රුසියාව මක් 5ක වේගයෙන් යන හයිපර්සොනික්....

mic

Member
Nov 24, 2006
1,333
553
0
රුසියාව මක් 5ක වේගයෙන් යන හයිපර්සොනික්....

රුසියාව මක් 5ක වේගයෙන් යන හයිපර්සොනික් බෝම්බ ප්‍රහාරක යානාවක් නිපදවයි?
pak-da.jpg


DA ව්‍යාපෘතිය
54svv4.png.jpg

ල්පිත PAK-DA නිර්මාණ ගණනාවෙන් එකක් [One of many PAK-DA concepts]

PAK-DA (Perspektivnyi Aviatsionnyi Kompleks Dalney Aviatsyi) හෙවත් දිගුදුර ගුවන් තරණය සඳහා තාක්ශණික ව්‍යාපෘතිය රුසියානු ගුවන් හමුදාව වෙනුවෙන් මක් 5-6 වේගයෙන් යුතු දිගුදුර බෝම්බ ප්‍රහාරක යානාවක් නිපැදවීමේ නිළ ව්‍යාපෘතියයි.

PAK-FA යනුවෙන් හැඳින්වෙන තවත් මෙවැනිම ව්‍යාපෘතියක් රුසියානු ගුවන් හමුදාව වෙනුවෙන් F-22 සමකල හැකි ස්ටෙල්ත් ප්‍රහාරක යානයක් (PAK-FA T50) නිමැවීමේ වගකීම භාරව සිටින බව විද්‍යා ගවේශණ මීට පෙර වාර්තකල බව ඔබට මතක ඇති. PAK - FA : Sukhoi T50 ගැන මෙතනින් කියවන්න

PAK-DA යානය 2020 වනවිට සක්‍රිය සේවයට දායක කරගත යුතු බවත්, අධිවේගී දිගුදුර බෝම්බ ප්‍රහාරක යානාවක් රුසියානු ජාතික ආරක්ශාව අත්‍යාවශ්‍ය බවත්, නොබෝදා රූපවාහිණී සාකච්ඡාවකට එක්වුනු රුසියානු නියෝජ්‍ය අගමැති දිමිත්‍රි රොගොසින් මහතා පවසා සිටියේය.
රුසියාවට තර්ජනය කරන ඕනෑම සතුරෙකුගේ ගුවන් ආරක්ශක පද්ධති පරාජය කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව රුසියාව සතු විය යුතුයි. අපට විසදාගැනීමට ඇත්තේ අපි අමෙරිකානුවන් මෙන් මන්දගාමී, එහෙත් ස්ටෙල්ත් හැකියාව ඇති B-2 වැනි බෝම්බ ප්‍රහරක යානයක් නිපදවනවාද, එහෙමත් නැතිනම් තාක්ශණයේ නිම් වළලු පුළුල්කරමින් හයිපර්සොනික් යානයක් නිපදවනවාද කියන එකයි. මම සිතන්නේ අපට හයිපර්සොනික් තාක්ශණය දියුණු කිරීමේදී ඇති දැවැන්ත අභියෝග එතරම් අපහසුවකින් තොරව ජයගත හැකියි.


හයිපර්සොනික් ගුවන්යානා නිපදවීමේ අභියෝග


හයිපර්සොනික් යානාවක් නිපදවීමේදී ජයගත යුතු තාක්ශණික අභියෝග රැසකි. පලමුවැන්න නම්, මක් 5කට වැඩි වේගයකින් යානයක් ත්වරණය කල හැකි ජවයක් ජනනය කල හැකි ජෙට් එන්ජින් නිපදවීමයි. දැනට ස්ක්‍රැම් ජෙට් නමින් හැඳින්වෙන ජෙට් එන්ජින් තාක්ශණයක් ඇති නමුත්, එවැනි ජෙට් එන්ජිමක් විනාඩි කිහිපයකට වඩා ක්‍රියාත්මක කොට තබාගැනීමට බටහිර විද්‍යාඥයින් හට හැකිවී නෑ. එමෙන්ම රුසියානුවන්ගේ හෝ චීනුන්ගේ ස්ක්‍රැම් ජෙට් පර්යේශණ පිලිබඳ වාර්තා ඇත්තේද අල්ප වශයෙන්.

ස්ක්‍රැම් ජෙට් යනු සුපර් සොනික් කම්බස්චන් රැම් ජෙට් (scram jet - supersonic combustion ramjet) යන්නට කෙටි යෙදුමකි. මෙම එන්ජින්වල ඇති තවත් ගැටලුවක් නම්, එම එන්ජින් ක්‍රියාත්මක වීම සඳහා එය සවිකල යානය ශබ්දයේ වේගය පසුකරමින් ගමන්කල යුතුවීමයි. මෙම එන්ජින් ක්‍රියාත්මක වන්නේ එවිට පමණකි. එනම් නිසලව ඇති යානයක් ගුවන් ගත කිරීමට ස්ක්‍රැම් ජෙට් වලට නොහැකියි. දැනට පර්යේශණවලදී සිදුකරන්නේ මෙවැනි එන්ජින් සවිකල කුඩා පර්යේශණ යානා ශබ්දයේ වේගයන් යාහැකි විශාල ගුවන් යානයක බඳහි රඳවා ගුවනට යැවීමයි. ගුවනේදි, මව් යානය ශබ්දයේ වේගයෙන් යනවිට ස්ක්‍රැම් ජෙට් එන්ජිම සහිත උප යානය නිදහස් කරන අතර එවිට එහි ඇති ස්ක්‍රැම් ජෙට් එන්ජිම දල්වාගත හැකි වනවා.

ප්‍රායෝගිකව ස්ක්‍රැම් ජෙට් එන්ජින් ඇති යානාවක් නිපදවීමේ ප්‍රධාන ගැටලුව වන්නේ මෙයයි. යානයට ශබ්දයේ වේගය තෙක් ජවය ලබාදිය හැකි සාමාන්‍ය ජෙට් එන්ජින් දෙකක්ද සවිකීරීම එක් විසඳුමක් වන නමුත් එවිට යානයේ බර අධිකවී, විශාල ඉන්ධන ප්‍රමාණයක්ද ගෙනයා යුතු වීමෙන්, යානයේ යුධමය හැකියාවන් අවම වනවා.

තවත් එක් විසඳමක් නම් හයිබ්‍රිඩ් වර්ගයේ ද්විත්ව ක්‍රියාකාරී එන්ජිමක් නිර්මාණය කිරීමයි. එනම් අඩු වේගවලදී සාමාන්‍ය ජෙට් එන්ජිමක් මෙන් ක්‍රියාත්මකවී පසුව ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලෙස පරිවර්තනය විය හැකි එන්ජිමක් නිපැදවීමෙයි. මෙවැනි එන්ජිමක් ප්‍රායෝගික වන නමුදු අතිශයින්ම සංකීර්ණ නිර්මාණයක් වන බැවින් ප්‍රායෝගිකව යුධ ගුවන්යානයක භාවිතයට ගැනීමට තවත් වසර ගණනාවක් වැඩි දියුණු කලයුතු වනවා.

හයිපර්සොනික් තාක්ශණයේ අමෙරිකානු පරාජයන්

DARPA’s HTV Falcon - ඩාර්පා ආතනය ගුවන්ගත කල හයිපර්සොනික් ෆෝල්කන් යානය, එහි පාළණය කරගත නොහැකිවූ අධික වේගය නිසා යානය ආරක්ශා කරන තාප භාදකය ගැළවී අණතුරට පත්වුනා.

කල, නියමු රහිත රොබෝ යානයක් වූ X-51 ඩාර්පා, නාසා ආයතන හා බෝයිං ගුවන්යානා සමාගමේ හවුල් ව්‍යාපෘතියක්. පසුගිය අගෝස්තු 14වැනිදා පරීකශණ පියාසැරියකදී X-51 යානයේ පාළණ පෘශ්ඨයක සිදුවුනු ක්‍රියාවිරහිතවීමක් නිසා පාළණයෙන් මිදී මුහුදට කඩා වැටුනා.


PAK-DA කල්පිත නිමැවුම්

PAK-DA ව්‍යාපෘතිය ඉලක්ක සපුරාගනිමින් වේගයෙන් ඉදිරියට යන බවත් 2020දී සේවයට අනුයුක්ත කල හැකි හයිපර්සොනික් දිගුදුර බෝම්බ හෙලන යානාවක් නිර්මාණය කෙරෙමින් පවතින බවටත් සිදුකල ප්‍රකාශ හැරුනුකොට මෙම යානය කෙසේ නිර්මාණය වන්නේද? එය දැනට පවතින දුගු දුර බෝම්බ හෙලන යානයක අනුවර්තනයක්ද? නැතහොත් අලුත්ම රැඩිකල් නිර්මාණයක්ද යන්න පිලිබඳව රුසියානු ගුවන් හමුදාව හෝ දැවැන්ත බෝම්බ හෙළන යානා නිර්මාණය කරණ ටුපොලෙෆ්, ඉල්යුශින්, ඇන්ටනෝෆ් වැනි රුසියානු සමාගම් හෝ කිසිදු ඉඟියක් පලකොට නෑ.

රුසියානු හයිපර්සොනික් බෝම්බ හෙළන යානය දැනට රුසියානු හමුදාව සතු ප්‍රභලම දිගුදුර බෝම්බ හෙළන යානය වන ටුපොලෙෆ් Tu-160 යානය අනුසාරයෙන් නිපදවෙනු ඇතැයි අදහසක් පවතිනවා. නේටෝ සංවිධානය "බ්ලැක්-ජැක්" යන කේතයෙන් හඳුන්වන ටුපොලෙෆ් Tu-160 යානය දැනට ලොව ඇති වේගවත්ම මෙන්ම බලසම්පන්නම බෝම්බ හෙළන යානයයි. මක් 2.0ක උපරිම වේගයකුත්, මක් 0.9 සාමාන්‍ය වේගයකුත් ඇති යානයට ටොන් 40ක බෝම්බ හෝ ගුවනේ සිටි විදිය හැකි කෲස් මිසයිල රැගෙන යා හැකි අතර නොනවත්වා සැතපුම් 12,000ක් පියාසර කල හැකි වනවා.

යානාවේ හැඩරුව පිලිබඳව මෙතෙක් ඉදිරිපත්වී ඇති බෝහෝ කල්පිත නිර්මාණ, එය Tupolev Tu-160 යානය අනුසාරයෙන් නිර්මාණය වනු ඇතැයි යන උපකළ්පණයෙන් ඉදිරිපත් කල ඒවා වනවා.


9-+PAK+DA+or+PAK-DA+next+generation+strategic+bomber.jpg


10+-+PAK+DA+or+PAK-DA+next+generation+strategic+bomber.jpg


උපුටාගැනීම
http://vidya-gaweshana.blogspot.com/2012/09/5.html
 
Last edited:

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    SR 71 Black bird

    6DXyv.jpg


    Meke thiyanawa macho mach 3.2+ continuous yanna puluwan ram jet 1kai turbo jet 1 kai hybrid version 1k. Ekata puluwan oya scram jet 1k wadakaranna shabde wegeta wada yanna one kiyana 1th ekka awlak nathuwa deal wenna. :cool::cool:

    Nice thread.:yes::yes::yes:
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    දඩබ්බරයා;14075734 said:
    Miyama wisthare machan...mokakda mak kiyanne ban danne na..anika mek thama hdala na neda ban....TFS

    thma parikshana mattame thyenne machan.mach kiyanne sabdaya wage ke gunayak wegayen yanna puluwandha kiyana eka thma.

    The Mach number is simply the speed of an object divided by the speed of sound.
    8+
     

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    SR 71 Black bird

    6DXyv.jpg


    Meke thiyanawa macho mach 3.2+ continuous yanna puluwan ram jet 1kai turbo jet 1 kai hybrid version 1k. Ekata puluwan oya scram jet 1k wadakaranna shabde wegeta wada yanna one kiyana 1th ekka awlak nathuwa deal wenna. :cool::cool:

    Nice thread.:yes::yes::yes:
    ela