ආදරණීය "රෙනෝ" සර් වෙත ලියමි,
පළමුවෙන්ම කියන්න ඕන සුභ පැතුම් කියලා.
අපි හැමදාම සර්ගේ හෙරු නාලිකාවේ රාත්‍රී හතේ ඉදන් බලනවා. හෙරු නම් සැල්ලි තමයි වැඩසටහන පින්සිද්ද වෙන්න අපේ ගෙදර තිබ්බ අගල් දාහතරේ ටිවී එකක විසික්කරලා, අගල් පනහේ ටිවී එකක් ගත්තා. දැන් ගමටම ඇහෙන්න දාලා තියෙන්නේ.
මායි අපේ ගෙදර අයයි වැඩිපුරම ආස හෙරු නිව්ස් වලට. හතට පටන්ගත්තාම අදෝනාද, ඇඩිලි ද, ඇක්සිඩන්ට්ද, ඉවරයක් නෑ. නිව්ස් ඉවර වෙනකම් මායි මගේ මල්ලියි බලන් ඉන්නේ අතට ගන්න. සෑර්ට පින් සිද්ද වෙන්න අපේ අයියා මාසෙකට පාරක් කොහේහරි ගහක හරි ලොරියක හරි වාහනේ වද්දගන්නවා. ඉතිං මාසයක් ගානේ ඉස්පිරිතාලේට විසිට් දාලා එන්න පුළුවන්. ඒක නිසා දැන් මට ඇටෙන්ඩන්ට් මිසී කෙනෙකුත් ලයින් වේගෙන එන්නේ.. සෑර්ට පින්. අපේ එහා ගෙදර ඉන්න උන්නම් සෑර්ගේ නිව්ස් වලට බයිනවා මාධ්‍ය සදාචාරයක් නැති එවුන් කියලා. ආයේ අහවල් එකේ මාධ්‍ය සදාචාරයක්ද සෑර් අපි වගේ බත් කන හරක්ට. ඔන්න ඕවා අමුවෙන්ම දාන්න සෑර් දිගටම.
සෑර්ලා රටේ මොනාහරි උනාම හැමිනේසන් දාලා හදන මෙව්වා නම් මරු ඈ. ඉස්සරහටත් හැමිනේසන් දාලාම හදන්න සෑර්.
එහෙනම් මං නවතින්නම් සෑර්. පොලුයි බතුයි කාලා හේනක් කොටන්න යන්න තියෙනවා.
කම්මැලි ඒත් යන්න එපැයි.
මීට
උස්වැටකෙයියාවේ සිරිනිමල්.