රු.8000කට-ඇලෝසියස්ලට-බදු-දීලා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රු.8000කට-ඇලෝසියස්ලට-බදු-දීලා

    වැවිලි අමාත්‍යාංශයට අයත් තේ වත්තක් මාසෙට රු.8000කට ඇලෝසියස්ලට බදු දීලා..!

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේ වත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියන්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දී ඇතැයි කියන සිද්ධිය හෙළිදරව් වී ඇත.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තයි. අක්කර 450කින් යුත් මෙම තේවත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත ‘මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ් ඇලෝසියස් මෙම තේවත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති.

    අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියස්ගේ සභාපතිත්වයෙන් සෙරෙන්ඩිසිටි ප්ලාන්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.

    මෙම තේවත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක් පමණ එහි ඇතැයි වාර්තා වේ.

    පර්පවුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබීය.




    සන්ඬේ ටයිම්ස් පුවත්පතෙනි​
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මහින්ද හොරා , මහින්ද හොරා, මහින්ද හොරා
    ගෝඨාබය මිනී මරුවා
    අපි නං හරි පිරිසිදුයි, කහ වතුරෙන් හැමදාම නානවා,