රුසියානු ගුවන් හමුදාවේ හොඳම සගයෝ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු ගුවන් හමුදාවේ හොඳම සගයෝ

    SzEBvVm.jpg

    සෑම වසරකම අගෝස්තු මස 12දා රුසියානු ගුවන් හමුදා දිනය ලෙස වෙන් කර තිබේ.2006 වර්ෂයේදී මෙම දිනය ප්‍රකාශයට පත් කලේ රුසියානු ජනපතිගේ තීරණයකට අනුවයි.රුසියානු ගුවන් හමුදාව ආරම්භ වී දැනට වසර 104 ගෙවී ගොස් තිබේ.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ එරට ගුවන් හමුදාවේ දැනට තිබෙන හොඳම යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ගැනයි.



    සුකොයි-27(Sukhoi Su-27) යනු ද්විත්ව එන්ජින් ,සුපිරි හැසිරවීමේ හැකියාවක් සහිත ප්‍රහාරක ගුවන් යානයකි.මෙය ෆෝල්නස් ඔෆ් රුසියා සහ රුසියන් නයිට්ස් නම් රුසියාවේ ගුවන් කරණම් කණ්ඩායම්වල ප්‍රියතම ගුවන් යානයකි.​

    F8qKeYY.jpg





    සුකොයි-30(Sukhoi Su-30) යනු ද්විත්ව ආසන සහිත බහුකාර්ය ප්‍රහාරක යානයකි.මෙය සුකොයි-27(Su-27) පවුලේ අභ්‍යන්තර සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි.

    wHW3M1g.jpg




    රුසියානු නාවික ගුවන් සංග්‍රාමික ඒකක සතු ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිට මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නිර්මාණය කල සුකොයි-33(Su-33) යානය.කෙටි දුරක් තුල ගුවන් ගතවීම සහ කෙටි දුරක් තුල ගොඩබෑමට සුදුසු අයුරින් මේවා නිපදවා තිබේ.පසුගියදා සිරියාවේ ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම්වලට ගෙන ආ සුකොයි-33 යානයක් අනතුරට පත්විය.​

    9pzKmu0.jpg





    සුකොයි-35(Su-35) යනු 4++ පරම්පරාවේ තනි අසුනේ බහුකාර්ය ප්‍රහාරක යානයකි.2013 වර්ෂයේදී ලී බෝර්ජ් හිදී මෙම යානය පියාසර කරවන ලදි.එහිදී සුකොයි-35 යානය "Show Stopper" යන අන්වර්ථ නාමය හිමිකරගත්තේ ඊට එක ස්ථානයක නැවතී සිටීමට පුලුවන් නිසාය.

    RL4JUZU.jpg





    සුකොයි ටී-10(Sukhoi T-50) යනු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයකි.රුසියානු ගුවන් හමුදාව ස්ටෙල්ත් තාක්ෂණය පළමුවරට භාවිතා කරන්නේ මෙම ගුවන් යානයත් සමග බවයි සඳහන් වෙන්නේ.

    DkwxtT1.jpg





    සුකොයි-24(Su-24) යනු සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානයකි.එය සතුව වෙනස් කල හැකි ඡ්‍යාමිතික පියාපත් තිබේ.

    ZdSOq3P.jpg





    සුකොයි-25(Su-25) යානය සැලසුම් කර තිබෙන්නේ පාබල හමුදාවට සමීප ගුවන් ප්‍රහාරක සහාය සැපයීමයි.එය වසර 30ක පමණ කාලයක තිස්සේ ලොව පුරා ගුවන් හමුදා විසින් භාවිතා කරයි.

    fSeC2OX.jpg





    සුකොයි-34(Su-34) යානය ද්විත්ව ආසන ප්‍රහාරක-බෝම්බ හෙළන යානයකි.මෙම යානයට ඉතා නිරවද්‍යව ගොඩබිම සහ මුහුදු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකිය.

    c1xtjq3.jpg





    මිකොයාන් මිග්-29(Mikoyan MiG-29) යානය සහ සුකොයි-27(Sukhoi Su-27)යනු රුසියානු ගුවන් හමුදාව බහුලවම භාවිතා කල ගුවන් යානාය.

    OB5ixR5.jpg





    මිකොයාන් මිග්-31(Mikoyan MiG-31) සුපර්සොනික් අතුරුවාරක ගුවන් යානයකි.එහි උපරිම වේගය පැයට කි.මී.300කි.තවද මිග්-31 යානයට කි.මී.20 උසකින් පියාසර කිරීමේ හැකියාව තිබේ.

    49lfR92.jpg





    මිකොයාන් මිග්-35(Mikoyan MiG-35) යනු 4++ පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානයකි.

    EmBZYVY.jpg





    යැකොව්ලෙව්-130(Yak-130) යනු රුසියානු ගුවන් හමුදාව සතු ජෙට් පුහුණු යානයකි.එය ප්‍රහාරක යානයක් ලෙසද භාවිතා කල හැකිය.

    aduwUiv.jpg





    එම් අයි-8(Mi-8) යනු රුසියානු ගුවන් හමුදාව සතු ප්‍රධානතම ප්‍රවාහන හෙලිකොප්ටරයයි.එය දැනට ලොව වැඩියෙන්ම නිෂ්පාදනය කර තිබෙන හෙලිකොප්ටර් අතරින් එකක්ද වේ.

    2OJqqZU.jpg





    එම් අයි-24(Mi-24) සීතල යුද සමයේ සෝවියට් දේශයේ හොඳම ප්‍රහාරක හෙලිකොප්ටර් යානයයි.මෙය පැය කි.මී.368.4 වේගයෙන් පියාසර කර ලෝක වාර්තාවක්ද තබා ඇත.

    A1wn7uX.jpg





    එම් අයි-35එම්(Mi-35M) ප්‍රහාරක හෙලිකොප්ටරය එම් අයි-24 වී(Mi-24V) යානයේ නවීකරණය කල මොඩලයකි.මෙම යානා දැනට රුසියාව,වෙනිසිවුලාව,බ්‍රසීලය සහ අසර්බයිජානය යන රටවල් භාවිතා කරයි.

    YYkX36M.jpg





    රුසියානු ගුවන් හමුදාව සතු තවත් ප්‍රවාහන හෙලිකොප්ටරයක් වන්නේ එම් අයි-26(Mi-26) යානයයි.ලොව තිබෙන විශාලතම සහ ශක්තිමත්ම හෙලිකොප්ටරය වන මෙය සමහර අවස්ථාවලදී 'flying cow' නමින් හඳුන්වයි.

    O3UY3UR.jpg





    එම් අයි-38 එන්(Mi-38N) ප්‍රහාරක හෙලිකොප්ටර් යානය නිශාචර දඩයක්කරුවා නමින්ද හඳුන්වයි.යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ,සතුරන් සෝදිසි කර විනාශ කිරීමේ මෙහෙයුම් සඳහා මෙන්ම අවම වේගයකින් පියාසර කරන සතුරු ඉලක්ක විනාශ කිරීමටද මෙම හෙලිකොප්ටර් යානය යොදාගැනේ.

    kJu4uQs.jpg





    කමොව්-52 "ඇලිගේටර්"(Kamov Ka-52 "Alligator") ප්‍රහාරක හෙලිකොප්ටරයේ පසුපස භ්‍රමකයක් නැත.භ්‍රමක දෙකම තනි අක්ෂ දණ්ඩක් මත ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වන සේ එය සැලසුම් කර තිබේ.

    XNw56wQ.jpg





    ටියුපොලෙව්-160(Tupolev Tu-160) සුපර්සොනික් උපායමාර්ගික බෝම්බ හෙළන යානය "සුදු හංසයා" යන අන්වර්ත නාමයෙන් හඳුන්වයි.ලොව දැනට තිබෙන විශාලතම සුපර්සොනික් ගුවන් යානයද මෙයයි.

    MK9ttoj.jpg





    ටියුපොලෙව්-95(Tupolev Tu-95) යනු විශාල ප්‍රමාණයේ, ටෝබෝප්‍රොප්ලර් එන්ජිම් සහිත උපායමාර්ගික බෝම්බ හෙළන සහ මිසයිල ගෙන යා හැකි යානයකි.දැනට අවරපෙති භාවිතා කරන එකම බෝම්බ හෙළන යානයද මෙයයි.

    lkJZ21q.jpg





    බෙරියෙව් ඒ-50(Beriev A-50) යනු රුසියානු ගුවන් හමුදාව සතු එකම වාසර පූර්ව අනතුරු ඇඟවීම් ගුවන් යානයයි.

    KIcugUb.jpg





    ඉලියුෂින්-76(Ilyushin Il-76) බහුකාර්ය උපායමාර්ගික යුදෝපකරන ප්‍රවාහන,බෙදා හැරීම් ගුවන් යානයකි.

    QNSOmet.jpg





    ඇන්ටනොව්-12(Antonov An-12) ප්‍රවාහන ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රසිද්ධම යානයයි.මෙම යානයක් ක්‍රියාත්මක කරවීමට පුද්ගලයින් 5-6 අවශ්‍ය වේ.1959 වර්ෂයේදී සේවයට එක් කරගත් ඇන්ටනොව්-12 යානා,නිෂ්පාදනය 1973 වර්ෂයේදී නවතා දමන ලදි.


    FC22AIt.jpg






    Source:tass.com

    -HarshaLulzSec-