රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    ජනාධිපතිතුමා අද ජනවාරි 23 වැනිදා "ගම සමග පිළිසදරක්" වැඩසටහනේදි ප්‍රකාශයක් කරනවා මෙහෙම. "ලංකාවේ දූෂිතම තැන තමයි රේගුව. මම හමුදා නිලධාරියෙක් පත් කළා ඒත් තාම හැදිලා නෑ ඒ නිසා රේගුවේ සියලුම දෙනා එළියට දාලා හරි මම මේක හදනවා."😡😡😡😡😡

    මේ ප්‍රකාශය සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයකට කනට මී පැණි දාන වගේ කතාවක්. මොකද කවදාවත් එයාර්පෝට් එකට වරායට ගිහින් නැති රේගුවෙන් කෙරෙන කාර්යය දන්නෙ නැති කෙනෙක් වුණත් කස්ටම්ස් කිව්වම කියන්නේ අපෝ ඕකුන් ජරා පප්පො පවුල් පිටින් මැරිල යන්ඩ ඕනෙ ඕකුන් කියලා. රේගුව කිව්වම හැමෝම කියන්නේ හොරු කියලා.රේගුවේ අතීතයේ හිටපු සමහරක් අයගෙ වැඩ වලින් සහ ලංකාවේ ජනතාව සාමාන්‍යයෙන් හිතන පතන ආකාරය එක්ක මෙහෙම සමාජ මතයක් හැදිලා තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපේ මිනිස්සු හිතන් ඉන්න හැමදේම ඇත්ත ද? ලංකාවෙ තියෙන දූෂිතම ආයතනය රේගුවද? රේගුව හැදුවම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රශ්න විසඳිලා ලංකාව සුරපුරයක් වෙනවද? ප්‍රශ්න තියෙන්නේ එතැනයි.🤐🤐

    හරි අපි මුලින්ම බලමු දැන් ජනාධිපතිතුමා මාරු කරන්න හදන නිලධාරීන් ගැන විස්තර. 1993 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුවේ ස්ථිර සේවකයෝ නැත්නම් රේගු නිලධාරින් බඳවා ගන්නේ ස්ථර තුනකට. ඕලෙවල්, ඒලෙවල් සහ උපාධි යන සුදුසුකම් වලින්. විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයකින් රටේ15,000 ක් පමණ සහභාගි වෙලා පාස් වෙන්නේ 100 ක් විතර එක කණ්ඩායමකට. මේ කිසිදු පත්වීමක් දේශපාලන පත්වීමක් නෙවෙයි. තනිකරම තමන්ගේ දක්ෂතාවය සහ වාසනාව මත ලංකාවේ හතර කොනෙන් ම ආපු ඉතා උගත් පිරිසක් තමයි දැනට රේගුවේ සේවය කරන්නේ. දැනටම රේගුවේ ස්ථිර සේවකයන් දෙදහසක් (2000) පමණ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්, ඔවුන් ලබාගත් ජයග්‍රහණ වගේම ඔවුන්ගේ දක්ෂතා බැලුවොත් ලංකාවේ වෙන කිසිම දෙපාර්තමේන්තුවක මේ තරම් උගත් දක්ෂ බුද්ධිමත් පිරිසක් නෑ කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. ඒ වගේම කිසිදු දේශපාලන අත පෙවීමක් නැතුව තම දක්ෂතාවයෙන් තම රැකියාව ලබා ගත්තු අය මේ හැමෝම. එහෙම නැතුව අයුතු විදිහට රේගු නිලධාරියෙක් වුණ කෙනෙක් ඉන්නව නං ඕන කෙනෙක්ට සාක්ෂි ඇතිව ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. අපිත් ආසයි දැනගන්න.😀😀😀

    දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුන් මෙච්චර ඉගෙන ගෙන ආවා කියලා කියනවා නම් මුන් මෙච්චර හොරු උනේ කොහොමද කියලා. ඒකට සරල පිළිතුරක් තියෙන්නෙ. ලංකාවේ පගාව ගන්නැති ජරා වැඩ කරන්නේ නැති මිනිස්සු ඉන්නෙ කොහෙද කියල හිතල බලන්න. ලංකාවේ එකී මෙකී නොකී සියලුම රස්සා වල, සියලුම ආයතන වල, තනතුරු වල, සේවාවන් තුළ පාගා ගහන ජරා වැඩ කරන බලු වැඩ කරන හොර තක්කඩි අඩු වැඩි වශයෙන් හිටියා සහ ඉන්නවා. උදාහරණ මතක් කළොත්,🙈🙈

    1. සමහර ජනාධිපතිවරු, අගමැතිවරු
    2. පාර්ලිමේන්තු මැති ඇමතිවරු
    3. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි ඉහළ තනතුරු වල අය
    4. පාසලට ළමයි දාන ගියාම පගාව අරගත්තු විදුහල්පතිවරු
    5. දඩ කොලේ වෙනුවට පගාව අරන් අහුවුනු පොලිස් නිලධාරීන්
    7. ප්ලෑන් පාස් කරන්න පගාව ගත්තු ටී ඕ ලා , ඉංජිනේරුවරු
    8. අන්තිම ජරා වැඩ කරලා අහුවෙන චීවරධාරීන්
    9. තමන්ගෙ ලඟට බෙහෙත් ගන්න ආපු රෝගියාව දූෂණය කරලා බිල්ඩින් එකෙන් පහලට දාලා මරපු වෛද්‍යවරුන්
    10. ත්‍රිවිධ හමුදාවේ වැරදි වැඩ කරපු, තමන්ගේ බලතල වැරදියට පාවිච්චි කරපු, මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වුණ දූෂිත නිලධාරීන්

    තව ඕනෑ තරම් අය කියන්න පුළුවන්🥰🥰

    ඒ වගේ තමයි 🤐🤐 මේ පුංචි රටේ හැම රස්සාවෙම සල්ලි ගැන විතරක් හිතන, මිනිස්සු ගැන නොහිතන, කොච්චර තිබුනත් සල්ලි මදි වෙන කාලකන්නි මිනිස්සු ඉන්නවා. උන් ගේම් ගහනවා. සල්ලි හොයනවා. ඒක හැම රැකියාවටම පොදු දෙයක්. රේගුවේත් ඒ වගේ තමා. කොච්චර ඉගෙන ගත්තත් හරි විදියට විභාග පාස් කරල ආවත් හොරා හොරා ම තමයි. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩක් කළාම ඒක ලොකු නිව්ස් එකක් වෙනවා. එතකොට සමාජ මතය තව ස්ථිර වෙනවා. එතකොට රේගුවේ ඉන්න රැයක් දවාලක් නැතුව නිදිමරාගෙන රජයට බදු ආදායම එකතු කරන, වැරදි ගැන විමර්ශන කරන, කොන්ද කෙලින් තියන් වැඩ කරන අවංක නිලධාරීන් හැමෝම හොරුද? අපි නිදහස් අධ්‍යාපනයෙන් මහන්සිවෙලා ඉගෙන ගෙන, ගැසට් කරපු විභාගයක් පාස් වෙලා රේගුවට ආවේ හොරකම් කරන්නද ? අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට වැටුපක් ලැබෙනවා. අතිකාල ලැබෙනවා. අපි අපේ දැනුම පාවිච්චි කරලා දූෂිත ආනයන කරුවන්ගේ අති සූක්ෂම ගේම් එකක් හොයාගෙන උන් දෙන ලොකු ඔෆර් වලට බැහැ කියලා, මරණ තර්ජන වලට බය නොවී, අවුරුදු ගාණක් උසාවි වල කට්ට කාලා, විමර්ශනය කරලා දඩ ගහලා ආණ්ඩුවට මුදල් හොයල දුන්නම ආණ්ඩුවෙන් නිලධාරීන්ට හොඳ ත්‍යාග මුදලක් ගෙවනවා ඒ හොඳටම ඇති. නිලධාරීන්ට විතරක් නෙමෙයි, රේගුවට තොරතුරු දෙන ඕනම කෙනෙක්ට ඒ තෑගි මුදල් ලැබෙනවා.

    රේගුව කියන්නේ ඕනෑම රටක ඉතාම සුවිශේෂි ආයතනයක්. රටේ ආදායම වැඩි පුරම එකතු කරන තැන වෙන රේගුවෙ කෙනෙක්ට ඒ සල්ලි ආණ්ඩුවට නොදී තමන්ට ගන්න හිතෙන්න පුළුවන්. ඒකට තමයි දියුණු රටවල් වල සිස්ටම් එකක් හදලා රිංගන්න පුලුවන් තැන් එහෙමත් නැත්නම් loopholes නැති කරන්නේ. නිලධාරීන්ට හොඳ ගෙවීමක් කරන්නේ. තමන්ට දවසට ලක්ෂ ගණන් දකින ලැබෙද්දි මිනිස්සු සොච්චම් පඩියකට නිවැරදිව හොරකම් නොකර වැඩ කරන්න පෙළඹෙන්නෙ නැහැ. ඒකයි රේගු නිලධාරීන්ට සුවිශේෂී වැටුප් හා දීමනා ගෙවන්නෙ. ඉතින් ඒ වගේ තැනක ඔය කියන තරමේ දූෂණයක් වෙනවා නම් ඒක හදන්න උපාධිධාරී අතිදක්ෂ උගත් බුද්ධිමත් නිලධාරීන් සියලු දෙනාම මාරු කරලා හෝ සේවයෙන් ඉවත් කරලා හමුදාවෙ සොල්දාදුවො දැම්මම රට සුරපුරයක් වෙයි කියලා ඔබ හිතනවද? ලෝකෙ අනිත් අපිට වඩා අන්ත දූෂිත වෙලා තිබුණ රටවල් වල රේගුව හැදුවේ හමුදාවෙන් දාලද? ජනාධිපතිතුමා හිතන විදිහට හමුදාවෙ සියලු දෙනා රහත් වෙලාද? හොර වැඩ කරන ආනයනකරුවන් තමන්ගේ හොර වැඩ අහු උනාම මම මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් කිව්වම හැම සොල්දාදුවම එකම විදිහට කොන්ද කෙලින් තියන් ඉඳියිද?. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් තියෙන අය නෙවෙයි ද? ඔවුන් ධ්‍යානවලට සම වැදුනු අය ද?

    ශ්‍රී ලංකා රේගුව තමන්ගෙ නිලධාරීන් වැරදි මාර්ගයට යොමු වෙන්න පුළුවන් හිඩැස් 95% ක්ම වහල ඉවරයි දැනටත්
    . ඉදිරියට වෙන්න පුළුවන් මොනයම් හෝ හොරකමක් නවත්තන්න පුළුවන් තවදුරටත්. හැබැයි ඒවා කරන්න ඕන නිලධාරීන් නෙමෙයි පාලකයන්. එහෙම නැතුව රටේ ජනාධිපතිවරයා තමන්ගේ රටේ වැඩිම ආදායමක් දිවා රෑ නොබලා වැඩ කරලා එකතු කරල දෙන උගත් බුද්ධිමත් නිළධාරීන් හැමෝම එළවලා දාලා එයාට හිතවත් අය දාලා හෝ හමුදාවෙන් දාලා හරි රේගුව හදනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා නම් ඒක මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන, විභාග පාස්වෙලා රස්සාවලට ගියපු හැමෝටම කරන පුදුම අගෞරවයක්. ඒ වගේම අපිම ඡන්දෙ දීලා මේ රටේ ලොකු වෙනසක් වෙයි කියලා කරයි කියලා බලාපොරොත්තුවෙන් පත්කරගත් ජනාධිපතිතුමාට ළඟින්ම ඉඳන් උපදෙස් දෙන අයගේ තියෙන මෝඩකම, කුහකකම සහ හරි දර්ශනයක් නැතිකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක්.

    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විභාග පාස් වෙලා රේගුවට ආපු අපි හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම රේගුවත් හැදිලා රටත් සුරපුරයක් වෙනවා කියලා මිනිස්සු සහ පාලකයො හිතනවා නම් කරන්න දෙයක් නැහැ. අපේ නිලධාරීන්ටත් ලංකාවේ හෝ මේ ලෝකෙ ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා තමන්ගේ ජීවිකාව සරි කරගන්න ඕනෑ තරම් හැකියාව තියෙනවා.දැනටත් අපේ බොහොමයක් නිලධාරීන් ලෝක රේගු සංවිධානයේ පවා වැඩ කරනවා. අපි ගත්තු අධ්‍යාපනය, ලබාගත්තු දැනුම, අපේ දක්ෂතා කාටවත් නැති කරන්න බැහැ.
    මේ යන විදියට මට කියන්න තියෙන්නෙ තව ඉස්සරහට දැනට ඉගෙන ගන්න අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයෙන් හෝ වෙනත් ආයතනයකින් උපාධි අරගෙන විභාග පාස් කරල ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා රේගු සේවය වැනි ලංකාවේ සුවිශේෂී සේවාවන් වලට යන්න ලැබෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය ඉවර වෙලා හෝ ඊට කලින් හමුදාවට බැඳෙන්න.

    අමාරුවෙන් ඉගෙන ගෙන උපාධියක් අරගෙන ලංකාවේ තියෙන අමාරුම විභාගයක් පාස් වෙලා ශ්‍රී ලංකා රේගුවට බැඳිල දිවා රෑ නැතිව සේවය කරලා කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරපු නිලධාරීන් වුන අපි හැමෝමව එලවනවා කියලා කියපු ජනාධිපති තුමාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි.

    රේගුව හදන්න ඕනේ නම්,

    1. හැදෙන්න ඕනෙ දේවල් පැහැදිලිව කියන්න.
    2. දූෂිත ආනයන කරුවන්ට විමර්ශන ආරම්භ කරලා දඩ ගහන්න ඕන ද එපා ද කියන්න.
    3. තවත් මොනාද හැදෙන්න ඕන කියලා කියන්න.
    4. ඔය කියන තරමේ අන්ත දූෂිත නිලධාරීන් ඉන්නව නං ඔබගේ බුද්ධි අංශ භාවිතා කරලා ඔවුන් අත්අඩංගුවට ගන්න. දඬුවම් දෙන්න. ඔවුන්ගේ දේපල පරික්ෂා කරන්න.
    5. ඔබට හිතවත් හමුදා නිලධාරියෙක් පාලකයා වශයෙන් ඉන්න නිසා එතුමා දැනුවත් කරල හදන්න ඕන system හදන්න.
    6. හොරකම් කරන්න, සංවිධානාත්මක අපරාධයක් කරන්න හිතන කෙනෙක්ට ඒක කරන්න බැරිවෙන්න හිඩස් වහන්න.
    7. අවසානයේ තමන් සීයට සීයක්ම අහිංසකයි, අවංකයි, රේගුවෙන් මට කරදරයි කියන ආනයනකරුවන් කියන දේවල් පමණක් විශ්වාස නොකර සහ ඔබගේ ලඟින්ම ඉන්න රේගුව සමග බද්ධ වෛර නිලධාරීන් කියන දේ පමණක් විශ්වාස නොකර නිවැරදි තීරණ අරන් රට ඉදිරියට අරන් යන්න.

    අපිටත් ඕනේ මේ රට හැදෙනවා දකින්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    නීති සහ නීති හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වීම.

    ඕකෙන් විතරමයි රට හදන පාරට ගේන්න පුළුවන්. තව කයිවාරු නන්දසේන ලා දාහක් හිටියත් කරන්න පුළුවන් ලබ්බක් නෑ ඒක නැතුව. ඔක්කොටම හමුදා පුහුණුව දුන්නත් උකුණු පුකක තරම්වත් වැඩක් නෑ ඒක නැතුව.

    ඉතාම සරල සත්‍යය 🙂
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    හොඳ ප්‍රශ්නයක්.

    කටින් වැඩ්ඩා වෙන්න කියවනවා මිසක් කරන හුයන්නක් නැනේ. සරලයි.

    ගමේ ඉන්න කුලියක් මලියක් කරන එවුන්ට ඉතින්ඔයවගේ කතා චුන් තමා. උන් දන්න රේගුවක් තියේ යැ.
    ------ Post added on Jan 23, 2021 at 10:38 PM
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හොඳ ප්‍රශ්නයක්.
    රට මැද්දෙ ඈත ගමකට ගිහින් රේගුවට බනිනකොට එහෙ දුප්පත් අහින්සක ගොවියො හිතන්නෙ රේගුවෙයි කියන්නෙ පෝර හද කොම්පැනියක් හරි අඩු ගානට උන්ගෙන් වී ටික කොටාගන්න කොම්පැනියක් හරි කියල ඔන්න චන්ද ට්‍රික්ස් පට්ට සර් :lol: :lol:

    ..
    ------ Post added on Jan 23, 2021 at 10:42 PM

    කොටින්ම ජනාදිපත් වගේ තනතුරු තියෙන්නෙ ප්‍රතිපත්ති තීන්දු ගන්න ප්ලෑන් හදන්න ඒව කරවන්න.නැතුව රටේ ටොයිලට් ටික හෝදන්ව හොද නෑ මමම ගිහින් ඒව හෝදවන්න ඕන කියන්න ජනාදිපත් කෙනෙක් ඕන නෑ.මෙයාලට තියෙන්නෙ සිස්ටම් එකක් හදල ඒක කරවගන්න මිසක් මිනිහ ඕකට පැනල මිනිස්සු අස්කරල ඔක්කොටම හමුදාව පුරවන්න නෙවෙ.මේ අය සිවිල් නොවෙන නිසා අනික් මිනිස්සුන්ගෙ අදහස් ගනන් ගන් නෑ මේයාට ඕන යෙස් යෙස් යෙස් සර් කියන පරිසරයක් ඒකනෙ පුරුදු.අනික කරපු ඔක්කොම ඒව එකදිගට ෆේල් නෙ. දැන් එන්නතත් ඉන්දියන් උනානෙ.රනිල් චන්ද විසිගානක් රැල්ලට ෆේල් වගෙ මෙයා කරපු ඔක්කොමත් වැඩ ෆේල්.හේතුව වැඩ කරගන්න කලාව දන්නෑ
    මෙයා සත්යවාදියෙකුත් නෙවෙනෙ අනික් අයට හදන්න කලින්.ඕන පොඩි එකෙක් දන්නව අර කොවිඩ් පැනිය අමු කෙප්පයක් කියල මුල ඉදල බලහන් ඕකට මිනිස්සු අන්දවන්න ගිය කාලය සල්ලි මීඩියා වේස්ට් එක කොස්ට් එක..දැන දැනම නේද මිනිස්සු රැවැට්ටුවෙ ඉතින් ආන්ඩුවෙ අනික් එවුන් වෙනම හරියට වැඩ කරයිද මහ කකුලුව යන්නෙ හරහටනෙ :lol:

    රට මැද්දෙ ඈත ගමකට ගිහින් රේගුවට බනිනකොට එහෙ දුප්පත් අහින්සක ගොවියො හිතන්නෙ රේගුවෙයි කියන්නෙ පෝර හදන කොම්පැනියක් හරි අඩු ගානට උන්ගෙන් වී ටික කොටාගන්න කොම්පැනියක් හරි කියල ඔන්න චන්ද ට්‍රික්ස් පට්ට සර් :lol: :lol: :lol:
    ------ Post added on Jan 23, 2021 at 10:43 PM
     
    මේ කට්ටියට රට හදන්න උවමනාවක් තියෙනවා කියලා නම් පේන්නෙ නැහැ මචං. ඒකයි තියෙන ප්‍රශ්නෙ.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේ කට්ටියට රට හදන්න උවමනාවක් තියෙනවා කියලා නම් පේන්නෙ නැහැ මචං. ඒකයි තියෙන ප්‍රශ්නෙ.
    මේ මනුස්සය තමන්ගෙ තනතුරේ ජොබ් එක මොකක්ද දන්නෙ නෑ. රට වටේ ඔෆිස් වල ගිහින් බනින්නෙ ඒකයි. ඔන්න අයින් කරන්න ඕන එවුන් ඉන්නවනම් කියපල්ල.ඩෝසර් කරල දායි..මේකනම් ලෙඩක් බන්..ඔය ඇඩ්වයිසර්ල නෑදැයොන්ට බැරිද කවුන්සිලින් කරවන්න
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කාලෙකට කලින් head office එකේ CCTV හයි කරන්න යනකොට මොකක්ද අවුලක් ආවා නේද? දැන් CCTV දාලද තියෙන්නේ?
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    කාලෙකට කලින් head office එකේ CCTV හයි කරන්න යනකොට මොකක්ද අවුලක් ආවා නේද? දැන් CCTV දාලද තියෙන්නේ?
    මෙච්චර වැරදි පේන මනුස්සයට උදයන්ග,දිලිත්,රෙනෝ,ලන්සා,පැනි අන්කල් කරන සෙල්ලම් පත්තරේකින් වත් තාම පෙනුනෙ නැද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ඒ ටිකට ගුපියො රචනා ලියල, ඕක තමයි වෙන්ඩ ඕන ඔහොම යන්, අපි කැමතියි උබල රේගු හොරුන්ගෙ පස්ස ලොවන එකට..

    මෙච්චර වැරදි පේන මනුස්සයට උදයන්ග,දිලිත්,රෙනෝ,ලන්සා,පැනි අන්කල් කරන සෙල්ලම් පත්තරේකින් වත් තාම පෙනුනෙ නැද්ද
    ෆේක් අටෝගෙන කුහකතා කියුවට වැඩක් වෙන්නෙ නැ පොන්ස් පදනමක් ඇති දෙයක් කියන්ඩ ඉගෙන ගනින්
    ------ Post added on Jan 23, 2021 at 11:12 PM
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    CCTV
    කාලෙකට කලින් head office එකේ CCTV හයි කරන්න යනකොට මොකක්ද අවුලක් ආවා නේද? දැන් CCTV දාලද තියෙන්නේ?
    CCTV දාලා ගොඩක් කල් මචං.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ලොල් ඒ ටිකට ගුපියො රචනා ලියල, ඕක තමයි වෙන්ඩ ඕන ඔහොම යන්, අපි කැමතියි උබල රේගු හොරුන්ගෙ පස්ස ලොවන එකට..

    ෆේක් අටෝගෙන කුහකතා කියුවට වැඩක් වෙන්නෙ නැ පොන්ස් පදනමක් ඇති දෙයක් කියන්ඩ ඉගෙන ගනින්
    ------ Post added on Jan 23, 2021 at 11:12 PM
    මචන් රජයේ සේවාවලට බදවගැනීම් සන්ශෝශනයක් ඕන.මින් පස්සෙ රජයෙ සේවයට බදවගන්න ඕනෙ එක එක තනතුරු වලට නෙවෙ.ඔක්කොමල බදවගන්න ඕන ජනාදිපති තනතුරට.
    එතකොට මේ සර්වගෙ එක්කෙනෙක් මදි වෙන්නෑ රටේම ආය්තන පුද්ගලිකව බල බල ඉන්න බදවගන්න ඔක්කොම ජනපතිල නිසා බැහැල උන්ම වැඩ කරයි
    රජයෙ විවිද තනතුරු වල ඉන්න එවුන් අති විසේස ගැසට් එකක් ගහල හෙට ඉදල ජනපතිල ලක්ශ 14ක් කරානම් ගොඩනෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    මෙච්චර වැරදි පේන මනුස්සයට උදයන්ග,දිලිත්,රෙනෝ,ලන්සා,පැනි අන්කල් කරන සෙල්ලම් පත්තරේකින් වත් තාම පෙනුනෙ නැද්ද
    පඹයෙක් ජනාදිපති වෙලා පො**යෙක් අගමැති උනාම තවත් මොනවා වෙන්නද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    කයිවාරු සේන යකෝ දෙයක් හදන්න ඕනෙ උඩ ඉන්දන් පහලට මිසක් අනිත් පැත්ත නෙමේ. මුලින් පාර්ලිමේන්තුව සුද්ද කරලා ආවා නම් මිනිස්සු පිලිගනී කයිවාරු කියවන්නෙ නැතිව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන් රජයේ සේවාවලට බදවගැනීම් සන්ශෝශනයක් ඕන.මින් පස්සෙ රජයෙ සේවයට බදවගන්න ඕනෙ එක එක තනතුරු වලට නෙවෙ.ඔක්කොමල බදවගන්න ඕන ජනාදිපති තනතුරට.
    එතකොට මේ සර්වගෙ එක්කෙනෙක් මදි වෙන්නෑ රටේම ආය්තන පුද්ගලිකව බල බල ඉන්න බදවගන්න ඔක්කොම ජනපතිල නිසා බැහැල උන්ම වැඩ කරයි
    බයිල එපා පොන්ස් පදනමක් හරයක් තර්කයක් ඇති දෙයක් කියන්ඩ ඉගෙන ගනින්, හමදේටම හව් හව් බව් බව් ගෑවට වැඩක් නැ..

    කයිවාරු සේන යකෝ දෙයක් හදන්න ඕනෙ උඩ ඉන්දන් පහලට මිසක් අනිත් පැත්ත නෙමේ. මුලින් පාර්ලිමේන්තුව සුද්ද කරලා ආවා නම් මිනිස්සු පිලිගනී කයිවාරු කියවන්නෙ නැතිව
    ලොල් ඔය කියන්නෙ අපුරුවට, වැඩක් කරන්ඩ යද්දි බයිල නම් කියයි ගමකට, පාර්ලිමේන්තුව සුද්ද කරන විදිහ කියපන්කො බලන්ඩ අපිත් ආසයි දානගන්ඩ..
    ------ Post added on Jan 23, 2021 at 11:21 PM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඇයි ගමකට ගිහින් රේගුවට බනින්නේ?
    එහෙම තමා ගම් වල බයියන්ගේ මොරාල් හදන්නේ. පුකට පෙට්‍රල් ගැහුවා ගැම්මක් එන්නේ එතකොට