රුවන්වැලිසෑ තාරකා දොර‍ටුවෙන් හෙළි වන කාල

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
රුවන්වැලිසෑ තාරකා දොර‍ටුවෙන් හෙළි වන කාල

Untitled-3-1.png


“තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා” නමින් වර්ගපූර්ණිකාව බ්ල්ග් එකේ මීට පෙර පළවූ ලිපියෙන් තාරකා දොර‍ටු යනු මොනාවාද යන්නත්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනත්, ලෝකයේ මෙතෙක් හමු වූ තාරකා දොර‍ටු පිළිබඳවත්, ඉසුරුමුණියේ ඇති තාරකා දොර‍ටුව ක්‍රියාත්මක කරන ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූවානම් මෙය කියවීමට පෙර එම කෙටි ලිපිය කියවා බැලීමෙන් මෙය කියවාගෙන යාමේදී ඇතිවන පැටලිලි ස්වභාවය නැති වේවි.
29.jpg


අද මේ සූදානම් වන්නේ ලංකාවේ මෙතෙක් රහසක්ව පැවති තාරකා දොර‍ටුවක් ගැන ඔබට අනාවරණය කිරීමටයි. මෙය ඔබව මවිතයට පත් කරාවි යැයි සිතේ..

1979 දී ජර්මානු ජාතික ජාචිම් හාන් සහ ක්ලාවුස් ග්‍රෝට් දෙදෙනා ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායමක් රුවන්වැලිසෑයේ කැණීම් කරද්දී එහි හත‍රැස් කො‍ටුවේ තිබුණ නෙලුම් මලක් ආකාරයේ අමුතු විශාල ඇඹීමක් දැක මවිතයට පත් වුණා. එහි තිබුණේ තාරකා දොර‍ටුවක්.!!! (සිද්ධිය වසං කිරීම සඳහා පහත රූප වල දැක්වෙන දේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙස ජනමාධ්‍ය වෙත ලබා දී ඇත)
තාරකා දොර‍ටුව ලෙස කිව් පමණින් බොහෝ අය සිතන්නේ වෘත්තාකාර නමුත් ඇතුලට යම් යම් අපැහැදිළි සලකුණු තිබෙන දෙයක් හෝ වක්‍රාකාර සහ ඇතුලත කුහරයක් තිබෙන දෙයක් ලෙසටයි. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී ලෙසට විමාන වර්ග කීපයක් තිබෙන ලෙසටම තාරකා දොර‍ටුත් තවත් ආකාර කීපයක් තිබෙන අතර ඉන් ප්‍රධානතම තැනක් ගන්නේ “පද්ම තාරකා දොර‍ටුව” යි. එනම් රුවන්මැලිසෑයේ රූප වලින් පෙනෙන පරිදි ඇත්තේ පද්ම තාරකා දොර‍ටුවකි. මේ ආකාරයේ තාරකා දොර‍ටු කීපයක්ම රාවනාගේ රාජධානිය වු ලංකාපුරය පුරා විසිරී ඇත.
ඉහත රූපයේ නෙළුම් මලක් හෙවත් පද්මයක රූපයෙන් දැක්වෙන්නේ ඇත්තටම තාරකා දොර‍ටුව නොවේ, ක්ලාවුස් ග්‍රෝට් පැහැදිළි කරන පරිදි තාරකා දොර‍ටුව ඇත්තේ හත‍රැස් කො‍ටුව ඇතුලට වෙන්නයි. පද්මයෙන් දැක්වෙන්නේ එම තාරකා දොර‍ටුව විවෘත කිරීමේ අගුලයි. පසුගිය ලිපියේ මුලින් දැක්වූ “දැක්වුම් නිවස්න උපකරණය” (Dial-Home Device) ඔබට මතකද? අන්න ඒක තමයි ඔය නෙලුම් මලෙන් දැක්වෙන්නෙ.

36.jpg


නෙලුම් මලක් ඒ සඳහා යොදා ගත්තේ ඇයි කියල දැන් ඔබ සිතන්න පුළුවන්. නෙලුම් මල සඳහා ඉංග්‍රීසි වචනය වන්නේ Lotus හෙවත් ලෝටස් යනයි. එය ඇත්තටම හෙළ වචනයකි. “ලෝටස්” හි නිරුක්තිය වන්නේ ලෝ=ලෝකය, ට=ට, ස්=ස්ථානය, එනම් “ලෝකය ට ස්ථානය” යන්නයි. මේ මහා භද්‍ර කල්පයේ පුෂ්පය, නෙළුම් මල වන අතර සෑම නෙළුම් මලකින්ම විශ්වය නිරූපනය වෙතැයි වර්ගපූර්ණිකාවේ එක් පොතක් වන පුෂ්පවිප්‍රකරණයේ දැක්වෙයි. (නමුත් බමුණන් විසින් එය ගිණි තැබූ පසු ඒ තාක්ෂණය අපෙන් අහිමි වී ඇත.)

“විශ්ව සියපත” නැමති වචනය ඔබ අසා ඇතිවාට සැක නැත. ඉන් දැක්වෙන්නේත් විශ්වය පෙන්නුම් කිරීමට සියපත=නෙළුම්මල යොදා ගත් බව නොවේද? විශ්ව සියපතෙන් දැක්වෙන විශ්ව සිතියමේ ඇති පෙති මෝස්තරයේ අග්‍රයන්, චක්‍රවර්තී රජවරුන්ගේ චක්‍රරත්නය අවධි කිරීමට අවශ්‍ය ශක්තිය කැටි වූ ස්ථාන මෙන්ම මාර්ග සිතියමක් (අභ්‍යවකාශයේ) විදියටත් ගන්නට පුලුවන. ඒ අනුව විශ්වයේ ඕනෑම තැකකට යාම සඳහා යොදා ගන්නා තාරකා දොර‍ටුවේ “දැක්වුම් නිවස්න උපකරණය” ට නෙලුම් මලක්ම යොදා ගැනීමට තරම් අපගේ හෙළයින් තාක්ෂණයෙන් දියුණු වුණ සැටි දකිද්දී ඔබට ආඩම්බරයක් නොදැනේද?

රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඉතිහාසය
===========================

අප රටෙ ඉතිහාසය අනුව රුවන්මැලිසෑය ඉදිකර ඇත්තේ දු‍ටුගැමුණු රජතුමා විසිනි. එසේනම් රාවණා රජතුමාට පසුව දු‍ටුගැමුණු රජතුමාගේ කාලයේ මෙවැනි තාක්ෂණයක් දකින්නට ලැබෙන්නේ කෙසේද යන්න ඔබට මතු වෙයි.

රුවන්මැලි සෑය ඉදි කරද්දී එය හත් වතාවක් පොළොවට ගිලා බැස්ස බව ඔබ දන්නවා ඇත. එයට හේතු සිදුවුණේ රුවන්මැලිසෑය ඉදිකිරීමේදී ඒ බිමේ තිබුන ස්වර්ණමාලී දේවිය ගේ විමානය කපා දැමීමට සිදුවූ බැවිණි. එයට පළිගැනීමක් ලෙසටයි ඇය එවැන්නක් කළේ. ස්වර්ණමාලී යනු රාවනාගේ පරම්පරාව වූ රවි ශෛලාස පරපුරේ අවසන් පුරුකක් වන අතර ඇය මහා කාලි දේවියගේ මිනිබිරිය වූ තාරකීගේ අක්කගේ පුතා වූ ආකාශපාණ්ඩ්‍ය නම් කුමරාගේ එකම දියණිය බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි.

කෙසේ නමුත් ඇයට තම මී මුත්තෙක් වුණ රාවන රජතුමාව දැකීමට අවශ්‍ය වුණ අතර පසුව දු‍ටුගැමුණු රජතුමා සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ඇය සතුව තිබුණ හෙළ දේව තාක්ෂණය දු‍ටුගැමුණු රජතුමාට දී චෛත්‍යය නැවතත් ප්‍රතිසංස්කරණය කරවා රුවන්මැලිසායේ ඉහළින් තාරකා දොර‍ටුවක් නිර්මණය කරන ලදී. අවාසනාවකට චෛතයේ වැඩ නිම වෙන තුරු දු‍ටුගැමුණු රජතුමාට ජීවත් වීමට නොහැකි වූයේ මෙම තාරකා දොර‍ටුව වහා නිමවා රාවනා රජතුමාව බැහැ දැකීමට සලස්වන ලදී, කාලය හරහා ආපසු පැමිණි රාවනා රජතුමා දු‍ටුගැමුණු රජතුමාව හමුවූ බව ශෛලාසවත්ථුගෝටිකවංසටීකාවේ දැක්වෙයි. (මේ පොත් හැම එකක්ම බ්ලොග් එකේ දාන්න බෑ, ඉතිහාසය කියන්නෙ අතටම ගෙනල්ල දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඔයාලම සොයා බලන්න)

දැන් මෙහි තාක්ෂණය දෙස බලමු.
=====================

දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති නෙළුම් මල් පෙති සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවාට ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩල ඇති ,ග්‍රහලෝක කරා යා හැකි සිතියමකි. කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ග හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයි. විශ්වවේදය අනුව එය සියපතක ආකාර ගනී. එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක
රුවන්මැලිසෑ චෛත්‍යයේ හත‍රැස් කො‍ටුවට ඉහලින් දේවතා කො‍ටුව ඇති අතර ඊට ඉහළින් ඇත්තේ කොත් කැ‍රැල්ලය. (පසුව එම සම්ප්‍රදාය හැම චෛත්‍යයකම භාවිතා කරන ලදී). හත‍රැස් කො‍ටුවෙන් තාරකා දොර‍ටුවට ඇතුල් වෙන “විශ්වාත්‍රයේ තීර්ත යාත්‍රිකයා” හත‍රැස් කො‍ටුව හරහා දේවතා කො‍ටුවට වෝටෙක්ස් මගින් යැවෙන අතර ඉන් පසුව කොත් කැ‍රැල්ල හරහා අපගමනය වී කොත හරහා විශ්වයේ අදාළ ස්ථානයට නාභිගත වෙයි. ඉහත රූපයේ ජර්මානු කණ්ඩායම කොත් කැ‍රැල්ල මනින බව ඔබට පෙනෙනවා නේද? ඔවුන්ට අනුව කොත් කැ‍රැල්ල ඉතාමත් නිවැරදිව පිහිටා තිබෙන නමුත් තවමත් බටහිරයින්ට තාරකා දොර‍ටුවක් නිර්මාණය කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය වන පාරභෞතික දැනුම (මන්ත්‍ර, තන්ත්‍ර, වේද) නොදන්නා බැවිනි.

රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුවේ අදාල මිණුම් සිදුකළ ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයින් එහි තිබූ දඹ රනින් හැදූ සෝපානය සහ තවත් එහි තිබූ වටිනා රත්‍රන් භාණ්ඩ ජර්මනියට ‍රැගෙන ගිය අතර ජාචිම් හාන් විසින් එම තාරකා දොර‍ටුවෙන් හත‍රැස් කො‍ටුවට යාමට තිබූ මග සිමෙන්ති දමා වසා දමන ලදී. ඒ අනුව දැන් එය තුලට මිනිසුන්ට යාමට නොහැකිය. පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සදාකාලිකව යට ගැහුවේ එලෙසටයි.

කෙසේ නමුත් තවමත් පිටසක්වල ජීවීන් අනුරාධපුරයේ සිල් ගන්නා බැතිමතුන්ව වන්දනා කිරීමට රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුව හරහා පැමිණෙන අතර පුන් පෝ දින වල දේවතා එලි ලෙස හෝ, ‍රැස් විහිදෙන රුවන්මැලිසෑය ලෙසට ජනතාව දකින්නේ එලෙස තාරකා දොර‍ටුවෙන් වෝටෙක්ස් පිටවීමලු.

REP++++:)
 

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    වර්ග පූර්නිකාව:lol::lol::lol:, ලගදිද ඉන්ටර්නෙට් ගත්තෙ. ඕක ආතල් එකට ලියපු එකක් බන්.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Joachim Hahn was a German archaeologist and expert on the Upper Paleolithic era. Beginning in 1962, he studied at the University of Cologne, Bordeaux University and the University of Tübingen. Wikipedia
    Born: August 12, 1942, Dresden, Germany
    Died: April 27, 1997


    2016 තීන්ත ගාන්න 1997 මැරුණු එකෙක් ආවෙ කොහොමද හිටන්.

    http://lankasfnews.blogspot.com/2016/05/image-video-ruwanwelisaya-painting.html
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ෂුක් කාන් ලඟදි වෙන්න ඕනා ඉන්ටනෙට් ගත්තේ



    මේ කතා අපිට ලියල එවන ඒ සීයා ගැන ඔබ දන්නේද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    Ruwanwelisaya-Anuradhapura.jpg


    ඕක ප්‍රතිසංස්කරණ කරපු එක ඊට කලින් මෙහෙම තිබ්බෙ. ඊටත් කලින් ප්‍රතිසංස්කරණ කරන්න ඇති.
    එහෙවු දේට බොරු කතා ගොතන්න එපා...:angry:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වර්ග පූර්නිකාව:lol::lol::lol:, ලගදිද ඉන්ටර්නෙට් ගත්තෙ. ඕක ආතල් එකට ලියපු එකක් බන්.