ඔකට ආන්ඩුව මාරු කලා කියලා විසදුමක් ලැබෙනවනම් ආන්ඩුවක් මාරු කරමු. නමුත්, ජනවාරි 8 වෙනිදා හිටපු ආන්ඩුවත් ගෙදර ඇරියෙත් ඒක අප්සෙට් කියලනේ බන්. ඉතින් දැන් ආයේම එකක් ගේන්න හදන්නෙත් අර චන්දේ දිපු උන්මනේ.. ඒ එන එකත් හරියටම හරි යයිද? නැත්තම් ඒකත් ආයේ මාරු කරනවද? තෙරුමක් නැනේ බන්. කොකා ආවත් වැඩේ එකමනේ.. මහින්දගේ ආන්ඩුව අප්සෙට් කියලා ගෙදර යැව්වේ පිටින් ඇවිත් චන්දේ දීලා නෙමෙයිනේ.. මේකේම උන් චන්දේ දීලනේ.. දැන් ආයෙත් මේක අවුල් තව එකක් කියන්නෙත් මේකේම උන්.. ඉවරයක් නැනේ.. ආන්ඩු මාරු උනා කියලා ප්‍රශ්න විසදෙනවනම් ජනවාරි 8න් පස්සේ මේක ආයේ මුකුත් නැ සුරපුරයක් වෙන්න එපැයි. එහෙම උනේ නැනේ.. ඊලගට එන උන් කියන්නෙත් අපි කරනවා කියලා. අන්තිමට උනුත් එලවනවා. ඊට වඩා හොදයිනේ බන්, තමන්ගේ ආදායම තමන් හදා ගන්න එක. දේශපාලකයො පස්සේ ගිහින් තෙරුමක් නැ.