රුසියන් අඟහරු යානය

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    රුසියන් අඟහරු යානය

    කක්ෂයේ හිරවෙච්ච රුසියන් අඟහරු යානය ජනවාරි 15 වැනිදා පොළොවට කඩා වැටෙනවා


    ඔන්න රුසියාවෙන් අඟහරු වෙතට යවලා වැරදිච්ච, ෆෝබෝස්-ග‍්‍රන්ට් නිරීක්ෂණ යානය Phobos-Grunt Mars probe ලබන 15 වැනිදා ආපහු පොළොවට කඩා වැටෙනවා. මිනිසුන් රහිත යානයක් වන මෙහි මුළු බර ටොන් දහතුනහමාරක්. ගිය අවුරුද්දේ නොවැම්බර් 9 වැනිදා ඒක යැව්වේ අඟහරු වටේ භ‍්‍රමණය වන ෆෝබෝස් චන්ද්‍රයාට ගොඩ බැහැලා එහි පස් සාම්පල අරන් එන්නයි. ඒත් ඒක පෘථිවි කක්ෂයෙන් මිදී අඟහරු බලා ගියේ නැහැ. ඒ යානය පෘථිවි කක්ෂයේ හිර වුණා.


    1.jpg


    කාර්මික දෝෂයක් නිසා යානය සමග තිබුණු සන්නිවේදන කටයුතු ඇණහිටියා. ඒ නිසා යානය මෙහෙයවීම පොළොවේ සිට කරන්නට රුසියානු විද්‍යාඥයන්ට හැකි වුණේ නෑ. ඒ අය දන්න හැම දෙයක්මත් කළා ඒක ආපහු යායුතු ගමන් මගට ගන්න. ඊළඟට උත්සාහ කළා පෘථිවි කක්ෂයෙන් ඈතට යවන්න. එහෙම වුණොත් ආපසු පොළොවට එන්නෙ නෑනෙ. ඒකත් බැරි වුණා. දැන් ඉතින් කඩා වැටෙන එක ස්ථිරයි. ඒත් කොහේටදැයි හරියට ම කියන්න බෑ. පෘථිවිය භ‍්‍රමණය වෙන නිසා ඒ අය බලාපොරොත්තු වෙන්නේ උතුරට අක්ෂාංශක 51.4කුත් දකුණට අක්ෂාංශක 51.4කුත් වශයෙන් සලකුණු කෙරෙන තීරයේ කොතැනකට හෝ පතිත වන බවයි. අපේ ශී‍්‍ර ලංකාවත් පිහිටා තියෙන්නේ මේ කියන තීරුව ඇතුළෙයි. අපේ රටට නොවැටේවායි ප‍්‍රාර්ථනා කරමු.

    වාසනාවකට මේ මුළු යානය ම එක පොකුරට කඩා වැටෙන්නේ නැහැ. විද්‍යාඥයන් විශ්වාස කරන විදියට පොළොවේ වායුගෝලයට ඇතුළු වෙද්දී එහි ඇතැම් කොටස් ගිනි ගෙන විනාශ වෙන නිසා මුළු බරෙන් කිලෝ ග්?ම් 200කටත් අඩු ප‍්‍රමාණයක කැබලි 20ත් 30ත් අතර ප‍්‍රමාණයක් තමයි පොළොවට කෙළින් ම කඩා වැටෙන්නෙ. වැටෙන තැන තවමත් හරියට ම කියන්න ඒ අයට බැහැ.


    2.jpg



    ආපසු එන අතර ගිනි නොගන්නා කොටස් අතර පස් සාම්පල ගෙන්නට ගෙන ගිය අධිතාපරෝධක කොටස, මේ රුසියානු ෆෝබස්-ග්රන්ට් යානයේ නංවා අඟහරු වෙත යවන ලද ප‍්‍රථම චීන යිංහු ඕ - 1 යානයේ කොටස් ද ආපසු පොළොවට පතිත වෙතැයි කියන කොටස් අතර තියෙනවා. ඉන්ධන ටැංකි හා ප‍්‍රචාලන මොඩියුලයෙහි ටොන් 11ක් බර අධි විෂ සහිත ප‍්‍රචාලන රසායන තියෙනවා. ඒවා මිදී නොතිබුණොත් ආපසු එද්දී පිළිස්සී යනු ඇති. එහි ඇත්තේ විකිරණශීලි ද්‍රව්‍යයකට ඇත්තේ කොබෝල්ට් 57න් සුළු ප‍්‍රමාණයක් විතරයි.



    මීට කලිනුත් මෙසේ උඩුගුවනට යැවුණු යානා අතරින් කීපයක් ම පාලනය කර ගත නොහැකිව පොළොවට කඩා ගෙන වැටිල තියෙනවා. 2003දි ටොන් 100ක් බර කොලම්බියා අභ්‍යවකාශ ෂටලය කඩා වැටුණා, ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රදේශයට. 1979දි ටොන් 85ක් බර ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔස්ටේ‍්‍රලියාවට කඩා වැටුණා. 1991දි ටොන් 44ක් බර සැල්යුට් 7- කොස්මොස් 1686 අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආජෙන්ටිනාවට කඩා වැටුණා. 1979දි පෙගසස් 2 අභ්‍යවකාශ යානය අත්ලාන්තික් සාගරයට කඩා ගෙන වැටුණා. 2011දි ටොන් 6ක් බර යූඒආර්එස් (UARS) යානය පැසිපික් සාගරයට කඩා වැටුණා. තවත් ගණනාවක් ම කඩා වැටිලා තියෙනවා. ඕවා තමයි මෙතෙක් මිහිමත කඩා වැටුණු වැඩියෙන් ම බරින් වැඩි යානා.



    මේක උපුටා ගත්තේ මෙතනින්


     
    • Like
    Reactions: blacktulip

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අප්පට සිරි, එතකොට දැන් අපේ කරපිටටද ඕක කඩා වැටෙන්නේ, මොනව හරි කරන්න බැරිද ඉහලා අහසෙදිම ඕක පිපුරවා හරින්න බැරිවෙයිද ? යකො ලංකාවට වැටුනොත් සොරි.කොම් තමා, අපරාදේ යන්තන් රට සංවර්ධනය වේගෙන එන වෙලාවේ මේකත් කඩා වැටුනොත් කොරේ පිටට මරේ උනා වගේ තමයි,

    මෙම යානය. අවම ජීවිතහානියක් (ඒ කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි, අපා දෙපා සිව්පා ඇතුලු සියළුම සතුන්) සිදුකරමින් පොලවට කාඩා වැටෙන්න කියලා අපි පාර්ථනා කරමු
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඔක අපේ හයිවේ එකට වැටෙයිද දන්නේ නැහැ එහෙම උනොත් ඉවරයි. මට තව එක පාරක්වත් එකෙ යන්ඩ බැරිඋනානේ.. :confused::confused::(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හත් ඉලව්වයි :shocked: වෙන කඩාගෙන වැටෙන්න තැනක් ඇත්තෙම නැද්ද මෙහෙට වැටෙන්නේ ... :eek:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපරාදේ ලොකු වියදමක් දරලා අන්තිමට වැඩක් නැති වුනා
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔක අපේ හයිවේ එකට වැටෙයිද දන්නේ නැහැ එහෙම උනොත් ඉවරයි. මට තව එක පාරක්වත් එකෙ යන්ඩ බැරිඋනානේ.. :confused::confused::(:(

    අයියෝ.............. :(
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ඔක අපේ හයිවේ එකට වැටෙයිද දන්නේ නැහැ එහෙම උනොත් ඉවරයි. මට තව එක පාරක්වත් එකෙ යන්ඩ බැරිඋනානේ.. :confused::confused::(:(

    කියන්න බෑ,පවේ හැටියට ඔතනටම කඩා වැටෙයිද දන්නෑ:shocked: