රුපියලේ අගය

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • බැංකුවක වැඩ කරන හින්දා මේවා පොඩ්ඩක් දන්නවා ඉතින් . USD එකෙයි රුපියලෙයි විනිමය අනුපාතය වෙනස් වෙන්නේ මෙහෙමයි.

    හිතමු අද අනුපාතය 1:100 කියලා . ඔතන ඉඳන් වෙනස් වෙන්නේ මෙහෙමයි.

    රට ඇතුලට එන USD ප්‍රමාණයයි එලියට යන ප්‍රමාණයයි බලන්න ඕනේ. දවසකට රට ඇතුලට USD 50 million (exports) ඇවිත් USD 50 million (imports) එලියට ගියා කියමු. එතකොට US reserve එකට සාපේක්ෂව අඅපේ රටේ වටිනාකම වෙනස් වෙලා නෑ. එතකොට විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නෑ .

    දැන් අපේ රටේ වැඩ කරන විදියට USD 50 million විතර දවසකට එලියට යනවා, එත් දවසකට ඇතුලට එන්නේ USD 5 million විතර. එතකොට වෙන්නේ US reserve එකට සාපේක්ෂව අපේ රටේ වටිනාකම අඩු වෙන එක. ඔය වෙනස තියෙනකල් රුපියලට සාපේක්ෂව USD එක 100 ඉඳන් 102කට විතර එදාම වැඩි වෙනවා. ඊළඟ දවසෙත් ඔය කතාවමයි, ඉතින් තව රුපියල් 2ක් වැඩි වෙනවා. ඕක තමයි රුපියල පාවෙනවා කියන්නේ.

    මහා බැංකුවෙන් අගයක් නියම කරද්දී වෙන්නේ මේකයි. උඩින් කියපු උදාහරනෙම ගමු. පලවෙනි දවස ඉවරවෙලා මහා බැංකුව කියනවා අදත් වටිනාකම 1:100 කියලා. එතකොට මහා බැංකුවෙන් අපේ තියෙන reserves වලින් අර මදි පාඩු වෙච්ච USD 45 million ප්‍රමාණය market එකට දෙන්න ඕනේ. එතකොට වෙන්නේ රටේ සම්පුර්ණ වටිනාකම අඩු වෙන එක. එකත් හොඳ නැහැ.

    ඊයේ පෙරේදා වෙනකල් වුනේ ඔකේ අතරමැදි අවස්ථාවක්. බැංකුවෙන් මිල නියම කලේ නැහැ, එත් රුපියලට ආතල් එකේ පාවෙන්න නොදී reservers වලින් පොඩ්ඩ පොඩ්ඩ market එකට දාල වින්මය අනුපාතය shape එකේ තියාගත්තා.

    මේක හදන්න තියෙන්නේ විදි දෙකයි. එක්කෝ exports වැඩි කරන්න ඕනේ, නැත්තම් imports අඩු කරන්න ඕනේ. අපිට export කරන්න ඇති ලබ්බක් නැති නිසා ඉතින් imports වලට කෙලින එක තමයි කරන්න තියෙන එකම දේ. දැනට ලංකාවෙන් වැඩිම සල්ලි එලියට යන්නේ තෙල් වලට සහ වාහන වලට. තෙල් ගණන් අඩු කරනවා නම් ඉතින් වාහන වලට tax සහ duty වැඩි කරන්න ඕනේ. රැවුලයි කැඳයි දෙකම තියාගන්න බැ .

    ඉතාමත්ම සරල පැහැදිලි කිරීමක් .මීට වඩා කියන්න ගියොත් පොඩ්ඩක් බරපතල වෙයි :lol:

    සිරාවටම තේරුණා බං :)
    තමන් දන්න දෙයක් තව එකෙක්ට තේරුම් කරන්න පුළුවන් හැකියාව උඹට තියනවා
    එළ..

    P.S. : බැංකු වල Buuruwo ත් වැඩ කරනවද :dull:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දවසකට 1 LKR වගේ වැඩි වෙනවනේ. මෙහෙම ගියොත් 200 ටම යයි. රටෙන් ගේන හැම මගුලම ගණන් යයි.


    200k unoth merata loku prashnayaka mathu wei, denatamath dollar eke agaya wediy, 2010 tibuna rate eke sapekshawa, 2010 100-112 pavathuna mila, dan 142.50k dakwa wedi wela tiyenawa, e kianne avurud 5kin 35%kin adu wela tiyenawa Ape rupiyala, mekata kata vagakiannada kiala danne nehe.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වූ.......ම්......
    මෙහෙමයි....

    දැන් උඹ ගාව තියනව මොනව හරි බඩුවක් (නෑ නෑ..භාණ්ඩයක්, කොස් ඇටයක් කියමු!)
    ඕන නම් උඹට පිළුවන් මේ කොස් ඇටේ රුපියල් 50යි කියල විකුනන්න...
    නැත්තං උඹ මිලක් නියම නොකර ඉන්නව...එතකොට උඹ ගාව තියෙන්නේ ලෝකේ තියන අවසන් කොස් ඇට වලින් එකක් නම්, ඕක ගන්න ඕන උන් නිකං බිඩ් කරනව වගේ කරනවා...මම දෙන්නං 60ක්, මං දෙන්නම් 150ක් වගේ...
    ඒ මගින් ලෝකේ සියළු කොස් ඇට අයිති උන්ට මිලක් නියම වෙනව මෙන්න මේ ගාන තමා කොස් ඇටේ වටින්නේ කියල....
    අන්න ඒ වගේ දෙයක් ඕක...

    මට දැනට එකපාරට ම පහදල දෙන්න පුළුවන් විදියටයි ලිව්වේ ඈ!

    දැන් කොස් ඇටයැක් රුපියල් 150ක් වෙනවැයි කිබුලයියේ....


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: