රුපියලේ අගය ඉහළට
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය සියයට 0.96 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
විදේශීය ලැබීම් ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය මෙලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ වසරේ ප්රථම භාගය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 413 ක (රුපියල් මිලියන 45430) වටිනාකමින් යුතු ඍජු විදේශීය ආයෝජන ලැබී තිබෙන බව සඳහන් කරන ශ්රී ලංකා මහ බැංකුව මේ වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 11000) ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරයි. මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ශ්රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්රී ලංකා මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ දෙපාර්තමේන්තුව කියයි.