රුසියානු හමුදාවට ගිය ශ්‍රී ලාංකිකයන් 59ක් මියගිහින් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වැනිදා වන විට 59 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව දැනට ලැබී ඇති කරුණු අනුව තහවුරු වන බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

    එම හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවකු බලහත්කාරයෙන් බඳවා ගෙන නොමැති බවට කරුණු තහවුරු වී ඇතැයි ද ඔහු කීය.

    රුසියානු හමුදාව සමග එක්වූ පිරිස යළි මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහයන් ගණනාවක් ගෙන ඇති බවත් එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.


     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    යුද්දෙ ඉවර උනාම රුසියන් ආමි එකට ගිහින් පණ බේර ගත්තු උන් ටිකට එහේ සිටිසන් වගේ හම්බුනොත් ගොඩ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    යුද්දෙ ඉවර උනාම රුසියන් ආමි එකට ගිහින් පණ බේර ගත්තු උන් ටිකට එහේ සිටිසන් වගේ හම්බුනොත් ගොඩ
    කළු හැමට නෑ එතරම් සැලකිල්ලක් 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon