ගෙන්වා රුපියල් කෝටි 3කට ආසන්න මුදලකට විකිණීම සිදු කරනු ලබයි. අදාළ මන්ත්රීවරයා තමන්ගේ නමට වාහනය ගෙන්වා මිලදි ගනු ලබන පුද්ගලයාගේ නමට වාහනය ලියාපදිංචි කරනු ලබයි.
ඒ අනුව මහජන සේවය සඳහා මන්ත්රීවරු වෙත ලබාදෙන වාහන බලපත්රයෙන් වාහන ගෙන්වා වෙනත් පුද්ගලයන්ට විකිනීම තුළින් රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයකට ආසන්න හෝ එය ඉක්මවූ මුදලක් මහා භාණ්ඩාගාරයට අහිමි වෙයි.
එම වාහනය වසර 05ක්අ යනතුරු න්සතු කිරීම බරපතල වරදක් ලෙස පැවතියද මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී එසේ විකීමට ඇති නීතිමය බාධාව ඉවත් කරන ලදී. ඒ අනුව කෝටියක් වැනි මුදලකින් වාහනයක් ගෙන්වා එය ඉතා ඉහළ මිලකට විකුණා එම මුදල් තම පුද්ගලික ගිණුම්වලට බැර කරගැනීමට මන්ත්රීවරුන්ට අවාස්ථාව උදා විය.
ඒ අනුව මේ වනවිට මන්ත්රීවරු තමන් ගෙන්වූ වාහන වෙබ්අඩවිවල පත්තරවල දැන්වීම් පලකරමින් විකිණීමට පටන් ගෙන තිබේ.
එසේ වාහන බලපත්රය විකිණූ මන්ත්රීවරුන්ගේ ලේඛණයක් අප වෙත ලැබී ඇති අතර එය පහතින් පල වේ.