රූකඩ නටවන්නාගේ තැඹිලි වීදුරුව
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයක් ගසාගෙන එහි මාරාන්තික උපවාසයක් ආරම්භ කළ රණවිරුවන් යැයි කියා ගන්නා පිරිසක් ඊයේ (30) පස්වරුවේ සිය මාරාන්තික උපවාසය අත් හළේ කිසිවෙකුත් මරණයට පත් නොවෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උපවාසකරුවන් හමුවී කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධව අද (01) අනිවාර්යෙන්ම අමාත්‍ය මණ්ඩල හමුවේ දී සියලු දෙනා දැනුවත් කරන බවයි. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් සහන පියවරක් ගන්නා බවත්, රණවිරුවන් ගේ ඉල්ලිම් සාධාරණ බවත් ඒ මහතා පිළිගත්තේය.
මහින්ද එනකං තව පොඩ්ඩක් උපවාස කරන්න..
සජිත් එහි පැමිණි බව සැළ වූ වහාම අරුන්දික ප්‍රනාන්දු මහතා එතැනට පැමිණියේය. ඔහු එතැනට එනවිටත් එහි තිබු ලට්ට ලොට්ට ඔතා ගනිමින් එම පිරිස උපවාසය අත් හැරීමට සුදානම් ව සිටියහ. නමුත් “විනාඩි දෙක තුනක් තුළ මහින්ද මහත්තයා මං ගෙන්වනවා” යැයි කී අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම මහින්ද එතැනට ගෙන්වා ඔහු අතින් එම උපවාසය මෙහෙයවු තැනැත්තාට තැඹිලි වීදුරුවක් දුන්නේය.
තැඹිලි වීදුරුව බිවු සැනින් ඔහුගේ සකළ දෝෂ නිවාරණය වී මාරාන්තික උපවාසය අත් හළේය.
මහින්ද රාජපක්ෂගේ තැඹිලි වීදුරුවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඔහුගේ තැඹීලි වීදුරුව බීමට කැමැත්තෙන් දෝ ඇතැම් අය වර්ජන ආරම්භ කරති. වර්ජන නිම කරති. එම සිදුවීම හරියට ගමේ භාෂාවෙන් කියන්නේ නම් “නඩුත් හාමුදුරුවන්ගේ හා බඩුත් හාමුදුරුවන්ගේ” වැන්නකි.
එහෙමත් නැත්නම් මේ රූකඩ නටවන්නේ වෙනින් කවුරුවත් නොව මහින්ද රාජපක්ෂ මහතා ම බව දැන් නොදන්නෙක් නැත.
මහජන මතය වෙනස් මගකට ගැන්වීම සඳහා හෝ පවත්නා රජය අපකීර්තියට ලක් කිරීමට හෝ මහින්ද දෙන ඕනෑම නියෝගයක් ඒ වූ සැනින් ක්‍රියාත්මක කිරීමට ඔහු වටා සිටින මුර බල්ලන් සුදානම් ය. මෙම දිනවල රටේ වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂලාගේ ඕනෑ එපාකම් මත බව අලුතින් කිව යුතු නැත. දුම්රිය, විශ්ව විද්‍යාල, ගුරු, පරිපාලන සේවා ඇතුළු වර්ජන මෙම මැතිවරණය අවසන් වන තෙක් අවසන් කළ නොහැකිය. එයට හේතුව නම් මෙම වර්ජන රැල්ල සංසාරය මෙන් ඉදිරියටම මෙහෙයවීමට මහින්දලාගේ මුර බල්ලන් සුදානම් ව සිටින හෙයිනි.
සැබැවින්ම රණවිරු ඉල්ලීම ඉටුකළ හැක්කක්ද?
රණවිරුවන්ගේ උපවාසය ද එවැන්නකි. ඔවුන් ඉල්ලා සිටින්නේ විශ්‍රාම වැටුප මෙන්ම තමන්ට එතෙක් ලබා දුන් මුළු වැටුප ද ආබාධිත රණවිරු දීමනාව ද තමන් මිය යන තෙක්ද, ඉන් පසුව එයම අඹුදරුවන්ට ද (දරුවෙකුගේ වයස 26 දක්වා) ලැබිය යුතු බවයි. සැබවින්ම එය කළ හැකි දෙයක් ද? මේ මුදල්ද යලි ගෙවිය යුත්තේ මේ රටේ මහජනතාවම ය.
අපේ රට වැනි ඉතා කුඩා දළ ජාතික ආදායමක් සහිත රටකට රාජ්‍ය සේවයේ සියල්ලන්ගේම වැටුප් වැඩි කිරීමට මේ අන්දමට කටයුතු කළ හොත් අන්තිමට රටක් ඉතිරි වන්නේ නැත. දැනට වාර්ෂිකව රාජ්‍ය සේවක වැටුප් සඳහා රජය වැය කරන මුදල රු. ට්‍රිලියන 1.1කි. වාර්ෂික රාජ්‍ය ආදායම රු. ට්‍රිලියන 02කි. මෙම වැටුප් වැඩිවීම් සිදු කළහොත් එය වාර්ෂික දළ ජාතික ආදායමත් ඉක්මවා යාම වැළැක්විය නොහැකිය. අවසානයේ සිදුවන්නේ ලැබෙන ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම පමණි.
එසේ වුවහොත් අධ්‍යාපනය, සෞඛ්‍ය, සමෘද්ධි වැනි සමාජ සුබසාධන සේවාවන් පවත්වාගෙන යාමට රජයට කිසිසේත්ම හැකි නොවනු ඇති අතර ආදායම් උපයා ගැනීමට ගත හැකි එකම විකල්පය වන්නේ බදු ඉහළ නැංවීමය. බදු ඉහළ නැංවීම තුළ හාල් ඇටයේ සිට අනික් සියලුම භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම හරහා සිදුවන්නේ අවසානයේ මුළු රටම කඩා වැටීමය.
රාජපක්ෂගේ රූකඩ නැටවීම...
රාජපක්ෂ මේ නරිනාටක රූකඩ නැටෙව්වේ අද ඊයේ සිට නොවේ. ඔහු රට පාලනය කළ කාලයේ සිටම සිය රූකඩ නැටවීම ජයටම කළේය.
එම රූකඩ නැටවීමේ හොඳම කෝළම්කාරයා විමල් විරවංශ ය.
විමල් වීරවංශ මහතා විසින් 2010. ජුලි මස 08 වන දින එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ඇරඹීය. මෙම උපවාසය ගැන බැන් කී මූන් මහතාට ආරංචි වුයේ මෙරට එක්සත් ජාතින්ගේ කාර්යාලය හරහා ය. එම උපවාසය ආරම්භ කිරීමට හේතුව කුමක්දැයි හේ විමසීය. බැන් කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ උපදේශක කමිටුව අහෝසි කරන තෙක් එම මාරාන්තික උපවාසය අත් නොහරින ලද බව විමල් වීරවංශ මහතා පවසා ඇතැයි නිලධාරිහු කීහ..
ඊට බැන් කී මූන් මහතා දුන්නේ අපූරු පිලිතුරකි.
“...මේ ලෝකයේ දවසකට මිලියන ගණනක් දරුවෝ, මිනිස්සු ආහාර නැතිව මිය යනවා.. එහෙව් එකේ හොඳට කන්ඩ තියෙන, අඳින්න තියෙන, ඉන්න හිටින්න ගෙවල් දොරවල් තියෙන ශ්‍රී ලංකාවේ ඇමැති කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් නොකා නොබී මැරුණට මට කමක් නෑ.. මොකද කන්න නැතිව මිලියන ගණනක් දිනකට මරණයට පත් වෙන නිසා...”
එහෙත් ඉන් හරියටම දින නවයකට පසුව විමල් වීරවංශ මහතා මුලු රටම රවටමින් මෙන්ම තමන් ද රවටා ගනිමින් සිය මාරාන්තික උපවාසය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ලබා දුන් කිරි වීදුරුව නිසාය.. මහා සංඝරත්නයේ පිරිත් හඩ හා සාධුකාර මධ්‍යයයේ මහින්දගේ කිරි විදුරුව බිවු විමල් වීරවංශ සිය මාරාන්තික උපවාසය අත් හළේය.
මාරාන්තික උපවාසය යැයි කියමින් ඇතැම් පුද්ගලයින් උපවාස ආරම්භ කළ ද, ඒවා කිසිසේත්ම මරණයෙන් අවසන් වී නොමැත. උපවාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ අපකිර්තිමත් ඉතිහාසයකි.