රෝයිද_සිල්වා මියයයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    රෝයිද_සිල්වා මියයයි

    ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    සිංහල සිනමාවේ හාස්‍ය උත්පාදනය,සම්භාව්‍ය සිනමාව, වණිජ සිනමාව යන සියලු අංශයන්හී කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට රෝයි ද සිල්වා මහතා සමත්වුණා.

    චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවිශ්ඨ වෙමින් රෝයි ද සිල්වා මහතා දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යේෂ්ඨ සිනමා කරුවෙකි.
    රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවුණා.

    මධු සිහින, සැනසිලි සුවය,පික්පොකට්, මේ දැස කුමට ද,මිනිසුන් අතර මිනිසෙක්,ම්හිදුම් සිහින,ඔබට දිවුරා කියන්නම් ආදී විශිෂ්ඨ සිනමා කෘති වෙනුවෙන් සිය රංග ප්‍රතිභාව මුසු කළ ඔහු චෙරියෝ ඩාලිං,රැ ඩැනියෙල් දවල් මිගෙල්,ඔක්කොම කණපිට ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් මෑත යුගයේ සිනමාවට නව ජීවයක් ලබාදුන්නා.


    Roy.jpg