රුසියානු_නියමුවා

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
රුසියානු_නියමුවා

'රුසියානු නියමුවා' බිහිසුණු අත්දැකීම හෙළි කරයි

mg_bvreakingnewz_not_comp.jpg



පැය 12ක මෙහෙයුමකින් පසු බේරාගත් රුසියානු ප්‍රහාරක යානයේ නියමුවා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ, සිය යානය බිහ හෙළීමට පෙර තුර්කිය සිය ප්‍රහාරක යානයට කිසිදු ආකාරයේ පූර්ව අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව ය.

එමෙන් ම තත්පරයක කාලයකට හෝ සිය ප්‍රහාරක යානය තුර්කි දේශ සීමාවට ඇතුළු නොවූ බව ද තුර්කිය සිය යානයට පහර දීම සිදු කළේ, සිරියානු දේශ සීමාවේදී බවත් බේරා ගැනුණු කෙන්ස්ටෑන්ටින් මුරැක්ටින් නම් අදාළ ගුවන් නියමුවා අවධාරණය කර තිබේ.

මේ අතර අමෙරිකානු හමුදාව පවසා ඇත්තේ, තුර්කි නියමුවන් අදාළ රුසියානු යානයට 10 වතාවක් අනතුරු ඇඟවීමන් නිකුත් කළ ද එහි නියමුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවූ බව ය.

එමෙන් ම තුර්කි දේශ සීමාවට ඇතුළු වූ යානය තත්ත්පර 17ක කාලයක් දේශ සීමාවේ සැරි සැරා ඇති බව ද පවසා තිබේ.

පසුගිය දා සිය දේශ සීමාව උල්ලංඝනය කළ බව පවසමින් තුර්කිය අදාළ රුසියානු ප්‍රහාරක යානය පහර දී බිම හෙළූ අතර එහිදී ගුවන් නියමුවන් පැරෂූටයක අධාරයෙන් යානයෙන් ඉවතට පැන තිබිණ.

කෙසේ වෙතත් ප්‍රහාරය හමුවේ යානයේ සහය නියමුවා ජීවිතක්ෂයට පත් වී තිබේ.

යානය කඩා වැටුණු අදාළ කඳුකර ප්‍රදේශයට නියමුවා ද පැන තිබූ අතර පසුව රුසියාව සිය නියමුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේ ය.

මෙහිදී එම මෙහෙයුම සඳහා පිටත්ව ගිය හෙළිකොප්ටර් යානයකට කැරළිකරුවන් රොකට් ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රහාරයෙන් එහි සිටි මෙරීන් සෙබෙළෙක් ජීවිතක්ෂයට පත් විය.

කෙසේවෙතත් අවසානයේ බිම හෙළූ රුසියානු හමුදා ප්‍රහාරක යානයේ නියමුවා සිටි නියමුවා මුදා ගැනීම රුසියාව සමත්විය.


turkey-syria-locator1.png


මේ අතර නියමුවා බේරා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටි හෙළිකොප්ටර් යානයට ගුවනේදී ප්‍රහාරය එල්ල වීමෙන් පසු ගොඩබස්වන යානයට යළි මිසයිල ප්‍රහාරයක් එල්ල කර විනාශ කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් කෙරිණ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම දර්ශන විශ්ලේෂණය කිරීමේදී ප්‍රහාරයට යොදා ගත් මිසයිලය අමෙරිකානු නිෂ්පාදනයක් බව අනාවරණය වන බව
ය.



රුසියානු ප්‍රහාරක යානයට එල්ල වූ ප්‍රහාරයත් සමග සිරියානු අර්බුදය මුල්කරගනිමින් ලෝක දේශපාලනයේ යළිත් අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

ප්‍රහාරක යානය බිම හෙළීමත් සමග රුසියාව යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කළ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා සැලසුම් කළ තුර්කි සංචාරය ද අවලංගු කර තිබේ.

මේ අතර තුර්කියේ ක්‍රියා කලාපය රුසියානු ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

තුර්කියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතියට ගරුකරන බව අමෙරිකාව පවසයි.

එහිදී ජනාධිපති බැරැක් ඔබාමා පැවසුවේ, සෑම රටක් වගේම තුර්කියටත් තම භූමිය හා ගුවන් කලාපය ආරක්ෂා කිරීමේ අයිතිය ඇති බව ය.

එමෙන් ම කළ යුත්තේ , රුසියාව හා තුර්කිය එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කර සිදුවූයේ කුමක්දැයි සෙවීම බව ද ජනාධිපතිවරයා
අවධාරණය කළේ ය .

මේ අතර උද්ගතවෙමින් ඇති තත්ත්වය සමනය කිරීමට නේටෝ සංවිධානය දැඩි උත්සාහයක නිරතවෙමින් සිටී.



 
  • Like
Reactions: Macdady and isuru9

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මෙම දර්ශන විශ්ලේෂණය කිරීමේදී ප්‍රහාරයට යොදා ගත් මිසයිලය අමෙරිකානු නිෂ්පාදනයක් බව අනාවරණය වන බව
ය.
 

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
මෙම දර්ශන විශ්ලේෂණය කිරීමේදී ප්‍රහාරයට යොදා ගත් මිසයිලය අමෙරිකානු නිෂ්පාදනයක් බව අනාවරණය වන බව
ය.

:eek::eek::eek:
 

Mangalam

Member
Sep 8, 2015
171
25
0
මෙම දර්ශන විශ්ලේෂණය කිරීමේදී ප්‍රහාරයට යොදා ගත් මිසයිලය අමෙරිකානු නිෂ්පාදනයක් බව අනාවරණය වන බව
ය.

Video eke thibuna ban eka nam penawa
 
Nov 29, 2011
354
30
0
මටනම් හිතෙන්නෙ හැම මගුලක් පිටිපස්සෙම ඉන්නේ ඇමරිකාව:eek:.ලොකේ මොනව හරි ප්‍රශනයක් බැලුවොත් එතන ඇමරිකාව..උන්‍ට ඕනේ කාලපයේ බලය තියා ගන්න...ඒ විතරක් නෙවෙයි ...මේවෙලාවේ ඇමරිකාව මාර ට්‍රයි එකක් දෙනවා රුසියාව ප්‍රෙශර් කරන්න.....:oo:

 

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මට නම් පේන්නෙ මේක මෙහෙම ගිහින් අන්තිමට ඇමරිකාවයි රුසියාවයි කෙල ගන්න තැනට පත් වෙයි වගේ.එහෙම වුනොත් නම් ඉතින් WW3 තමා....:shocked::shocked::shocked::shocked:
     

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    -සිංහයා-;19344339 said:
    මටනම් හිතෙන්නෙ හැම මගුලක් පිටිපස්සෙම ඉන්නේ ඇමරිකාව:eek:.ලොකේ මොනව හරි ප්‍රශනයක් බැලුවොත් එතන ඇමරිකාව..උන්‍ට ඕනේ කාලපයේ බලය තියා ගන්න...ඒ විතරක් නෙවෙයි ...මේවෙලාවේ ඇමරිකාව මාර ට්‍රයි එකක් දෙනවා රුසියාව ප්‍රෙශර් කරන්න.....:oo:


    මට නම් පේන්නෙ මේක මෙහෙම ගිහින් අන්තිමට ඇමරිකාවයි රුසියාවයි කෙල ගන්න තැනට පත් වෙයි වගේ.එහෙම වුනොත් නම් ඉතින් WW3 තමා....:shocked::shocked::shocked::shocked:

    මටත් හිතෙන්නේ මොකක් හරි වෙයි වගේ බන් ..කොහොමත් WW3 එකක ආරම්භය තමා මේක නම්
    මොකෙක් මොකක් වෙලා හරි හම්බයෝ ටික සුද්ද වෙනවනම් ලොකු දෙයක්