රුහිරු ඇවිළිය හැකි ය...
රුහිරු ඇවිළිය හැකි ය...
[1]
බූන්දි| බදාදා, අගෝස්තු 7, 2013| 03:34:15
ඇතැම් විට ජලය වුව
'වහා ඇවිලෙන සුලු' ය...
ආම්ලික 'රතු පසට'
තව තවත් රත පිරූ,
ගලා ගිය හිතවත්ම රුධිරය ද,
එ'දිය බිඳකට වඩා
දහස් වර ගනකම් ය;
ගිණියම් ය...
නිකිණි කළුවර රැගෙන
ට්‍රක් පුරා පැමිණියෝ
සෙත් පැතූ - සුබ පැතූ
විරුවන් ය...
බෝධිපූජා කෙරූ,
යෝධ බල - වෙර පැතූ
අත් වලින් පපුවලට මෑනුවේ;
පෙර දවස පිරිත් කළ
තුවක්කු ය...
දිය තෙතක් යැදි පවින්
වෙඩි වැදී ඉහිරුණේ
ළය හොවා නිති පිරූ
සෙනෙහස ය...
විරුවනේ දැන් ඉතින්
ප්‍රවේසම් විය යුතු ය;
රුහිරු වුව,
දිනෙක ඇවිළිය හැකි ය...
[ඡායාරූප උපුටා ගැනීම dailymirror.lk වෙතින්]
Saumya Sandaruwan Liyanage | සෞම්‍ය සඳරුවන් ලියනගේ
[1] බූන්දි| බදාදා, අගෝස්තු 7, 2013| 03:34:15
ඇතැම් විට ජලය වුව
'වහා ඇවිලෙන සුලු' ය...
ආම්ලික 'රතු පසට'
තව තවත් රත පිරූ,
ගලා ගිය හිතවත්ම රුධිරය ද,
එ'දිය බිඳකට වඩා
දහස් වර ගනකම් ය;
ගිණියම් ය...
නිකිණි කළුවර රැගෙන
ට්‍රක් පුරා පැමිණියෝ
සෙත් පැතූ - සුබ පැතූ
විරුවන් ය...
බෝධිපූජා කෙරූ,
යෝධ බල - වෙර පැතූ
අත් වලින් පපුවලට මෑනුවේ;
පෙර දවස පිරිත් කළ
තුවක්කු ය...
දිය තෙතක් යැදි පවින්
වෙඩි වැදී ඉහිරුණේ
ළය හොවා නිති පිරූ
සෙනෙහස ය...
විරුවනේ දැන් ඉතින්
ප්‍රවේසම් විය යුතු ය;
රුහිරු වුව,
දිනෙක ඇවිළිය හැකි ය...
[ඡායාරූප උපුටා ගැනීම dailymirror.lk වෙතින්]