රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝෂම් ගෙවයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී ත්‍යාග මුදල් වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    තව ද නිලධාරීන්ට අතිකාල අරමුදලින් කෝටි දෙසීයකට ආසන්න මුදලක් 2021 සහ 2023 වර්ෂ වලදී ගෙවා ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම අරමුදලින් රජයට බැර කර ඇති ආදායම පමණකැයි පැවසේ. කෝටි විස්සක්
    විමර්ශන සඳහා දායකත්වයක් නොදක්වන නිලධාරීන් සඳහා ද ත්‍යාග ලැබෙන ආකාරයෙන් අභ්‍යන්තර නියෝග සකස් කර ත්‍යාග ලබාදී තිබූ බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

    සාමාන්‍ය රාජකාරිමය අනාවරණය කර ගැනීම් ද රේගු වැරදි අනාවරණ ලෙස සලකා කාර්ය මණ්ඩලයට ත්‍යාග හිමිකම් ලබාදී තිබූ බව පවසන විගණන වාර්තාව, නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම පමණක් සිදු කළත් ඔවුනට වැටුප්, දිරි දීමනා සහ අතිකාල ලැබෙන බව සඳහන් කරයි.


    මේ අනුව රේගු නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරියේ කාර්යයන් සහ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ද අමතර ප්‍රතිලාභ ලැබෙන අයථා කාර්යයක් සිදුවෙමින් පවතින බව වාර්තාවේ දැක්වේ.


    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සියලුම රාජ්‍ය සේවකයන් සිය පැමිණීම හා පිටවීම සටහන් කිරීම වෙනුවෙන් ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කළ යුතු වුවද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අන්තනෝමතිකව පැමිණීමේ

    ලේඛනයක් පමණක් භාවිත කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පරිබාහිරව සේවයේ යෙදුනේ ද නැද්ද යන්න නොසලකා රේගු අතිකාල අරමුදලෙන් සියයට අනූවක් නිලධාරීන්ට ගෙවා තිබූ බව වාර්තාව සඳහන් කරයි. ඉන් සියයට දහයක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් රාජ්‍ය ආදායමට බැර කර තිබූ බව ද වාර්තාවේ දැක්වේ.

    මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ රේගු අරමුදල් කළමනා කරණය, පරිපාලනය සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාවේය. මෙම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.