රේල් පාර දිගේ පට්ටිපොල සිට ඔහියට හා ඉදල්ග&#352

donguy

Member
Feb 28, 2011
419
68
0
රේල් පාර දිගේ පට්ටිපොල සිට ඉදල්ගස්හින්නට

රේල් පාර දිගේ පට්ටිපොල සිට ඔහියට හා ඉදල්ගස්හින්නට ..

මෙයට පෙර මේ ආකාරයට රේල් හයික් ගිය ෆොටොස් වගයක් මම එලකිරි එකෙ දැකල තිබුනත්, අපි ගිය චාරිකාව අපිට ටිකක් විශේෂ දෙයක් උනු නිසාත්, මේ වගෙ ට්‍රිප් යන එක වැඩිය කව්රුත් නොකරන දෙයක් හින්දා, අපි ගිය ට්‍රිප් එකේ ෆොටෝස් ඔයාල එක්ක බෙදා ගන්න හිතුන, ට්‍රිප් එක ගිහින් දැනට ටික දවසක් වෙනවා උනත්, කිරියට දාන්න තරම් ඉස්පාසු වෙලාවක් තිබුනේ නැහැ.

මම නිතරම කිරියට එන සාමාජිකයෙක් උනාට, මීට කලින් මේ වගේ ත්‍රෙඩ් එකක් මම දාල නැහැ. ඔක්කොටම වැඩ අමාරු දෙයක් උනේ සිංහලෙන් කොටන්න සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න එක, මෙයට පෙර එලකිරියේම දාල තිබිල ගත්තු සොෆ්ට්වෙයාර් පොජ්ජක් එක්ක වැඩ කරන එක එච්චර යූසර් ෆ්රෙන්ඩ්ලි උනේ නැතිනිසා, (මධුරද කොහෙද). දන්න කියන ගූගල් එකේම ඔන්ලයින් කොටන්න පටන් ගත්ත, විශේෂයෙන් මතක් කරන්න ඕන මීට කලින් http://www.elakiri.com/forum/showthread.php?t=1596322 මෙන්න මේ ත්‍රෙඩ් එක බලල තමය්, ෆොටෝස් එහෙම කිරියට අප්ලෝඩ් කරන එක දැන ගත්තේ, සහ තව බොහෝ දේ.
විශේෂ ස්තුතියක් ඔහුටත් හිමිවිය යුතුයි,

කොහොමින් කොහොම හරි කතාවට එමුකො, අපි යන්න ප්ලැන් කරේ 5 වෙනිදා නිසා (ඉරිදා) ඉස්සර වෙලාම කළේ සීට්ස් බුක් කරන එක. සෙකන්ඩ් ක්ලාස් එකේ බදුල්ලටම යන්නය් එන්නයි දෙකටම අපි ටිකට්ස් ගත්තේ කෝකටත් සැලසුම් කරගත්ත ආකාරයට වැඩ සිද්ද නොවුනොත් කියල, අපි මුලින්ම හිතාගෙන හිටියේ ඉරිදා බදුල්ලට ගිහින් රැ, බදුල්ලේ ගතකරලා පහුවෙනිදා උදේ 5.45 ට බදුල්ලෙන් එන ට්‍රේන් එකේ ඉදලගස්හින්නට ඇවිත් පට්ටිපොළට පයින් යන්න, එත් කොළඹින් උදේ 5.50 ට යන පොඩි මැණිකේ ට්‍රේන් එක ෆුල් වෙලා තිබුන නිසා අපි කලේ උදේ 9.45 යන්න නියමිත වෙලා තිබුන ට්‍රේන් එකේ සීට්ස් දෙකක් බුක් කරන එක. (ඒ ට්‍රේන් එක පලවෙනි වතාවට එදා තමයයි දාල තිබුනේ). ටිකක් ෂපාන් එකේ යන්න හිතාගෙන තමයි සෙකන්ඩ් ක්ලාස් ටිකට්ස් ගත්තේ, රු 600 ක් ටිකට් එක. කොහොම හරි, අපි උදේ 8.30 ට විතර ස්ටේෂන් එකට එනකොට බදුල්ලට ට්‍රේන් දෙකක්ම පිටත්වෙලා තුබුණා. එත් සෙනග නම් අඩුවක් වෙලා නැතුව හිටියා. කොහොමහරි වෙලාවට කෝච්චි දුවන රටේ ට්‍රේන් එක ෆ්ලැට්ෆෝම් ගහද්දි 10.00 යි පිටත්වෙද්දී 10 යි කාලට විතර ඇති, විශේෂ දෙයක් නැති නිසා අපි යමින් ගමන් එච්චර ෆොටෝස් ගත්තේ නැහැ, එත් අතරින් පතර දැකපු දේවල් මම පොස්ට් කරන්නම්.

මේ ෆොටෝ එක ගත්තේ නාවලපිටිය පහුකරලා යන කොට, කැලෑව ගිනි ගන්නවා, එක්කෝ ලැව්ගින්නක් නැත්නම් කවුරුහරි උවමනාවෙන්ම ගිනිතියල, අපිට මෙතන ගොඩක් ෆොටෝ ගන්න හම්බ උනේ නැහැ.
clgj.jpg


අතර මගදී දැකපු තේ කර්මාන්තශාලාවක්.
de2y.jpg


වටගොඩ ස්ටේෂන් එක.
e1ce.jpg


ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක සහ එයට පසුව හමුවන පාලමක්.
3wbb.jpg


1k96.jpg


xw1y.jpg


අපි ගිය ට්‍රේන් එකේ ගොඩක් හිටිය ටුවරිස්ට්ලා, සමහර අය නානු ඔය ස්ටේෂන් එකේන් බැස්ස තව ඇල්ල ස්ටේෂන් එකෙන් බහින අය ගොඩක් හිටිය.
72mj.jpg


දන්නවා නේද මොකක්ද කියල? අපේ කැමරා එක එච්චර ලොකු එකක් නෙමෙය්, ගොඩක් දුර zoom කරන්න බැහැ. යන ගමන් ක්ලියර් ෆොටෝ එකක් ගන්නත් අමාරුයි. එකයි වයර් ලයින් එකක් අහුවෙලා තියෙන්නේ.
igfb.jpg



අපි කලින් සැලසුම් කරගෙන හිටියේ බදුල්ලට ගිහින් රැ, බදුල්ලේ ගතකරලා පහුවෙනිදා උදේ 5.45 ට බදුල්ලෙන් එන ට්‍රේන් එකේ ඉදලගස්හින්නට ඇවිත් පට්ටිපොළට පයින් යන්න, එත් අපේ train එක ගොඩක් ප්‍රමාද උන නිසා, අපි හිතුව බදුල්ලට යන එක තේරුමක් නැති වෙයි කියල. මොකද අපි ඒ වෙද්දී බදුල්ලේ නවතින්න තැනක් හොයාගෙන තිබුනෙත් නැහැ, අනිත් එක අපි හිතාගෙන හිටියේ ගමන ඉවර වෙලා කොළඹට එන්න පට්ටිපොලින් train එකට නගින්න එත්, යද්දී ගොඩක් සෙනග හිටපු හින්ද අපි හිතුව සීට් ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා කියල එනකොට උනත්. ඉතින් හදිසියේම අපේ සැලසුම් වෙනස් කරලා අපි පට්ටිපොලින් බහින්න තීරණය කලා. නමුත් අපි පට්ටිපොලත් නවතින තැනක් හොයාගෙන තිබුනේ නැහැ.

එත් අහම්බෙන් හොයාගත්ත තොරතුරු වගයකට අනුව, අපිට නවතින්න තැනක් හම්බ උනා. මේ කරුණාදාස මහත්තයාගේ නවතැන් පොළ, නිසංසලා ගෙස්ට්. රු. 1000 කට රූම් එකක් ගන්න පුළුවන් උනා. මේ රූම් එකක් 3 දෙනෙකුට උනත් හොඳටම ප්‍රමාණවත්. මේක තියෙන්නේ ස්ටේෂන් එකේ ඉඳල මීටර් 200 විතර දුරින්, මේ එයාගේ නම්බර් එක 0524900110. පට්ටිපොලත් නුවර එලිය වගේම ගොඩක් සීතලයි.
kpom.jpg


i2fo.jpg


පට්ටිපොළ ස්ටේෂන් එක ඉස්සරහ පාරේ යනකොට හම්බ වෙන රත්නසිරි හෝටලය, අපි එදා රැත්, පහුවෙනිදා උදෙත් කෑම කෑවේ එතනින්, උදේ කෑම කද්දී බලාගෙන ඉන්න කට්ටිය, කද්දී අනිවා මෙයාලටත් දීලම තමයි කෑවේ. උදේ එතනින් කාපු පොල්රොටි වලින් සැහෙන ප්‍රමානෙකට මෙයාලත් වග කිව්වා.
l06u.jpg


elx2.jpg


උදේ 7.15 ට විතර අපි අපේ හයික් එක පටන් ගත්තා.

පට්ටිපොළ. ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය.
0s30.jpg


2kcj.jpg


97kh.jpg


9jld.jpg


0bmv.jpg


4um1.jpg


සමිට් ලෙවල්, එතනට එන්න කිලෝමීටර් එකක් විතර ඔහිය පැත්තට එන්න ඕන.
ywwo.jpg


පැනොරාමා අවුලක්, රේල් පාරේ පීල්ලක් පැනලා, (ලොල්)
2uu1.jpg


දුම්රිය පාර දිගේ තවදුරටත් ඉදිරියටම,
vktf.jpg


පට්ටිපොළ පසින් 18වන උමගට ඇතුල්වෙන තැන, සහ නුවර එලිය දිස්ත්‍රික්කය හා මද්‍යම පළාත දෙසින්,
crrq.jpg


විශේෂ දෙයක් කියන්න තියෙනවා මෙම 18 වන ටනල් එක ගැන. කොළඹ සිට බදුල්ලට දිවෙන දුම්රිය මාර්ගයේ තිබෙන විශේෂම උමන් වලින එකක් සහ තුන්වෙනියට දිගම උමග ලෙස සැලකෙන්නේ මෙම උමග තමයි, දිගින් මීටර් 321.95 වන මෙය ඇතුලත බෙහෙවින් පටු වන හදිසියෙ හෝ දුම්රියක් පැමිණියහොත් දුම්රියෙහි ගැටීමට තරම් අනතුරුදායකයි, විශේෂයෙන් කිවයුතු දෙයක් නම්, අපි ගමන් කරද්දී හමු උණු, දුම්රිය පාර අලුත්වැඩියාවෙහි නිරතව සිටි සේවකයින් අපිට අනතුරු හැඟවූවා, ප්‍රවෙසම් වෙන්න කියලා.

මෙයට වඩා දිගින් වැඩි ටනල් දෙකක් තියෙනවා, දිගින් වැඩිම උමග, හැටන් දුම්රිය ස්ථානය පසු කරාම හමු වෙන සින්ගිමලේ උමග (දිගින් මීටර් 559) සහ මොරගොල්ල උමග (359m). අපි මීට කලින් හයික් එකකදී මොරගොල්ල උමග ඇතුලෙන් ඇවිත් තියෙනවා.

මෙම උමග ගැන කියනවනම්, ඇතුලත හරිම අඳුරු සහ ලිස්සන සුළුයි, ඒ වගේම දහස් ගණන් වවුල්ලු ඇතුලේ ඉන්නවා, ඒ නිසාම ටිකක් දුඟදයි, මෙය පිහිටා තිබෙන්නේ ස්ටෂන් එකෙන් ගොඩක් ඇතට වෙන්න, ඒ නිසාම ළඟ පාත කිසිම ජනාවාසයක් නැහැ. මෙම උමග හරියට පිහිටලා තියෙන්නේ, නුවර එලිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම හරහා, ඒ විතරක් නෙමෙයි ඒ නිසාම ඌව පළාතත්, මද්‍යම පළාත්‍ මායිමත් හරහා, මේ හේතුවෙන් මෙම උමගෙන් ඇතුළු වෙන කොට තියෙන සීතල, මද්‍යම පළාතේ තියෙන දේශගුනයට වඩා ගොඩක් වෙනස් දේශගුණයක් තමයි අපිට අනික් පැත්තේදී දකින්න ලැබෙන්නේ. උෂ්ණත්වය වගේම දකින්න ලැබෙන පස පවා ගොඩක් වෙනස් එකිනෙකට, මේවගේ වෙනසක් අඩුකාලයක් ඇතුලත දැනෙන්න නම් මේ ටනල් එක හරහා එන්න ඕන.

තවත් දෙයක් කියන්න තියෙනවා, ගොඩක් අය කැමති ඇති මේවගේ ගමනක් යන්න, නමුත් ලංකාවේ පවතින නීතියට අනුව දුම්රිය මාර්ගයේ ගමන් කිරිම වරදක්, මේක ගොඩක් දුරට ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ. එත් අපි යනවනම් දුම්රිය මාර්ගය අලුත්වදියාවෙහි නිරත වෙලා ඉන්න සේවකයන්ට කරදරයක් නොවෙන විදිහට යන්න අපි ඒ අයට කරදරයක් කියල හිතුනොත් එහෙම නැත්නම් අපි ගැන සැකයක් ඇති උනොත්, සමහර විට නීති ක්‍රියාත්මක වෙන්නත් ඉඩ තියෙනවා, එහෙමෙ වෙන්නේ අපෙම අය කරන වැරදි හින්දම තමයි,
අපි දැනගන්න ඕන ඊළඟ කෝච්චිය එන්නේ කීයටද, ඒ වෙලාවට ටනල් එකෙන් පිට ඉන්න ටයිම් එක බලාගෙන යන්න, train shedule එක ස්ටෙෂන් එකෙන් බලාගෙනම යන්න. හදිසියේ හරි ඇතුලෙදි සෙට් උනොත් කලබල වෙන්නේ නැතුව, පුළුවන් තරම් ටනල් බිත්තියට හේත්තු වෙලා, පිටේ බෑග් එකක් එල්ලගෙන ඉන්නවනම් ඒක අතට අරගන්න, (සමහරවිට train එකේ වදින්න පුළුවන් වෙන හින්ද). හැම බින්ගේයකම ඇතුලේ, man hole තියෙනවා, ඒවා තියෙන්නේ trail පාර repair කරන අයට, patrol යන යට හදිසියකදී උමග ඇතුලෙදි කෝච්චියක් සෙට් උනොත් රැඳිලා ඉන්න, ඒවගේ තැන note කරගෙන යන්න ඕන, එත් sure කරගෙනම යන්න නම් එපා. යන අය හැම එක්කෙනෙක්ම ගොඩක් එලිය තියෙන ටෝර්ච් එකක් අරගෙන යන්න. ෆෝන් වල තියෙන ෆ්ලැෂර් එක නම් ඇතුලට දැනෙන්නේවත් නැහැ. ටනල් ඇතුලේ තියෙන්නේ අමුතුම කලුවරක් එක ඇතුලට කවමදාවත් ඉර එළියක් වැටිලා නැති නිසාමද දන්නේ නැහැ, ටෝර්ච් එළියෙන් පෙනෙන්නෙත් යන්තම් සිල්පර තුන හතරක් දුරට විතරයි.

225කි.මි. හරියට තියෙන්නේ 18 උමග ඇතුලේ.
r1l7.jpg


මේ තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය සහ ඌව පලත දෙසින් ගන්නා ලද ෆොටෝ එකක්,
see the difference ....
1g4q.jpg


wow !!!!!!!
u5kb.jpg


19 වන ටනල් එක, මෙය මීටර 19 ක් දිගින් යුක්ත වන අතර, එතරම් අපහසුතාවයකින් තොරව ගමන් කල හැක,
dx0r.jpg


මහාරත්මල් ශාකය (scientific meaning - Rhododendron arboretum). ඉතා අලංකාර පුෂ්පමය ශාකයක් වන අතර ලංකාවට ආවේනික වේ.මෙහි ඇති විශේෂත්වය නම්, මෙය වැවෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5000 ට වඩා උසින් තියෙන ප්‍රදේශ වල විතරක් වීමයි,
pitw.jpg


ස්වාභාවික වැඩුනු ශාඛ සහ, වගාකරන ලද යුකැලිප්ටස් ශාඛ වලින් යුතු වනය,
8o7e.jpg


ඉදිරියටම ....
i2am.jpg


අංක 20 උමග,
8nnt.jpg


b5c6.jpg


මෙහි ඇති විශේෂත්වය, මෙය තනි කෙලින් පිහිටතිබෙන දිගම උමග වීමයි, මෙයට කියන විශේෂ නමකුත් තියෙනවා කියල මම දැනගත්ත, (The mirage Tunnel) මේකට හේතුව, අපිට පෙනෙන්නේ මේක ඉතාමත් කෙටි උමගක් ලෙස උනත්, අපි එයට ඇතුළු උනාට පස්සේ එහි කෙලවර ගොඩක් ඈත කියලයි අපිට පෙනෙන්නේ, (යනවා යනවා ඉවරයක් නැහැ, එත් උමගේ කෙලවර පෙනෙනවා) ආසන්න වශයෙන් මීටර් 200ක් වත් දිග ඇති.

කළුපැහැ ගැනුණු කඳින් යුතු, යුකැලිප්ටස් ගස්, මට හිතෙනේ විදිහට පොඩි පොඩි ගිනි ගැනීම් හින්ද යටි රෝපණය විනාශ වෙලා වගේම, ගස්වල කඳවල් කලුපාට වෙලා,

9nk7.jpg


wyot.jpg


මේ පාලම පහු කරන එක ටිකක් විතර අවදානම්, වගේම බයත් හිතෙනවා,
7uub.jpg


az5f.jpg


පාලම පහු කරනවත් එක්කම,තමයි, මේ උමග නම් සෙට් වෙන්නේ, මේක දිගින් මීටර් 80 කියල තමයි දැනගන්න ලැබුනේ, අපිට මේ ටනල්ස් වල දිග මීටර් හෝ ආදී වලින් ගණනය කරන්න අමාරුය්, මේ හැම එකේම දිග සඳහන් වෙන්නේ දම්වැල් කියන මිනුම් ඒකකයෙන්, සමහර විට මෙයට වඩා බොහේ සෙයින් වෙනස් වෙන්න පුළුවන්, මේක තමයි, පට්ටිපොළ සහ ඔහිය අතර තිබෙන අවසානම බින්ගෙය.
cql6.jpg


3ixg.jpg


Tree Arts.....
edyg.jpg


ඔහිය දුම්රිය ස්ථානය, අපි මෙතනට එනකොට උදේ 10ට විතර ඇති, පට්ටිපොළ සහ ඔහිය අතර දුර කි.මි 6.7 විතර.
x7f9.jpg


0jhp.jpg


jn0r.jpg


ඔහිය කියන්නේ තුන් වෙනියට උසින් වැඩිම දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට මීටර් 1791 උසිනුය් පිහිටලා තියෙන්නේ, ඉතාමත් ලස්සන වටපිටාවක් වගේම සීතල දේශගුනයකිනුත් යුක්තය්. හෝර්ටන් තැන්නට යන එක පාරක් වැටිලා තියෙන්නේ ඔහිය හරහා. දුර කි.මි. 6 කියල දාල තුබුන බෝර්ඩ් එකක දැක්ක,

අපි ඒ ළඟ තිබුන කඩේකින් තේ බීල ආයේ ගමන පටන් ගත්ත.

ඩක්කු....
clp8.jpg


ඊළඟට ආයෙමත් කැලය.
2nku.jpg


රේල්වේ කම්කරුවන් වැඩ කරමින්..
e42c.jpg


rnv7.jpg


ටනල් නම්බර් 22, දිග මීටර් 124 ලු, ඔහියට පස්සේ හමුඋන ප්‍රථම බින්ගෙය.
rpof.jpg


ඇතුලේ ඉන්න යාලුවෝ, මෙයාලට කාගෙන්වත් කරදරයක් නැති නිසා දහස් ගණනින් ඇතුලේ දැකගන්න පුළුවන්,
r0tc.jpg


ඒ බින්ගේයම අනිත් පැත්තෙන්,
bxmu.jpg


23 න් වෙනි එක, දිග මීටර් 140යි,
fxup.jpg


24 නම් මීටර් 40 යි කියල තමයි තිබුනේ, අපි මේ හරියට 10.30 වෙද්දී ලඟා වෙලා හිටිය,.
soow.jpg


25 ඇතුලේ, දිග මීටර්, 80 ලු ,
jdeh.jpg


ආඩි සිය ගණනක් ඉහල ඉඳන් පහලට වැටෙන දිය කඳුරක්. අපි මේ ගමන් යන කොට වියලි කාලගුණයක් තිබුනේ, ගොඩක් කාලෙකින් වැහැල තිබුනේ නැහැ, ඉතින් මේ ජල පාරවල් වල වතුර ගොඩක් අඩුයි,
uzew.jpg


හැම බින්ගේයකින්ම පස්සේ ආපහු එක්කෝ තව බිංගෙයක් නැත්නම් පාලමක්, ( මේකට tunnel section කියලත් කියනවා,) ලංකාවේ දුම්රිය ස්ථාන දෙකක් අතර තිබෙන වැඩීම බින්ගේවල් සංක්‍යාවක් තියෙන්න ඔහිය සහ ඉදල්ගස්හින්න අතර. සම්පූර්ණ ගණන 14.
xlo6.jpg


7ro0.jpg


විසිහයවන උමග, ටිකක් පොඩියි, දිග මීටර් 20ලු.
ylav.jpg


බිංගෙයක් ඇතුලෙන් තව බිංගෙයක් පෙනෙන හැටි,
n1sh.jpg


අම්මෝ 27යි, දිග මීටර් 60 විතර ඇති,
8a4m.jpg


විසිඅටවෙනි බින්ගෙදර දිග මීටර් 100යි,
0ib8.jpg


විසිනමය අම්මෝ එක, 181 මීටර ඔලින්,
dd2b.jpg


පට්ට පාලු ප්‍රදේශයක්. මිනිහෙක් මරල දාල තිබුනත් දන්නේ නැහැ,

29ය ඉවරවෙනකොටම එක ඇතුලෙන් තව එකක් පෙනෙනවා, තිස් වෙනිඑක. එකනම් එච්චර දිග නැහැ,

තිස් වෙනි එක ඉස්සරහ
hse3.jpg


දිගටම ගමන තමයි, තිස් එක, දිගින් අඩි වලින් 495ක්, සෙල්ලම්ද කොල්ලො කිව්වලු,
0qe4.jpg


අංක තිස්දෙවන උමග. දිග මීටර් 80යි,
mcit.jpg


තිස්තුන් වෙනි එක නේද ඔය ඉස්සරහින් පෙන්නේ, දිග කීයද. ම්ම්ම්ම් මීටර් 80, සමහරවිට මෙව්වගෙ සඳහන් මිනුම් 100% ම නිවැරදි නොවෙන්නත් පුළුවන්, අපි පහු කරපු 31වන බින්ගේය දිගින් තිබුනේ මීටර් 60 කියල, එත් ඇතුලේ සඳහන් කරලා තිබූන අඩිවලින් දිග ප්‍රමාණය, අපිත් මෙම මිනුම් බලාගත්තේ අන්තර්ජාලයෙන්ම තමයි, හැම බින්ගේයක්ම තරණය කරන්න අපිට ගත් කාලය අපි කොලයක සටහන් කරගෙන අපි දල වසයෙන් අදහසක් ගත්ත.
f7gk.jpg


ඉහල කන්දේ සිට කොච්චි පාරට කඩාගෙන ඇවිත් තිබුන රූස්ස ගසක්, මේ ගස මාර්ගයෙන් ඉවත්කර දුම්රිය ගමනට ඉඩ ලබාදෙන්න සේවකයින් මහත් වෙහෙසක් දරන්න ඇති, ඒ වගේම පාරට ගල්, පර්වත කඩාගෙන ඇවිත් තිබුන ස්ථාන, පාර සංපූර්නයෙන්ම නාය ගිහින් යටවුන තැන බොහොමයක් තිබුන, ඒවා clear කරලා පාර හදන එක ලේසි වැඩක් නෙමෙය්, තව දෙයක්, මෙහැම දුම්රිය ස්ථාන දෙකක් අතර මුර සංචාරයේ යෙදෙන සේවක පිරිසක් ඉන්නවා. ඔවුන් දුම්රිය මාර්ගය පරීක්ෂාවෙන් දිනපතාම ගමන් වාර කිහිපයක්ම සෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කරනවා, මේක පිට ආතල් දෙයක් උනාට එයාලට එහෙම නෙමෙය්, වැස්සේ පින්නේ සීතලේ රෑ නිදිවරගෙනයි එයාල එයාලගේ ජොබ් එක කරන්නේ, අපි මෙම සංචාරයේ යෙදෙනකොට ගොඩක් ඒවගේ patrol යන අය හම්බ උනා. අපෙන් විස්තර අහල උපදෙස් දෙන්න තරම් ඒ අය කාරුණික උනා, අපි එකත් විශේෂයෙන් මතක් කල යුතුමයි.
මේ ගමන් යද්දී මට හිතුනු දෙයක් තමයි, විශේෂයෙන් මෙම දුම්රිය මාර්ග ඉදි කිරිමේදී සුද්ද අපිට හදල දුන්න පාර උනාට, දහස් ගණනක් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමය මහන්සිය, විතරක් සමහර විට ජීවිත පවා මේ පාරවල් වලට යට කරල ඇති. අවරුදු සීයකට විතර කලින් අද වගේ යන්තර සූත්‍ර නොතිබුණු යුගයක මෙවැනි විශ්ව ඉදිකිරීම් කරන්න මිනිස්සුන්ගේ විතරක් නෙමෙය් සත්තුන්ගේ පවා ශ්‍රමය යොදා ගන්න ඇති, ඉතින් අද අපි සුවසේ ගමන් කරන්නේ අපේ සීයල වෙච්ච මහන්සිය හින්ද නේද කියල මට හිතෙනවා,
kqgf.jpg


එකක් ඇතුලෙන් තව එකක්...
vwwe.jpg


තිස් හතරයි, දිග මී.120, පේනවනේ ඇතුල.
vm5a.jpg


තිස් හතරෙන් එලියට එද්දී ගත්තු එකක්, අපි ඒ ටනල් එක ඇතුළු වෙනකොට තිබුන කාලගුණය සංපූර්නයෙන්ම වෙනස්වෙලා තිබුන මෙහා පැත්තට එද්දී, එහා පැත්තේ තිබුනේ වියලි තත්වයක් එත්, මෙහා පැත්තේ, ගොඩක් සිසිල් කාලගුණයක් තිබුනේ,
gcny.jpg


6c2a.jpg


ඕනන තිස්පහ, එකත් පොඩි නැහැ දිගින් මීටර් 80ක්,
8l4b.jpg


හම්මේ එකත් ඉවරයි, පෙනවනේද කඳු කඩාගෙන වටිලතියෙන හැටි, මෙතනට එනකොට වෙලාව 11.20යි හරියටම, අපි උදේ 7.30 විතර පටන් ගත්තේ.
ph0t.jpg


අපි දැන් ටිකෙන් ටික ජනාවාස තියෙන හරියට ලංවෙනවා,, මෙච්චර වෙලා කැලේ ඇතුලෙනේ ආවේ,
hwqa.jpg


මෙතනට මුලු එරියා එකම පෙනෙනවා, ඔය ඉන්නේ නම් මම,
ehy2.jpg


ඉඩල්ගස්හින්න ස්ටෂන් එක පෙනෙන දුරින්,
y625.jpg


පේනවා නේද මීදුම, මුහුදු මට්ටමේ ඉඳල මීටර් 1665 උසින් තිබෙන මෙම දුම්රිය ස්ථානය, දෙපසින්ම ඉතා ඇත දර්ශනයක් බලාගන්න පුළුවන්ලු, පැහැදිලි දවසකනම්, එක පැත්තකින්, බොරලන්ද, වැලිමඩ සහ උදුපුස්සැල්ලද අනිත් පැත්තෙන් බෙරගල, හම්බන්තොට වෙරල තීරයද උඩවලවේ ජලාශය දැකගන්න පුළුවන්ලු, එත් අපි ගිය දවසෙනම් ළඟ ඉන්න එකාවවත් පෙන්නේ නැහැ,

2qvp.jpg


22q9.jpg


ඉඩල්ගස්හින්නට ලඟා වෙනකොට හරියට 1.30යි, එතනදී නම් ලොකු වැස්සකටත් සෙට් උන, ළඟ පාත කඩයකටවත් යන්න බැරි හින්ද අපි එතනට වෙලා වැඩිවෙලාම හිටිය කොළඹින් එන පොඩි මැනිකේව අල්ල ගන්න, ඔය එන්නේ එය තමයි,
s8ng.jpg


අතර මගදී දැකපු එක්කෙනෙක්,
owf3.jpg


කොහොමහරි අපි බදුල්ලට යනකොට හවස් වෙලා, අපේ තව පලැන එකක් තිබුන, දෙමෝදර ලූප් එක බලන්න යන්න එත්, බහින්නවත් බැරිතරමට වැස්ස. එක පස්සේ දවසකට කල්දමල අපි බදුල්ලටම යන්න ගිය, අපි ඊට පස්සේ නවතින්න තැනක් එහෙම හොයාගෙන (තව දෙයක් මට එතන හොයාගන්න පුළුවන් උනෙත් කිරියේ දාල තිබුන ත්‍රෙඩ් එකකින් තමය, ) ඉමාලි ගෙස්ට් ඉන් 0552223265, රූම් එකක් 1200 උන,
umon.jpg


ඊට පස්සේ ඉතින් පහුවෙනිදා ආයේ කොළඹ තමයි, උදේ 5.45ට පිටත් උනේ, උඩරට මැණිකේ දුම්රියේ,

අපේ ප්‍රදානම අරමුණ වෙලා තිබුනේ rail hike ඒකනිසා, එකට අදාළ ෆොටෝස් විතරය් මම අප්ලෝඩ් කරන්නේ,
මීට කලින් මම මේවගේ ෆොටෝස් එක්ක ත්‍රෙඩ් එකක් දාල නැහැ, ඒකනිසා අව්ලක් තිබුනොත් shape එකේ කියන්න.

මේවගේ ගමනක් කව්රුහරි යනවනම්, හොඳට සැලසුම් කරලා යන්න, විශේෂයෙන් එකම ප්ලැන එකක් නැතුව වෙන වෙන ඔප්ෂන් ගනත් හිතල ගමන යන්න, සමහර විට ඒවා වෙනස්වෙන්න, වෙනස්කරන්න සිද්ද වෙනවා, කාලගුණය මත, වගේම ප්‍රවාහන පහසුකම් අනුව,

ඒ වගේම දුම්රිය මාර්ගයේ ගමන් කරද්දී, අපේ ආරක්ෂාව වගේම අපිට සුද්දාගෙන් ලැබුන උනත් අදටත් ජාතියට සම්පතක් වුනු දුම්රිය පාර ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ගොඩක් අය, අපි උනත්, කෝච්චියක් එද්දී අතේ තියෙන මාරු කාසියක් පීල්ලට තියල පොඩි ආතල් එකක් ගන්නවා, සමහර අය ඊට එහා ගිහින් පාරේ වැටිලා තියෙන ලොකු යකඩ ඇන වගේ දේවල් පීලි දෙකක් එකට ජෝයින්ට් වෙන තැනට තියල කෝච්චියක් එනකම් බලාගෙන ඉන්නව කියලත් අපිට දුම්රිය සේවකයෝ කිව්වා, එක නිසා පාරේ යන අය ගැන එයාල ගොඩක් සැලකිලිමත් ඉස්සර වගේ නෙමේ, සමහර විට මම අර කලින් කියපු නීති මීට වඩා තදින් ක්‍රියාත්මක වෙන්නත් ඉඩ තියෙනවා.

අපි දැකපු දෙයක් තමයි, ගොඩාක් දෙන තමන් train එකේ පාවිච්චියට ගනිපු ෂොපින් බෑග, වතුර බෝතල්, බිස්කට් පැකට්, වගේම බීම කෑන්, විශාල ප්‍රමාණයක් මාර්ගය දෙපැත්තේ, වැටිලා තියෙනවා, දැන් තියෙන පවර් සෙට් වල ඩස්ට් බින් එකක් තියෙන හින්ද මේවගේ දේවල් එකට දානවනම් පරිසරය ගොඩක් දුරට ආරක්ෂා වෙය්, මේ පාරවල් ක්ලීන් කරන්න කව්රුවත් නැහැනේ. එක නිසා පරිසරය ලස්සනට තියාගන්න උදව් වෙන්න.

මාත් එක්ක තව මගේ යාලුවෙක් තමය් මේ හයික් එකට මාත් එක්ක ආවේ, සියලුම චායාරූප වල ගව්රවය ඔහුට හිමිවිය යුතුය්, එහෙනම් ඔක්කොටම ජය වේවා, අම්මෝ දවස් දෙකක් තිස්සේ අමාරුවෙන් ටයිප් කලේ, බලල විතරක් යන්න එපා බම්ප් එකක්වත් දාගෙන යන්න නැත්නම් මම පව්.
 
Last edited:

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mage gaane rep8+ dunna.ewagema 2007 awurudde badullata train eke observation eke giya trip ekai ,2008 worlds end trip ekai mathak una.haputhale station eke bahala kale madden adisham bungalow giya hike ekath patta.photos danna taram ekale tibba vga 1-2 mega pixel phone walinui 3-5 megapixel digicam walin gahapu ewage quality ekak naa.
     
    • Like
    Reactions: donguy

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    නියමයි මචන් ... ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට ...
    ෆොටෝස් ටිකක් ලොකු නිසා හැම තිස්සෙම පැත්තට scroll කරන්න වෙනවා කියවන්න ....(මගේ මොනිටරේ පොඩි නිසාද මන්ද:confused:) ඒ ඇරෙන්න ත්‍රෙඩ් එක එළකිරි ++


    oz05.png
     
    • Like
    Reactions: donguy

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    mage gaane rep8+ dunna.ewagema 2007 awurudde badullata train eke observation eke giya trip ekai ,2008 worlds end trip ekai mathak una.haputhale station eke bahala kale madden adisham bungalow giya hike ekath patta.photos danna taram ekale tibba vga 1-2 mega pixel phone walinui 3-5 megapixel digicam walin gahapu ewage quality ekak naa.

    thanks machan, pattama lassana patthak oya side eka, kochhara giyath epa wenne naha,
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    නියමයි මචන් ... ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට ...
    ෆොටෝස් ටිකක් ලොකු නිසා හැම තිස්සෙම පැත්තට scroll කරන්න වෙනවා කියවන්න ....(මගේ මොනිටරේ පොඩි නිසාද මන්ද:confused:) ඒ ඇරෙන්න ත්‍රෙඩ් එක එළකිරි ++


    oz05.png

    තැන්ක්ස් මචන්, මම මීට කලින් ෆොටෝස් අප්ලෝඩ් කරලා නැහැ, එකයි කොහෙහරි අවුලක් වෙලා තියෙන්නේ,
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    thanks machan, pattama lassana patthak oya side eka, kochhara giyath epa wenne naha,

    idalgashinne thiyenawa BIO TEA GARDEN kiyala tea factory ekak.eke tea lankawe market ekata daanne naa.export purpose witharai.yannath one wishesha andumak ehema andagena.puluwan nam yanna balapan.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    පට්ට මචන් ට්‍රිප් එක..කොල්ලො ටිකක් සෙට් කරගෙන යන්ඩ හිතෙනවා
     
    • Like
    Reactions: donguy

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එල මචන්,, යන්න හිතෙනවා tour එකක් මටත්.. එත් කොහෙද කුවේට් වල මේවා..

    rep +7
     
    • Like
    Reactions: donguy