ඩොලර් එක පා කරොත් ඩොලර් එක 250+ වගේ යනවා.
දැන් 4 usd = රු800
පා කරොත්
4 USD = රු1000
ගොඩක් අයට import බඩු ගාණ වැඩි නිසා දරාගන්න බැරි වෙනවා. Business කරන අයට ඒවා ගෙනාවත් විකුණා ගන්න ඉල්ලුම අඩු වෙනවා. තියෙන බඩු ටික විකුණ ගන්න බැරි කොට අලුතින් ගෙන එක නවත්තනවා.එතොකොට ඩොලර් වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා.
ඉල්ලුම අඩු උනාම, ඩොලර් එක තව චුට්ටක් අඩු වෙනවා.
1 USD = රු230
එතොකොට ආපහු කට්ටියක් දැන් ඩොලර් එක අඩු නිසා බඩු ටිකක් ගෙන්න බලනවා එතොකොට ඩොලර් වල ඉල්ලුම වැඩි වෙනවා ගාණ අපහු පොඩ්ඩක් වැඩි වෙනවා.
ඕක ඉතින් මිලියන් ගණන් වලින් සිද්ද වෙනවා බොහොම වේගෙකින්, එක තැනකදී නතර වෙනවා. ඒ නතර වෙන තැන තමා රුපියලේ නියම අගය.