රූබරියක ගේ කථා වස්තුව & අපූරු යාළුවෝ
Dear All
This is a story I read on a newspaper .I like to share this with u all !
අපූරු යාළුවෝ
ඇරියුමකට අනුව මිතුරකු ගේ පිංකම් ගෙදරක ගියෙමි.
එය පිහිටියේ දුර බැහැර ය. එහෙයින් එහි නැවතීමට ද මට සිදු විය.
පසු දින දහවල දානයෙන් පසු ම’මිතුරු අහර කොටසක් රැගෙන අසල්වැසි නිවෙසකට යෑමට සූදානම් ව මට ද ඇරියුම් කළේ ය.
මම ද ඔහු හා පිටත් වීමි.
’අපි මේ යන්නෙ කොහෙද දන්නවද? බල්ලෙක් කාල තුවාල වෙච්ච ළමයෙක් බලන්ඩ’ මිතුරා කීවේ ය.
අප ඒ නිවෙසට යද්දී දරුවා ගේ සුවදුක් බැලීමට ආ අමුත්තෝ පිරිසක් ද වූහ. ඔවුන් සමඟ එහි ආ බල්ලෙක් ද වූයේ ය.
’බල්ල අපිව හපයි ද?’ ම’මිතුරා බිය සැක පළ කළේ ය.
’නෑ. නෑ. බයවෙන්ඩ එපා! මල්ලිල එන්ඩ ඇතුළට!’ ගෙහිමියා අප ගෙට කැඳවා ගත්තේ ය.
දරුවාට බල්ලා කෑ සිද්ධියත්, ඉන් අනතුරුව සිදු වූ දේත් අප හරියට දැන ගත්තේ එවිට ය.
දිනක් මේ දරුවා අසල වත්තක වූ ජම්බු ගසක ජම්බු ඉදී ඇති බව දැක එහි නැගුණේ ය. ගෙදර බල්ලා ජම්බු ගස යටට වී බලා සිට දරුවා ගසින් බසින විට ම හැපුවේ ය. නිවැසියෝ පැමිණ දරුවා බේරා ගත් හ. ගම්මු දිවැ’විත් ප්‍රතිකාර කළ හ.
එදින සවස්වරුවේ දරුවා ගේ සුවදුක් බැලීම පිණිස බල්ලා ගේ හාම්පුත්තු පැමිණියහ. ඒ සමඟ බල්ලා ද ආවේ ය. දරුවා සපා කෑ බල්ලා ඔහු වැතිරී සිටින ඇඳ යටට වී සිටීම මාපියනට ඉවසුම් නොදෙන කාරණයක් වුව ද උගේ හාම්පුතුන් ගැන සලකා ඔවුහු ඉවසා සිටියහ.
අවසානයේ ඔවුහු සමුගත්හ; දරුවාට ඉක්මන් සුවය පතා පිටත් ව යෑමට සූදානම් වූහ. ඇඳ යට වී සිටි සපා කෑ බල්ලා ද නැගිට එළියට’විත්, දෑත් එක්කර දරුවා වෙත දිගු කර, හිස බිම තබා, වලිගය නටවා කෙඳිරිලි හඬක් නැගුවේ ය.
බල්ලා කෙරෙහි වූ බිය සැක දුරු කර ගත් දරුවා මිතුරු හැඟුමෙන් උගේ හිස අත ගෑවේ ය. හාම්පුතුන් සමුගෙන යද්දී බල්ලා පිට ව ගියේ නගුට වනමින්, දරුවා දෙස හැරි – හැරී බලමිනි.
එතැන් පටන් බල්ලා ගේ හාම්පුතුන් දරුවා ගේ සැප දුක බැලීමට එද්දී බලු යාළුවා ද නොවරදවා ම පැමිණ පුංචි චාමර ගේ ඇඳ ළඟට වී බලා සිටින්නටත්, ඔහු දෙන විස්කෝතුව ගිල දමන්නටත් පුරුදු වූයේ ය. අප එහි ගිය අවස්ථාවේ පැමිණ සිටියේ ද ඒ පිරිස හා බල්ලා ය.
රත්නපුරේ, හිදැල්ලන, ගොළුවාවිල නව නිවාස සංකීර්ණයේ ගයා කැලුම් දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
රූබරියක ගේ කථා වස්තුව
අපේ පන්තියේ ඉගෙන ගත් නර්මදා බෙහෙවින් රූබර වූවා ය.
පන්තියේ සිටි අපේ යහළුවෝ කිහිප දෙනෙක්ම ඇයට වසඟ වී සිටියහ. ඈ පතා ඔවුහු දබර ද වූහ. නර්මදා ගේ පියා මිය ගොස් සිටියේ ය. දරු පවුල ගෙන යන්නට පියා ගෙන් උරුම වූ විශ්‍රාම වැටුප නොසෑහුණු බැවින් මව කඩයප්පන් හැදුවා ය.
උදෑසන පායන සඳක් සේ නර්මදා ද උදෑසන ම පායා අපේ පන්තිය එළිය කරන්නී ය. එහෙත් බාහිර තරුණයකු හා ඇගේ සම්බන්ධයක් පැවති බව පන්තියේ කිසිවකු දැන සිටියේ නැත. හිටි අඩියේ ම සඳ මැකී ගියේ ය. ඇය ඔහු හා සැඟව ගියා ය; ඉන්පසු කිසිදා පාසල් නාවා ය.
නර්මදා නැති අඩුව අපට තදින්ම දැනුණත් ටික කලකින් අපට ඇය අමතක විය. වසර ගණනාවකට පසු අපේ පාසල් දිවිය අවසන් විය. අපි රැකියා කරනු පිණිස සමාජයේ විසිර ගියෙමු.
මා අගනුවර රැකියාවට ගියේ දුම්රියෙනි. ඒ වන විට අලුත් මිතුරු කැළක් මා වටා සිටියහ. අප ගමන් කිරීමට පුරුදු ව සිටියේ එක ම මැදිරියක ය.
දිනක් අප මැදිරියේ ගමන් කරමින් සිටි පාසල් දැරියක් මගේ දෑස පැහැර ගත්තා ය. ඒ නර්මදා ගේ මුහුණේ ම පිළිබිඹුවකි. නර්මදා නැවත උපන් සේ ය.
තවත් දිනෙක, කුහුලින් යුතු ව මම ඇයට සමීප වීමි.
‘ඔයාගෙ අම්මගෙ නම නර්මදා ද?’
ඇය දෑස් ලොකු කර මදෙස බැලුවා ය.
‘අංකල් කොහොමද දන්නෙ? අපේ අම්මව දන්නව ද?’
‘ඔයාගෙ අම්මයි, මායි එක පන්තියෙ ඉගෙන ගත්තෙ’
ඇය සිනාසුණා ය. ඒ නර්මදා ගේ ම හිනාව ය.
‘ඒ කාලෙ ඔයාගෙ අම්ම හිටියෙ.... පැත්තෙ’
‘ඔව්, එයාගෙ මහ ගෙදර තියෙන්නෙ එහෙ’
එතැන් පටන් අපි දැන හඳුනා ගතිමු.
දිනක් මම ඇයට අදහසක් ඉදිරිපත් කළෙමි.
‘දුවේ, මට ඕනැ ඔයාගෙ අම්මව මුණ ගැහෙන්ඩ’
‘මං අම්මට කියන්නං අංකල්’
නියමිත දිනයේ මම දුම්රිය වේදිකාවේ බලා සිටියෙමි. නර්මදා දියණිය හා එහි ආවා ය.
ඇය මා බඳු ව ම වැඩී සිටිය ද අතීත තාරුණ්‍ය ලාලිත්‍යය ඈ සමඟම රැඳී තිබිණ. දියණිය පුදුම වී බලා සිටිය දී අපි පන්ති කාමරයේ වූ සිද්ධීන් මෙනෙහි කරමින් සිනාසීමු.
‘ඒක නෙමේ නර්මදා. කොහොමද ඔයාගෙ ජීවිතේ?’
ඇය සිය කතාව කීවා ය. එය කඳුළු කතාවකි.
ඇගේ සැමියා හදිසි අනතුරකින් මිය ගොස් සිටියේ ය. එතැන් පටන් ඇය දරු දෙදෙනා රැක බලා ගන්නට මහත් වෙහෙසක් දරා තිබිණ.
‘දැං අපි පුංචි ගේක කුලියට ඉන්නව. දරුවො දෙන්න ඉහළ පන්තිවල ඉගෙන ගන්නව. මාත් පුංචි රස්සාවක් කරනව.’ ඇය කඳුළු පිස ගත්තා ය.
අපි සමු ගතිමු.
වැඩි කලක් නොගියේ ය.
හිටි අඩියේ ම දියණිය ගේ දුම්රිය ගමන නැවතිණ. මගේ කුහුල වැඩිණ.
‘යාළුවට මොකද වුණේ?’ මම ඇගේ යෙහෙළියක ගෙන් විමසීමි.
‘ඇයි අංකල් දන්නැද්ද? එයාගෙ අම්ම කෝච්චියට පැනල මැරුණනේ!’
මා සියොළඟ සසල වී ගියේ ය.
වරුවක් නිවාඩු දැමු මම නර්මදා එදා කී මඟ සලකුණු ඔස්සේ ඈ පදිංචිව සිටි නිවෙස සොයා ගියෙමි. සෑහෙන වෙහෙසකින් පසු පුංචි ගෙවල් තවානක් මැද වූ ඇගේ පුංචි ගෙය සොයා ගැනීමට මට හැකි විය. ඇගේ අවමඟුල වෙනුවෙන් එල්ලන ලද සුදු ඉටි කොළ ද ගේ අසල ළෙල දෙමින් තිබිණ.
නර්මදා ගේ දියණිය ද මහලු මව ද එහි සිටියහ. ඇගේ මරණය ගැන කම්පා වූ මම නොදැනුවත්කම නිසා අවමඟුලට සහභාගිවීමට බැරි වීම ගැන කනගාටුව පළ කළෙමි.
සමුගෙන ආපසු එද්දී ඇගේ අසල්වැසියෙක් මට ඇගේ සැඟවුණු කතාව හෙළි කළේ ය.
ඒ අසා මම යළිදු සසල වීමි.
නර්මදා ලොවට රහසින් රැකියාවක් කරමින් සිටියා ය. ඒ සම්බාහන ආයතනයක ය. ඉහළ පන්තියක ඉගෙන ගත් සිය පුතු වෙනුවෙන් දරන්නට තිබු වැය ඇය සරිකර ගත්තේ මේ රැකියාවෙනි.
පුතු ගැන විශ්වාසය තබා සිටියා මිස ඔහු කරන කියන දේ සොයා බැලීමට ඇයට කාලයක් නොවීය. ඔහු අධම ලෝකයේ ගොදුරක්ව සිටි බව ඇය නොදැන සිටියා ය.
පුතු මත්කුඩු ද, ශෘංගාරය ද අඹා යමින් සිටි චරිතයක් ව සිටියේ ය. සිහි විකල්ව සිටි පුතු දිනක් සම්බාහන ආයතනය තුළට වැදුණේ අහම්බෙනි. මව එහි රැකියාව කරති’යි ඔහු දැන සිටියේ නැත. ඔහු තම කුටියට එති’යි ඇය ද හීනෙකින්වත් නොසිතුවා ය.
නර්මදා ආයතනයෙන් පිට වූයේ උමතු වූ පටාචාරාවක සේ ය. පටාචාරාව ද ඒ සා බරපතළ අවස්ථාවකට මුහුණ දී නොසිටින්නට ඇත.
නුවර - කොළඹ දුම්රිය වේගයෙන් ඇදී ආවේ ය. නර්මදා එය ඉදිරියට ආවේ සිහියෙන් දැයි අපි නොදනිමු. දුම්රිය ඈතට ගොස් නැවතිණ. එහෙත් නර්මදා සිටියේ නැත.
නර්මදා ඔබේ මතු භවය සැපවත් වේවා!
අඹගස්පිටියේ විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි

rep+
btw tfs