රුවන්වැලිසෑ ගර්භයේ අභිරහස

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රුවන්වැලිසෑ ගර්භයේ අභිරහස

    53509516_2089936551054772_2446004301936459776_n.jpg

    රුවන්වැලි සෑ මැළුවේ පාදමේ සතර කොණ පිහිටා තිබෙන ඇත් දළ සතරෙහි ඔබ නොඇසූ කතාව.

    රුවන්වැලි සෑය බෞද්ධාගම තුළ විශේෂයෙන් කැපී පෙනෙන ස්තූපයක්. විශේෂයෙන් මෙරට බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන අති උතුම් පූජා භූමියක්.

    අපිට ඒක එහෙම උනාට එය සැබැවින්ම එදා සිටි දේශීය ඉන්ජිනේරුවන්ගෙ අති සාර්ථක නිමැවුමක්, මෙය සෑදීම ආරම්භ කිරීමේ හිඳ අවසානය දක්වා දේශීය සාහිත්‍ය අපිට බොහෝ කතාන්දර ගෙනහැර පෑවත් එදා සිටි ඉදිකිරීම් ශිල්පීන්ගේ හැකියාව ගැන සාහිත්‍යයේ ඉඩක් වෙන් නොවීම තරමක පුදුම සහගත කරුණක්.

    රුවන්වැලිසෑය කියන එක මඳක් අමතක කොට ඔබ මෙය අර්ධ ගෝලාකාර ඝනවස්තුවක් සේ සලකන්න...

    මෙයට නිශ්චිත ස්කන්ධයක් තිබෙනවා, එයට සාපේක්ශ බරක් කේන්ද්‍රයේ සිට පහලට ක්‍රියාත්මක වෙනවා (ගුරුත්වය g=9.8ms-1). මේ අනුව එය නිශ්චලව පොලවෙහි ස්තාපනය කර තැබූවද එයට විය හැකි උපද්‍රව තිබෙන බව ඔබට සිතිය හැකියි.

    ඔවු.. එදා ඉදිකිරීම ශිල්පියාත් මෙය දැනගෙන හිටියා. අප ජීවත් වන්නේ පෘථිවි ගෝලයේ ඉන්දියානු තැටිය තුලයි. එය මායිම් වන්නෙ ඕස්ට්‍රේලියානු තැටියට හා බුරුම තැටියටයි (භූ තැටි ගැන ඔබ දන්නේ යැයි සිතමි). මෙම තැටි මායිම් අතර නිතර භූකම්පන ඇතිවන බව ඔවුන් පවා දැන සිටියා.

    මෙම භූකම්පන තුළින් සෑයට යම් හානියක් වේදැයි නිසැකවම දැන ගැනීමට ඔවුන්ට අවශ්‍ය උනා. අන්න එම හේතුව නිසායි මෙම ඇත්දළ යොදාගත්තෙ. මේවා තරමක් දිග ඇත්දළ (මේ සදහා වෙන යම් දෙයක් ,ලී වැන්නක් යොදාගත හැකිව තිබුණත් සෑයට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් එයට ඇත්දළ යොදාගත්තා)

    මේවා සෑයේ පාදම දක්වා දිවෙනවා.සෑයට යම් හානියක් වන්නේ පාදමට හානි වූවහොත් පමණයි.මේ හේතු නිසා පාදමේ සිට දිවෙන ඇත්දළ සතරක් සෑයේ සතර කොන ස්තාපනය කරා. විවිධ කාල වලදී මෙම ඇත්දල ඉහලට පහලට මතුවීම සිදුවනවා.

    දැඩි හිරු රශ්මිය සහ සෑය අවට මානව ක්‍රියාකාරකම් නිසා තරමක් මෙය දැන් අඩපණව පැවතියත්. එවක සෑයේ ආරක්ශාව ගැන සොයා බැලීමට මෙය වටිනා දර්ශකයක්ව තිබුණා.

    මේ සම්බන්ධව විවිධ මිනිසුන් විවිධ මත පල කලත් මේ වනවිට පිළිගත හැකි මතය වන්නෙ මෙය යැයි හැඟේ.

    තොරතුරු උපුටාගැනීම අන්තර්ජාලයෙනි.

    වහරක ස්වාමින්වහන්සේට අනුව රුවන්වැලිසෑය යනු ගෞතම බුදුරදුන්ගේ දේහය අදාහනය කල ස්ථානය වන අතර ධාතු ගර්භයේ රනින්කල ඇතුන් සහ නෙලුම් මල් සමග රනින් කල ත්‍රිපිටකයද ධාතුන්වහන්සේලා සමග නිධන්කර ඇති බව උන්වහන්සේ පවසයි .දාගැබේ ස්ථාවරබව සදහා කුට්ටම් පොකුණේ සිට නල මාර්ග දාගැබේ ගර්භයට යන බවද උන්වහන්සේ දේශනා කර ඇත... ථූපවංශය (1969) අනුව රුවන්වැලිසෑ ධාතු ගර්භයේ චිත්‍ර භික්‌ෂූන්වහන්සේ විසින් අඳින ලද බව සඳහන් වේ.සලකළ මළුවේ ගිනිකොන දිගින් ඇති ශිල්ප ස්ථම්භ පෙළ සුර්ය දේවාලයේ නටබුන් විය යුතුය

    ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.
     
    • Like
    Reactions: sadeeep and IKL

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,467
    67,806
    113
    dan samantha badra hamuduruwo kivve udin yana ewa boru kiyala.indian un lu ewa liyala tiyenne hindu agameth udin yana hinda,ehema udin yana ewa buddagame nethilu.
     
    Feb 9, 2019
    833
    64
    0
    කවුරු මොනා කිව්වත් අතිවිශිෂ්ඨ පුරාණ ඉංජිනේරු නිර්මාණ. :)
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,173
    1,015
    113
    www.youtube.com
    අදයි මෙහෙම දෙයක් ගැන දැනගත්තේ. අයිත් ගිය වෙලාවක බලන්න ඕනේ.. රෙප්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වහරක ස්වාමින්වහන්සේට අනුව රුවන්වැලිසෑය යනු ගෞතම බුදුරදුන්ගේ දේහය අදාහනය කල ස්ථානය වන අතර ධාතු ගර්භයේ රනින්කල ඇතුන් සහ නෙලුම් මල් සමග රනින් කල ත්‍රිපිටකයද ධාතුන්වහන්සේලා සමග නිධන්කර ඇති බව උන්වහන්සේ පවසයි .දාගැබේ ස්ථාවරබව සදහා කුට්ටම් පොකුණේ සිට නල මාර්ග දාගැබේ ගර්භයට යන බවද උන්වහන්සේ දේශනා කර ඇත... ථූපවංශය (1969) අනුව රුවන්වැලිසෑ ධාතු ගර්භයේ චිත්‍ර භික්‌ෂූන්වහන්සේ විසින් අඳින ලද බව සඳහන් වේ.සලකළ මළුවේ ගිනිකොන දිගින් ඇති ශිල්ප ස්ථම්භ පෙළ සුර්ය දේවාලයේ නටබුන් විය යුතුය

    ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

    මේක නං රත්තරං අස්පයන්ගේ කතාව වගේ. මහින්ද ප්ලීස්

    දල වසයෙන් මේ පහන් අවරුදු 2000ක් දැල් වූයෙ නම් දිනකට තෙල් ලීටර් එකක් (ඊට වඩා වැය වේ) ගානේ බැලුවොත් 1x365x2000 = 730,000L සිංහ තෙල් අවශ්‍ය වන අතර තවත් 2500ක් දැල්වීමට එවැනිම ප්‍රමාණයක් අවශ්‍ය වේ. :shocked:
     
    රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල්වගේ.. මිනිස් ගුනේ සැමදා බැබලේ..
    එය රැකීම අප උරුමෛ් වේ...:cool:
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    https://www.google.com/search?q=ruw...=chrome-mobile&ie=UTF-8#imgrc=_-EbmWHPk3YXwM:

    මේ තියෙන්නෙ සුද්දො රුවන්වැලිසෑය හදන්න කලින් එහි ඡායාරුඉපයක්.මේක වසර දෙදාහක් පැරණි එක නොවේ.පොළොන්නරු යුගයේ පැරකුම්බා හා නිශ්ශන්ක මල්ල ප්‍රතිසන්ස්කරණ කරපු එක ආයේ හයවන පැරකුම්බ කීර්ති ශ්‍රී රාඅජසින්හ හැදුවටත් පස්සෙ ඉතා කෙටි කලකින් මැටි පස් ගොඩක් වී ඇති හටි. සුද්දන්ගේ තාක්ෂණයෙන් හැදුව්ස්ට පස්සෙ තාම හොඳට තියෙනව
     
    Grand Inquisidor

    Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    දැන් තියෙන හැටියට ඕක හදනකොට සුද්දො ගොඩක් ආධාර කරල තියෙනව. හැබැයි දුටු ගැමුණු රජ්ජුරුවන්ට සේරම අමුද්‍රව්‍ය ළඟට ගෙනත් දීපු දෙවිවරු කවුරුවත් එක සිමෙන්ති කොට්ටෙකින් ආධාරයක් කරේ නෑ කියල වල්පොල රාහුල හාමුදුරුවො ඒ කාලෙ ගොඩක් නෝක්කඩු කිව්ව
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් තියෙන හැටියට ඕක හදනකොට සුද්දො ගොඩක් ආධාර කරල තියෙනව. හැබැයි දුටු ගැමුණු රජ්ජුරුවන්ට සේරම අමුද්‍රව්‍ය ළඟට ගෙනත් දීපු දෙවිවරු කවුරුවත් එක සිමෙන්ති කොට්ටෙකින් ආධාරයක් කරේ නෑ කියල වල්පොල රාහුල හාමුදුරුවො ඒ කාලෙ ගොඩක් නෝක්කඩු කිව්ව

    මමනම් හිතන්නේ ඔය දෙවිවරු නෙමේ .දේව ගොත්‍රිකයෝ..සමාජයේ පාලකවරු..ප්‍රධානියෝ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    https://www.google.com/search?q=ruw...=chrome-mobile&ie=UTF-8#imgrc=_-EbmWHPk3YXwM:

    මේ තියෙන්නෙ සුද්දො රුවන්වැලිසෑය හදන්න කලින් එහි ඡායාරුඉපයක්.මේක වසර දෙදාහක් පැරණි එක නොවේ.පොළොන්නරු යුගයේ පැරකුම්බා හා නිශ්ශන්ක මල්ල ප්‍රතිසන්ස්කරණ කරපු එක ආයේ හයවන පැරකුම්බ කීර්ති ශ්‍රී රාඅජසින්හ හැදුවටත් පස්සෙ ඉතා කෙටි කලකින් මැටි පස් ගොඩක් වී ඇති හටි. සුද්දන්ගේ තාක්ෂණයෙන් හැදුව්ස්ට පස්සෙ තාම හොඳට තියෙනව

    අනුරාදපුර යුගයෙන් පස්සේ යුගවල තාක්ෂණය සමහර ක්ශේත්‍රවල ගොඩක් පිරිහුනා..