රුහිරු ඇවිළිය හැකි ය...

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    රුහිරු ඇවිළිය හැකි ය...

    රුහිරු ඇවිළිය හැකි ය...

    Waliweriya-Public%20Protest%20Against%20Death.jpg


    [1]

    බූන්දි| බදාදා, අගෝස්තු 7, 2013| 03:34:15

    ඇතැම් විට ජලය වුව
    'වහා ඇවිලෙන සුලු' ය...

    ආම්ලික 'රතු පසට'
    තව තවත් රත පිරූ,
    ගලා ගිය හිතවත්ම රුධිරය ද,
    එ'දිය බිඳකට වඩා
    දහස් වර ගනකම් ය;
    ගිණියම් ය...

    නිකිණි කළුවර රැගෙන
    ට්‍රක් පුරා පැමිණියෝ
    සෙත් පැතූ - සුබ පැතූ
    විරුවන් ය...
    බෝධිපූජා කෙරූ,
    යෝධ බල - වෙර පැතූ
    අත් වලින් පපුවලට මෑනුවේ;
    පෙර දවස පිරිත් කළ
    තුවක්කු ය...

    දිය තෙතක් යැදි පවින්
    වෙඩි වැදී ඉහිරුණේ
    ළය හොවා නිති පිරූ
    සෙනෙහස ය...
    විරුවනේ දැන් ඉතින්
    ප්‍රවේසම් විය යුතු ය;
    රුහිරු වුව,
    දිනෙක ඇවිළිය හැකි ය...


    [ඡායාරූප උපුටා ගැනීම dailymirror.lk වෙතින්]
    Iwarayi.jpg



    Saumya%20Sandaruwan%20Liyanage.jpg

    PenIcon.jpg
    Saumya Sandaruwan Liyanage | සෞම්‍ය සඳරුවන් ලියනගේ