රුසියාවට කඩා වැටුණු උල්කාවක්............

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    රුසියාවට කඩා වැටුණු උල්කාවක්............

    අද උදෑසන රුසියාවේ Chelyabinsk නගරයට කඩා වැටුණු උල්කාපාතයක් නිසා 950ක් පමණ තුවාල ලබා තිබෙනවා.

    සුපර් සොනික් ශබ්දයක් සහිතව පොළොවට ලඟාවූ එම උල්කාවෙන් බොහෝ දෙනා තුවාල වී තිබෙන්නේ එම කම්පනය නිසා ගොඩනැඟිලි වල වීදුරු කැඩී විසිවීම නිසාය.

    Chelyabinsk නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයට කිලෝමීටර් 1,500ක් නැගෙනහිට දෙසින් කසක්ස්ථාන දේශසීමාව ආසන්නයේය.

    රුසියාවේ වේලාවෙන් 9.20ට පමණ (ලංකාවේ වෙලාවෙන් 8.50 ට) සුදු පැහැති දුම සහිත දිගු වල්ගයක් සහිතව දීප්තිමත්ව කඩා වැටුණු මෙම උල්කාව කිලෝමීටර් 200ක් දුරට දර්ශනය වී තිබෙනවා.

    විශාලතම උල්කාව Chebarkul ප්‍රදේශයේ විලකට කඩාවැටී තිබෙන අතර විල අසල ප්‍රදේශයක මීටර් 8ක පළල ආවාටයක්ද සෑදී තිබෙන්නේ තවත් උල්කාවක් නිසා බවටයි විශ්වාස කෙරෙන්නේ. එම ආවාටය අසල විකිරණ තත්ත්වය සාමාන්‍යය බවටයි වාර්තා වෙන්නේ.


    Region-+Gossip9.jpg


    Chelyabinsk නගරයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ තම නගරයේ Chebarkul ප්‍රදේශයට මෙන්ම Tyumen, Kurgan හා Sverdlovsk ප්‍රදේශ වලටද උල්කා කඩා වැටුණු බවයි.

    කසක්ස්ථානය පවසන්නේ තම රටේ Aktobe ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් වස්තූන් දෙකක් පිළිබඳව තමන්ද පරීක්ෂණ පවත්වන බවයි.

    ඒ අනුව එක් උල්කාවක් නොව උල්කා කිහිපයක්ම කඩා වැටී තිබෙනවා.

    කෙසේවුවද උල්කාව කඩාවැටෙන තෙක්ම කිසිවෙකු එය දැනගන නොසිටි බවයි වාර්තා වෙන්නේ.

    වොයිස්රුසියා වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ උල්කා වැටීමත් සමඟ රුසියානු ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල ක්‍රියාත්මකවී කිලෝමීටර් 20ක් ඉහලදී උල්කා හා ගැටී ඒවා විනාශ කල බවයි.

    රුසියානු විද්‍යාඥයින් පවසන්නේ කඩා වැටුණු විශාලතම උල්කාව ටොන් 10ක් පමණ බරින් යුත් බවයි. Roscosmos (Russian Federal Space Agency) ආයතනය පවසන්නේ මෙය උල්කාව තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ බවයි.

    එය කඩාවැටීමෙන් එම ප්‍රදේශයේ ගොඩනැඟිලි 3,000කට පමණ හානි සිදුවී ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි සින්ක් කර්මාන්තශාලාවක වර්ග අඩි 6,000ක පමණ වහලයද සම්පූර්ණයෙන් කඩාවැටී තිබෙනවා.

    සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි කර තිබෙන අතර එම ප්‍රදේශයේ ජංගම දුරකථන, අන්තර්ජාල සබඳතා හා විදුලියද විසන්ධි වී තිබෙනවා.

    මෙම උල්කාව ගමන් කර තිබෙන්නේ නැඟෙනහිර සිට බටහිරට වන අතර ලංකාවේ වෙලාවෙන් හෙට පාන්දර 00.56 ට පෘතුවිය පසුකර යන 2012 DA14 ග්‍රහකය ගමන් කරන්නේ උතුරේ සිට දකුනට නිසා මෙම උල්කාපාතයත් එම ග්‍රහකයත් අතර සබඳතාවක් නැත.

    කඩා වැටුණු උල්කාවේ ජායාරූප එකතුවක් පහතින්.


    Meteor+crashing+in+Russia-+Gossip9-++%25281%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%25283%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%25282%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%25285%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%25284%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252821%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252820%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252829%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252828%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252826%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252823%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252824%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252825%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252822%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%252827%2529.jpg


    Meteor+crashing+in+Russia-+Gossip9-++%25287%2529.jpg



    Uputa gatte methanin


     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වොයිස්රුසියා වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ උල්කා වැටීමත් සමඟ රුසියානු ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල ක්‍රියාත්මකවී කිලෝමීටර් 20ක් ඉහලදී උල්කා හා ගැටී ඒවා විනාශ කල බවයි.
    :D