රුසියාවේ සිරියානු ගුවන් සංග්‍රාමය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියාවේ සිරියානු ගුවන් සංග්‍රාමය

    v1jlqt6.jpg

    2015 සැප්තැම්බර් මස 30 වනදා ආරම්භ කල රුසියානු ගුවන් හමුදාවේ සිරියානු ගුවන් ප්‍රහාරක මෙහෙයුම්වලට මේ මාසයේදී වසර දෙකක් පිරීමට නියමිතය.මෙම ගුවන් ප්‍රහාරක මෙහෙයුම් සම්බන්ධව එකිනෙකට වෙනස් විශ්ලේෂණ ඉදිරිපත් වේ.මෙම ලිපිය ඔස්සේ රුසියාව විසින් සිරියාවේ කැරලිකරුන් සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කරන ලද ගුවන් ප්‍රහාරක මෙහෙයුම්වල වියදම සහ සාර්ථකත්වය සම්බන්ධව කතා කරනු ඇති.

    රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම් ඇරඹීමත් සමග සාමාන්‍යයෙන් රුසියාව විවේචනය කරන විශ්ලේෂකයෝ ප්‍රබල ලෙස මතු කල කරුණක් වන්නේ ගුවන් ප්‍රහාර නිවැරදි ඉලක්කයට එල්ල නොවන බවයි.ප්‍රහාර වල කාර්ය සාධකත්වද ගැනද ඔවුන් ප්‍රශ්න කර සිටියහ.වසර 30ක් පමණ පැරණි යුද ගුවන් යානා මෙම කර්තව්‍යයට යොදවා ඇතැයි යන්න ඔවුන් උපුටා දැක්වූ තවත් කරුණකි.බටහිර ප්‍රතිවාදීන් හා සංසන්දනය කරද්දී එම යානා නූතන අංගෝපාංගවලින් දුප්පත් බවත් කියවුනි.

    o4rwdhB.jpg

    රුසියානුවන් ගුවන් ප්‍රහාරවලදී භාවිතා කරන බෝම්බ සහ උණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ශීතල යුද්ධයේ පශ්චාත් සමයේ නිපදවූ ඒවා බවත්,බොහොමයක් ඉලක්කය කරා ගමන් කිරීමට මාර්ගෝපදේශන පද්ධතියක් හෝ නොමැති ඒවා එනම් බෝම්බ යැ‍යි සඳහන් වේ.

    මේ තත්ත්වයට හේතූන් වන්නේ රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක සහ හමුදාවල අඩුපාඩුකම්ය.රුසියාව ආර්ථික වශයෙන් ඇමෙරිකාව තරම් ශක්තිමත් රටක් නොවීමද ,ඔවුන් අධි තාක්ෂණික යුද්ධෝපකරණ භාවිතා නොකිරීමට හේතුවකි.රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම් සඳහා දිනකට දරන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 3කි.එක්සත් ජනපදය සිරියාවේ සිය මෙහෙයුම් සඳහා දිනකට ඇ.ඩො.මිලියන 12ක් පමණ වියදම් කරන බව වාර්තා වේ.නමුත් රුසියානු ගුවන් හමුදාවේ අඩු වියදම් ගුවන් මෙහෙයුම් පසුගිය වසර දෙක තුල සිරියානු හමුදාවට කොතරම් ලාභයක් උපයා දුන්නේද යන්න 2015 සහ 2017 වර්ෂ වල සිරියානු යුද සිතියම් සසදා බැලීමේදී ඔබටම තේරුම් ගත හැකිය.

    faj6EoP.jpg
    SVP-24 පද්ධතියක ඉලෙක්ට්‍රොනික උපාංග​

    මීට පිළියමක් ලෙස රුසියානුවන් SVP-24 නම් මාර්ගෝපදේශන පද්ධතිය භාවිතා කරයි.එය බෝම්බ හෙළන යානාවල ස්ථාපනය කරයි.කිසිදු මාර්ගෝපදේශනයක් රහිත බෝම්බ(බොහෝමයක් OFAB නම් පවුලට අයත්ය)මේ ක්‍රමය ඔස්සේ මීටර් 2-5 අතර නිරවද්‍යතාවයකින් හෙළීමට පුලුවනි.සැබැවින්ම එය නියාමක නොවන බෝම්බයක් හෙළීමට වඩා ප්‍රතිඵලදායි වේ.

    6KWttpo.png

    SVP-24 පද්ධතිය දැනට සුකොයි-25,සුකොයි-24එම්,සුකොයි-22එම්3 බෝම්බ හෙළන යානාවල සහ කමොව් Ka-50 සහ Ka-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල ස්ථාපනය කර ඇති සඳහන් වේ.ඊට අමතර තහවුරු නොකල වාර්තාවලට අනුව දැන් බෝම්බ හෙළීමට යොදා ගන්නා එල්-39 නම් නියමුවන් පුහුණු කරන යානාවලට පද්ධතිය එක් කර තිබේ.


    MDj6sSr.jpg
    Su-22 යානයක්​

    PPWvSr9.jpg
    Ka-50 හෙලිකොප්ටරයක්​

    FgqpCYD.jpg
    Ka-52 හෙලිකොප්ටර් යානයක පද්ධතියක් ස්ථාපනය කර තිබෙන අයුරු ආදර්ශනය කරන රූප සටහනක්​

    ඇමෙරිකානුවන් ඔවුන්ගේ නියාමක නොවන බෝම්බ වඩාත් නිවැරදිව ඉලක්කයට හෙළීමට JDAM නම් පද්ධතිය භාවිතා කරයි.එහිදී බෝම්බයටද වෙනම වරල් සහ ස්ථායිකාරක කට්ටලයක් සවි කරයි.නමුත් රුසියානුවන් SVP-24 පද්ධතිය ස්ථාපනය කරන්නේ බෝම්බය හෙළන යානයේ පමණි.රුසියානු ගුවන් නියමුවන් SVP-24 පද්ධතියෙන් සන්නද්ධ ගුවන් යානා හෝ හෙලිකොප්ටරය ඉලක්කයට ඉහළින් පියාසර කරවන විට SVP-24 ඔස්සේ පාරිසරික තත්ත්වයන්(ආර්ද්‍රතාවය,පීඩනය,සුළඟේ වේගය,පියාසර වේගය,ප්‍රහාරයේ කෝණය ....)පළමුව මැන ගන්නා අතර ග්ලෝනාස් -රුසියානු ගෝලීය පිහිටුම් පද්ධතිය යොදාගෙන ගුවන් යානයේ පිහිටීම සංසන්දනය කර බෝම්බය ස්වයංක්‍රීයව මුදා හරියි.නියාමක නොවන මෙම බෝම්බය නිවැරදිවම ඉලක්කයේ ගැටීමට සුදුසු මොහොතේදී එය මුදා හැරේ.

    oSkRT3A.jpg
    බෝම්බයකට JDAM පද්ධතිය එකතු කල පසු දිස්වන අයුරු​

    මෙම මාර්ගෝපදේශන පද්ධතිය ඕනෑම කාළගුණ තත්ත්වයක් හමුවේ ක්‍රියා කරන අතර ජංගම/ අතේ ගෙන යන ගුවන් යානා නාශක අවි වල සීමාව ඉහළින් එනම් මීටර් 5000ක් ඉහළ අහසේ සිට වුවද භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

    nNbbqnu.jpg
    Ka-52 හෙලිකොප්ටරයක්​

    B863xO9.jpg
    Su-24 යානයක්​

    ඇමෙරිකානුවන් නියාමක නොවන එනම් ස්මාට් නොවන බෝම්බ හෙළීමේදී වඩාත් නිරවද්‍යතාවයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන මාර්ගෝපදේශන පද්ධතිය වන JDAMහි එක් කට්ටලයක් ඇ.ඩො. 25,000 තරම් මිලය.රුසියානු SVP-24 පද්ධතිය ඊට සාපේක්ෂ බොහෝ ලාභදායි වන්නේ එහිදී බෝම්බය වෙනස් කිරීමක් නොකරන නිසාය.එහිදී අංගෝපාංග සවි කරන්නේ අදාල ගුවන් යානයේ පමණි.තවද ඊට ගුවන් යානයකින්,ගොඩබිම් මධ්‍යස්ථානවලින් සහ අනෙකුත් ගුවන් යානාවලින් අමතර තොරතුරු ලබාගෙන ප්‍රහාරයේ නිරවද්‍යතාවය වැඩි කරගැනීමද හැකියාව තිබේ.

    kVurf7S.jpg
    Su-25 යානයක්​

    රුසියානුවන් මෙම පද්ධතියේ ගුණ වයද්දී මාධ්‍ය-ප්‍රධාන වශයෙන්ම බටහිර ගැති ඒවා එහි නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න කරයි.නමුත් ඇමෙරිකාව භාවිතා කරන ඊට සමාන පද්ධතියට හැකියාව තිබෙන්නේ වරකට එක් ඉලක්කයක් පමණක් ලුහුබැදීමට පමණක් යැයි කියවේ.රුසියානු විරෝධීන් කුමක් කීවද රුසියානු ගුවන් හමුදාව ඔවුන් සතු සම්පත් යොදාගෙන සිරියානු රජයට දිනා දී ඇති භූමි ප්‍රමාණය සුළු පටු නැත.

    SVP-24 පද්ධතිය ගැන මට මුලින්ම කිව්වේ අපේ LOL_SEEN සහෝදරයා.සිරියානු යුද්ධය ගැන එළකිරියට ලියන්න උනන්දුව ඇති කලේත් ඔහු.ඔහුට ස්තුති කරමින් ලිපිය අවසන් කරමි.




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: demee