රුපියල් බිලියන 1229ක අතුරු සම්මත ගිනුමක්??
සුනිල් හදුන්නෙත්ති ගේ මුහුණු පොතෙනි
ආණ්ඩුව හංගපු දෙයක් ජනතාවගේ දැන ගැනීමට අපි අද හෙළිකරනවා.
පහුගිය අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වූ නිසා අයවැයක් සම්මත කර නොගෙන මේ වසරේ අප්‍රේල් 30 වනතෙක් වියදම්වලට පාර්ලිමේන්තුවෙන් සල්ලි වෙන්කර ගත්තේ අතුරු සම්මත ගිණුමකින්. මාර්තු මාසයේ දෙවැනිදා පාර්ලිමේන්තුවත් විසුරුවා හැරියා. 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය පනත යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සති 3ක් ඇතුළත රටේ මූල්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. මාර්තු 23වැනිදා ඒ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කළා. මුදල් ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා වාර්තාවට අත්සන් කර තිබෙනවා. වාර්තාවේ 12වැනි පිටුවේ ආණ්ඩුව මුදල් වෙන් කරපු තවත් අතුරු සම්මත ගිණුමක් ගැන සඳහන් වෙනවා. මාර්තු සිට මැයි මාසය දක්වා කාලයට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයා මාර්තු 06වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස 3කට අදාල අතුරු සම්මත ගිණුමක් සකස් කළ බව එයින් කියවෙනවා. හැබැයි මාර්තු 06වැනිදා පාර්ලිමේන්තුව රැස් වුණේ නැහැ. එහෙම නම් රු. කෝටි එක් ලක්ෂ විසි දෙදාස් නවසීයකට අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කරගෙන තිබෙනවා. අතුරු සම්මත ගිණුමකට ඡන්දය විමසන්න ඕනෑ. මාර්තු 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර තියෙද්දී මේක සම්මත කරගත්තේ කොහොමද? මේ අතුරු සම්මත ගිනුම හැදුවේ කවුද? පාර්ලිමේන්තුවේ ඡන්ද විමසා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නේ නැතිව ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙකුට බැහැ. එය නීති විරෝධීයි.
මේ අතුරු සම්මත ගිණුමෙන් ආදායම රු. කෝටි හතලිස් දෙදාහක් බවත් වියදම රු. කෝටි එක් ලක්ෂ විසි දෙදාස් නවසීයක් වශයෙන් සඳහන් වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවපු දිනයත් මේ වාර්තාවේ අතුරු සම්මත ගිණුම සම්මත කළ දිනයක් හැටියට දාන්නේ කොහොමද? මේක නිල ලේඛනයක්. දැන් විවාදයට ලක්වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉකුත්වන තෙක් රජයේ සේවාවන් සඳහා මුදලක් අවශ්‍ය වේ යැයි ජනාධිපතිවරයා සලකන්නේ නම් එම මුදල ඒකාබද්ධ අරමුදලට නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමටත් ජනාධිපතිවරයාට බලය තියෙනවා කියලා. පැහැදිලිවම මේ කියන්නේ අතුරු සම්මත ගිණුමක් ගැන නෙවෙයි. මේ කියන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දිනයේ ඉඳලා ඉදිරි අයවැය සම්මත කරගන්නා තෙක් මාස 3ක් තුළ වියදම් කරන්න ඒකාබද්ධ අරමුදලින් සල්ලි වෙන්කර ගැනීමේ බලයක් ජනාධිපතිතුමාට තියෙන බවයි. නමුත් මේ සිදුකර තිබෙන්නේ රු. කෝටි එක්ලක්ෂ විසි දෙදාස් නවසීයක අතුරු සම්මත ගිණුමක් හදාගත්තා කියලයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී සම්මත කරගත්ත බව කියන අතුරු සම්මත ගිණුමක් ගැනත් එය සාධාරණීකරණය කරන්න සමහර අය විහිළු තර්ක ඉදිරිපත් කරන එකත් රටේ ජනතාව දැනගන්න ඕනෑ. ජනාධිපතිවරයාට හිතෙන හැටියට මුදල් වියදම් කරන්න නීත්‍යානුකූල අයිතියක් නැහැ. මුදල් වියදම් කරන්න බලයක් නැතිව ඒකාධිපති ස්වරූපයකින් බලයක් අතට ගෙන ව්‍යාජ ලේඛනයන් සකස් කර තිබීම ඉතාමත් බරපතල දෙයක්. මුදල් ඇමතිවරයා, අමාත්‍යාංශ නිලධාරින් මේ වගේ ගිණුමක් සකස් කළ බවට පිළිගන්නවාද කියලා රටට කියන්න ඕනෑ.
https://m.facebook.com/story.php?story_fbid=1576067739207283&id=386739541473448

Last edited: