රේල් පාර දිගේ පට්ටිපොල සිට ඔහියට හා ඉදල්ග&#352

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    බොහොම ස්තූතියි අපිත් එක්ක මේ මරු අත්දැකීම බෙදාගත්තට මචෝ...!

    මගෙ යාළුවො ටිකක් බදුල්ලෙ ඉදල පේරාදෙණියට රේල් පාරෙ ආව...උන්ට දවස් 3ක් ගියා වැඩේට..මරුම ගමනක් ඒක..හැබැයි සතියක් විතර නොන්ඩි ගගහ තමයි හිටියෙ රේල් පාරෙ ඇවිල්ලා...කිලෝමීටර 177ක්...

    මමත් තනියෙන් ෆෝන් එකක්වත් නැතුව කඩුගන්නාවෙ ඉඳල රඹුක්කනට තනියෙන් රේල්පාරෙ කිලෝමීටර් 15ක් විතර ඇවිල්ල තියනවා..ඒක මං ගිය පිස්සු හැදෙනම ට්‍රිප...මට දවසක් කෝච්චියෙ කොළඹ ඉඳල නුවර එද්දි තමා ඔය ගමන තනියෙන්ම යන්ට හිතුනෙ...
    ඉහළකෝට්ටේ ස්ටේෂන් එක පහුකරද්දී බිංගයක් තියනව..බිංගෙ ඇතුලෙ ලොකු වංගුවක් එක්ක..ඒක ඇතුලට මං ගියා කිසිම එළියක් නැතිව..මට මාවවත් පේන්නෑ..අපායට යන පාර වගේ කියලයි හිතුනෙ..මාර අත්දැකීමක් ඒක..කරල බලපල්ලා..හැබැයි..ගිණිකූරක්වත් ගිනියන්නැතිව තනියෙන් යන්ට ඕන..එතකොට තමා එළියට ආපුවහම බිංගෙන් ගියා කියල හිතෙන්නේ..බිංගෙ මැද එළියක් නැති අමුතුම තැනක්..
    ගංගොඩ ස්ටේෂන් එක පහුරල යද්දිත්..ඒවගේ බිංගයක් තියනව..තව බලන..කඩුගන්නාව අතරත් ජාතික බිංග දෙකක් තියෙන්නෙ..මාර ගමනක් ඒක..පාරිසරික සුන්දරත්වය විඳිමින් යන්ට පුළුවන්..ත්‍රාසජනක අමුතුම අත්දැකීමක්...!
     
    • Like
    Reactions: tharo and donguy

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    Bump. Reps also given for this post.

    Thanks 4 sharing :) Rep + :D

    චගු;16190002 said:
    නියමයි මචන් ... ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට ...

    elakiri wedak machan......... :yes: 5+ :

    නියමයි.. උබ හුගක් මහන්සි වෙලා.+10

    bump... rep 6++

    රත්තරං;16191577 said:

    බොහොම ස්තුතියි මචන්, ෆොටෝස් ටිකත් පිළිවෙලට හරිගස්සගෙන, විස්තර ටික හෙමිහිට ටයිප් කරා, ගොඩක් විස්තර ඉන්ටර්නෙට් එකෙනුත් හොයාගත්ත, තව දේවල් අහල දැනගත්ත, මේවගේ අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා, මට ඕන උනේ දැනගන්න ලැබුණු දේ අනිත් අයටත් කියලදෙන්න. එතකොට තව කෙනෙකුට උනත් ප්‍රයෝජනවත් වේවිනෙ.
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    පට්ට මචන් ට්‍රිප් එක..කොල්ලො ටිකක් සෙට් කරගෙන යන්ඩ හිතෙනවා

    Thanks 4 sharing :) Rep + :D

    Bump. Reps also given for this post.

    අපි හැමදාම යන ට්‍රිප් වගේ නැතුව, මේ වගේ එකක් යන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා, එත් ගමන නම් ෆන්, මේවටම හරියන කොල්ලෝ සෙට් එකක්ම වෙන්නත් ඕන.
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    එල මචන්,, යන්න හිතෙනවා tour එකක් මටත්.. එත් කොහෙද කුවේට් වල මේවා..

    rep +7

    පට්ට!:yes:

    niyamai machan
    hoda info tikak ekka dala thiyanawa
    rep+
    :D

    ela ela niyamayi bro 14++

    බොහොම ස්තුතියි මචන්, මේ වගේ ලස්සන තැන් ලංකාවේ තව ගොඩක් ඇති,
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    බොහොම ස්තූතියි අපිත් එක්ක මේ මරු අත්දැකීම බෙදාගත්තට මචෝ...!

    මගෙ යාළුවො ටිකක් බදුල්ලෙ ඉදල පේරාදෙණියට රේල් පාරෙ ආව...උන්ට දවස් 3ක් ගියා වැඩේට..මරුම ගමනක් ඒක..හැබැයි සතියක් විතර නොන්ඩි ගගහ තමයි හිටියෙ රේල් පාරෙ ඇවිල්ලා...කිලෝමීටර 177ක්...

    මමත් තනියෙන් ෆෝන් එකක්වත් නැතුව කඩුගන්නාවෙ ඉඳල රඹුක්කනට තනියෙන් රේල්පාරෙ කිලෝමීටර් 15ක් විතර ඇවිල්ල තියනවා..ඒක මං ගිය පිස්සු හැදෙනම ට්‍රිප...මට දවසක් කෝච්චියෙ කොළඹ ඉඳල නුවර එද්දි තමා ඔය ගමන තනියෙන්ම යන්ට හිතුනෙ...
    ඉහළකෝට්ටේ ස්ටේෂන් එක පහුකරද්දී බිංගයක් තියනව..බිංගෙ ඇතුලෙ ලොකු වංගුවක් එක්ක..ඒක ඇතුලට මං ගියා කිසිම එළියක් නැතිව..මට මාවවත් පේන්නෑ..අපායට යන පාර වගේ කියලයි හිතුනෙ..මාර අත්දැකීමක් ඒක..කරල බලපල්ලා..හැබැයි..ගිණිකූරක්වත් ගිනියන්නැතිව තනියෙන් යන්ට ඕන..එතකොට තමා එළියට ආපුවහම බිංගෙන් ගියා කියල හිතෙන්නේ..බිංගෙ මැද එළියක් නැති අමුතුම තැනක්..
    ගංගොඩ ස්ටේෂන් එක පහුරල යද්දිත්..ඒවගේ බිංගයක් තියනව..තව බලන..කඩුගන්නාව අතරත් ජාතික බිංග දෙකක් තියෙන්නෙ..මාර ගමනක් ඒක..පාරිසරික සුන්දරත්වය විඳිමින් යන්ට පුළුවන්..ත්‍රාසජනක අමුතුම අත්දැකීමක්...!

    බොහොම ස්තුතියි මචන්, ඔය කියන ට්‍රිප් එකම මම ඇවිත් තියෙනවා තවත් යාළුවො දෙන්නෙකුත් එක්ක, කඩුගන්නාවේ ඉඳල රඹුක්කන ස්ටේෂන් එකට පයින් ඇවිත් තියෙනවා දැනට අවරුද්දකට විතර කලින්, ෆොටොස් නම් ඇති එත් ත්‍රෙඩ් එකක් නම් දාන්න හිතුනේ නැහැ. කඩුගන්නාවේ ඉඳල රඹුක්කනට එනකම් උමන් 11 විතර තියෙනවා.

    කඩුගන්නාව ස්ටේෂන් එක පහුකරහම හමුවෙනවා half tunnel එකක්, එකට කියන්නේ ලයන්ස් මවුත් කියල, ඊට පස්සෙම තියෙන එකට කියන්නේ එලිෆන්ට්ස් බැක්. ඊළඟට හම්බ වෙනවා සෙන්සේෂනල් රොක් කියන අඩි සියගනනක ප්‍රපාතේ, එතන තමයි ලංකාවේ rail road එකේ යනකොට තියෙන ගැඹුරුම ප්‍රපාතේ සෙට් වෙන්නේ, මේතැන ගොඩක් ගැඹුරු නිසා අනතුරුදායක බව වැඩි, හදිසියෙවත් derailment එකක් උනොත් කෝච්චිය පල්ලමට පෙරලිලා ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා, එක නිසා එතන තියෙන රිස්ක් එක අඩු කරන්න තව guard rail හයි කරලා තියෙනවා පීලි දෙකටම.

    ඔය කියන ඉහළකෝට්ටේ ස්ටේෂන් එක පහුකරාම හම්බ වෙන බින්ගෙය තමයි ලංකාවේ දෙවනියට දිගම බින්ගේය මීටර් 419.9 දිගයිලු, මේ ටනල් එකේ නම්බර් එක 5A, අනිත් උමන් හැම එකකට නියමිත අංකයක් තියෙද්දී මේකට විතරක් නැති හේතුව තමයි මේ උමග හදල තියෙන්නේ rail පාරේ වැඩ ඉවර උනාට පස්සේ. ඒ කිව්වේ මුලින්ම පාර හදල තියෙන්නේ මේ බින්ගය හාරන්නේ නැතුව පාර තිබිල තියෙන්නේ දැන් තියෙන මේ බින්ගෙයට අනිත් පැත්තෙන්, ඒ කිව්වේ කන්ද පැත්තෙන් නෙමෙයි පල්ලම පැත්තෙන්, අදටත් අපිට බලාගන්න පුළුවන් ඒ තිබුන පාරේ නෂ්ටාවශේෂ තියෙනවා ඒ හරියේ, ඔය උමග තනිකරම කළුගලක් හාරලයි හදල තියෙන්නේ එ කලුගල දිගේ ලොකු වතුර පාරක් ගලාගෙන යනවා. සාමාන්‍ය ප්‍රමාණයේ දිය ඇල්ලක් විතර. ඉතින් පාර ඔක්කොම හදල, ඒ දිය ඇල්ලට පාලමුකුත් හදල කොච්චි පාර හැදුවට පස්සේ, වැහි කාලෙක ඒ දිය ඇල්ලේ වතුර සැහෙන්න වැඩිවෙලා, කොච්චර වැඩිවෙලාද කියනවනම් දාපු පාලමත් වැහෙන තරමට. ඉතින් එහෙම වෙලාවක ආපු කෝච්චියක් ඊට එහාපැත්තෙ තියෙන අඩි සියගානක් ගැඹුරු ප්‍රපාතෙට පෙරලිලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන දැඩි අවදානම තේරුම් ගත්තු, ඒ ඉදිකිරීම් කරපු අය ආයෙමත් පාර වෙනස් කරලා අර කළුගල මැද්දෙන් කොච්චිපාර යන්න දිග උමගක් හාරලා තියෙනවා, මේක ලංකාවේ තියෙන දෙවෙනියට දිගම උමග. මේක නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම කළුගලක් හරහා. කොච්චිපාර හදල, හදපු උමන් වලට නියමිත අංකත් දැම්මට පස්සේ මේ උමග ඉදි කරන්න සිද්ද උනු නිසා නැවත අංක කරන්නේ නැතුව මේකට 5A කියල දාල තියෙනවා.

    :)
    ඇත්තටම, සොබාව සෞන්ධර්ය විඳිමින් යන්නාවූ මෙන්ම ත්‍රාසජනකවූ ගමනක් තමයි මේක, මටත් හරිම සතුටුයි උඹත් මේ ගැන දක්වන ආකල්පය ගැන, ෆොටෝස් ටික හරිගස්ස ගන්න පුළුවන් උනෝත් ඒ ගමන ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නනම්,
     
    Last edited: