රේල් පාර දිගේ පයින් ඇවිදිමුද....?

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රේල් පාර දිගේ පයින් ඇවිදිමුද....?

    owo8s.jpg

    දුම්රිය යනු මිනිසා විසින් තනාගත් තවත් එක් විශිශ්ඨ විශ්මකර්ම නිර්මාණයක්. කෙනෙකුට ගොරහැඩි යකඩ යකෙක් වන එන තවත් අයෙකුගේ නෙතට ගෙන එන්නේ අමන්දානන්දයක්. ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේම විසිරී තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය විවිධ දේශගුණික පරිසර කලාපයන් ඕස්සේ පැතිර පවතිනවා. විශේෂයෙන් ශ්‍රීලංකාවේදී ඔබ දුම්රියෙන් ගමන්කරන්නේ නම් එක් දුම්රියක ගමනකදී පැය කිහිපක් ඇතුලත විවිධ දේශගුණික, පරිසර සහ භුවිෂමතා කලාප අතර ගමන් කිරීමේ අත්දැකීම විඳ ගැනීමේ හැකියාව ඔබය ලැබෙනවා. ලොකු කුඩා බාල මහලු බේදයක් නොමැතිව බොහෝ පිරිසක් දුම්රියෙන් ගමන් කරන්න දක්වන්නේ බලවත් කැමැත්තක් කීවොත් එය අතිශෝක්තියක් නොවෙයි.

    shy8q.jpg

    ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි මෙරට සුන්දරම අත්දැකීමක් විඳගතහැකි දුම්රිය ගමන් අතර උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකා කිරීමට නිතැතින්ම හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඉතාමත් සුන්දර වටපිටාවක් ඔස්සේ දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන්නේ එදිනෙදා ගමන් පහසුව සලසාගන්නා මගීන් පමණක්ම නොවෙයි. එහි අපරිමිත සුන්දරත්වයෙන් මත්වුනු බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනු දැකීම සුලභ දසුනක්. ඒ අතර නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ පිරිසක් තම ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් ලෙස තෝරාගන්නේ දුම්රියයි. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි ගනණාවකින් සපිරුණු උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කිරීමෙන් ලබන අත්දැකීම මෙසේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

    d5dwp.jpg

    ඒ කෙහොම වුනත් මේ සූදානම් වෙන්නේ දුම්රියක් මගින් ගිය චාරිකාවක් ගැන කතා කරන්න නම් නොවෙයි. ඇතැම්විට ඔබට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුවත්, දුම්රිය ක්ෂේත්‍රය විනෝදාංශය කරගත් බොහෝ දෙනෙක් මෙරට මෙන්ම විදෙස් රටවලත් සිටිනවා. ඔවුන් බෙහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන ඉසවුවක් ලෙස "දුම්රිය මාර්ගයේ චාරිකා" හෙවත් “Railway Hiking” ගෙනහැර දක්වන්නට පිලිවන්. “රේල් හයික්” යනුවෙන් හඳුන්වන්නේ දුම්රිය මාර්ගයක් ඔස්සේ පාගමනින් ගමන් කරමින් අවට වටපිටාවේ සුන්දරත්වය නිදහසේ විඳගනිමින් ලබාගත හැකි සුන්දරම අත්දැකීමක්. පරිසරයේ සුන්දරත්වය විඳින්නට කැමති අය, සත්ව නිරීක්ෂණයේ යෙදෙන අය වගේම ඡායාරූප ශිල්පීනුත් මෙවන් චාරිකා සඳහා විශාල කැමැත්තක් දක්වනවා.

    xvmv7.jpg

    ශ්‍රිලංකාවේ දුම්රිය ලෝලින් බෙහෝ දෙනෙක් මේ වන විටත් ඒම සුන්දර අත්දැකීම් ලබන අතර ඇතැම් විදේශිය සංචාරකයන් පවා මෙරට දුම්රිය මාර්ගයන් ඔස්සේ ගමන් කරනු ඇතැම් විට දකින්න පුලුවන්. මෙවන් චාරිකාවන් සඳහා බෙහෝ දෙනෙක් තෝරාගන්නේ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ඉහලට විහිදෙන කලාපය. එයට හේතුව වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ සීඝ්‍ර නැග්ම ආරම්භ වන්නේ රඹුක්කන දුම්රිය ස්ථානය වීමයි. මෙසේ ගමන් කරන දුම්රිය මාර්ගයට අතරමගදී හමු වන විශේෂ ස්ථාන අතර බලන, කඩුගන්නාව, මියන්ගල්ල ආදී දුර්ග මාර්ගයන් මෙන්ම හෝර්ටන් තැන්න රක්ෂිත කලාපය, තංගමලේ අභයභූමි කලාපය ආදී වනසත්ව කලාපයන්ද ඇතුලත්. එසේම උච්ච මට්ටම(Summit level), දෙමෝදර රේල් ගැටය, ආරුක්කු නවයේ පාලම ආදී විශේෂ ස්ථාන ගනනාවකට මෙම චාරිකා මගින් පා ගමනින් ලඟා විය හැකියි. දුම්රියෙන් ගමන් කිරීමෙන් දැක ගන්නවාට වඩා පාගමනින් එම ස්ථාන වලට ලගා වීම දුම්රිය සහ ඡායාරූප ලෝලින් තම දිවියේ ලබා ගන්නා වටිනාම අවස්ථාවන් ලෙස සලකනවා.

    ocx3t.jpg

    මෙම චාරිකා අතරින් වඩාත්ම සුන්දරම චාරිකාවක් අත්විඳ ගත හැකි කලාපය ලෙස පට්ටිපොල - ඔහිය - ඉදල්ගස්හින්න අතර කලාපය දක්වන්න පුලුවන්. එය ඉතා වැදගත් වන්නට හේතු කිහිපයක් තිබෙනවා. පට්ටිපොල යනු මෙරට පිහිටි දුම්රිය ස්ථාන අතුරින් මුහුදු මට්ටමින් උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වීමත්, මෙරට දුම්රිය මාර්ගයේ සේම ලොව වඩාත්ම උසින් ගමන් කරන 5’ 6” අමානයේ දුම්රිය මාර්ගයේ උසින්ම පිහිටි ස්ථානය (Summit Level) පට්ටිපොල දුම්රිය ස්ථානයට මදක් නුදුරෙන් පිහිටා තිබීමත්, මෙම දුම්රිය මාර්ගය සුන්දර හෝර්ටන්තැන්න ඔස්සේ වැටී තිබීමත් ආදී කරුණු ගණනාවක් වනවා.

    akgy9.jpg

    මෙවන් චාරිකාවක අත්දැකීමක් ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ පහත කරුණු කාරනා කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීම වැදගත්. පළමුවෙන්ම ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන මාර්ගයේ ධාවනය වන දුම්රියයන් සහ වේලාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබ ලබාගත යුතු වීමයි. අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඛේදවාචකයකින් කෙලවර වන්නට පුලුවන්. දෛනික දුම්රියන් පිලිබඳ විස්තර railway.gov.lk අඩවියෙන් හෝ දුම්රිය ස්ථානයේ සේවකයන්ගෙන් ඔබට දැනගත හැකීයි. ඒවා පැහැදිලිව සටහන් කරගැනීම ඔබට අතිශයින් වැදගත්.

    මේ සඳහා ඔබ පහත සඳහන් උපකරණ සහ ද්‍රව්‍ය සපයාගැනීම ඔබේ ගමන වඩාත් පහසු කරාවි.

    • හොඳින් එලිය දෙන විදුලි පන්දමක් - බිම්ගෙවල් තුලින් ගමන් කිරීමට
    • සපත්තු හෝ බූට්ස් - විවිධ අකාරවලින් පාද වලට සිදුවිය හැකි අනතුරු වලින් බේරීම සඳහා
    • සැහැල්ලු ආහාර - උදා:- බිස්කටි, සැන්ඩ්විචස් ආදිය.
    • අවශ්‍ය පමණට පිරිසිදු ජලය
    • මූලික ප්‍රථමාධාර ද්‍රව්‍ය (ඩෙටෝල් බැන්ඩේජ් ආදිය)
    • සුදුසු කැමරාවක් සහ එම උපාංග ප්‍රවේශම් කර ගැනීම සඳහා උපක්‍රම (වැසි, පින්න)
    • වෙනත් (ඔබට අවශ්‍ය දෑ)


    මේවාට අමතරව ඔබ තරයේ සිහි තබාගතයුතු කාරණාවන් කිහිපයක් තිබෙනවා.
    • ඔබ ගමන්කරන්නේ සාමාන්‍ය ජනයා ජීවත් වන ප්‍රදේශ හරහා නිසා ඔබ නිසා ඔවුන්ට කිසිදු ආකාරයේ හානියක් හෝ බාධාවක් සිදු වන්නට ඉඩ නොතැබිය යුතුයි. එසේම දුම්රියෙන් ගමන් කරන මගීන්ටත් ඔබෙන් කිසිදු අයුරක හානියක් සිදු නොවිය යුතුයි.

    • දුම්රිය ගමනාගමනයට බාධාවන හෝ දුම්රිය රියදුරන්ගේ, මාර්ග සේවකයන්ගේ අවධානයට/ වැඩකටයුතු වලට බාධා වන කිසිදු කටයුත්තක් සිදුකිරීම නොකල යුතුයි. (උදා:- දුම්රිය මාර්ගයේ ඇණ ආදිය ගැලවීම, දුම්රිය පැමිණෙන මාර්ගයට අවතීර්ණ වී ඡායාරූප ගැනීම.)

    • විශාල කණ්ඩායම් වශයෙන් ගමන් කිරීම ඔබගේ අවධානය අඩු කිරීමට ඉඩ ඇති නිසා පහක් හෝ හයක් වැනි පිරිසකගෙන් යුත් කුඩා කණ්ඩායමක් වඩාත් ගැලපෙනවා. එසේම ගමන පුරාවටම ඔබගේ අවධානය මැනවින් තබාගැනීම වැදගත්. මත්පැන් පානය ආදී ක්‍රියාවන් මෙම ගමන් වලදී කිසිසේත් නොකල යුතුයි.දෛනික දුම්රියයන් වලට අමතරව ඉන්ධන, බඩු දුම්රියන් හෝ එන්ජින් ආදිය පූර්ව දැනුම් දීමකින් තොරව ධාවනය විය හැකි නිසා ගමන අතරතුරදීද ඔබේ විමසිලිමත් වීම අත්‍යවශ්‍යයි.

    • බිංගෙයක් තුලය පිවිසීමට පෙර දුම්රියක් ඒ තුල හමුනොවේ යැයි තහවුරු කරගැනීම ඉතා වැදගත්. එසේම බිම් ගෙවල් තුලදී කිසිම විටක පිරිස එක පොදියට ගමන් කිරීම නොකළ යුත්තක්. බිම් ගෙයක් ඇතුළතදී දෙදෙනෙක් අතර සැලකිය යුතු පරතරයක් තබා ගෙන එකිනෙකා පිටිපස ගමන් කිරීම වඩාත් ආරක්ෂාකාරී පියවර ලෙස දක්වන්න පුලුවන්.

    wn7xy.jpg

    සැබැවින්ම රේල් හයික් යනු ඉතා හොඳ සිහියෙන් සහ අවධානයෙන් සිදුකල යුත්තක්. රේල් හයික් යනු පික්නික් හෝ විනෝද ගමන් නොවේ. ඔබගේ පුංචි අතපසුවීමක් මහා ඛේදවාචකයකින් අවසන් වන්නට පුලුවන් නිසා ප්‍රවේශම ඉතා වැදගත්!!!"
    කෙසේවුවත් මෙහි චාරිකා වල නීත්‍යානුකූල භාවය පිළිබඳව සඳහන් කල යුතුයි. දුම්රිය සේවාව පිලිබඳ තිබෙන නීති රීති අනුව දුම්රිය මාර්ගයක පයින් ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එමෙන්ම මෙම ගමන් සඳහා කිසිදු අයුරකින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසර ලබාදීමක් හෝ දිරි දීමක් සිදුවන්නේත් නැහැ. සාමාන්‍යෙයන් මානූෂිය හේතූන් එම නීතිය දැනට ක්‍රියාත්මක නොවුනත් ඔබගේ හැසිරීම මත දුම්රිය සේවකයන්ට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙනවා.

    එබැවින් ගමනේ අවධානම හොඳින් සිහියේ තබාගෙන සංචාරයේ යෙදීම ඔබගේත් අන් අයගේත් කටයුතු වලට පහසුවක් වේවි.


    wc6ob.jpg
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හොඳ වැදගත් ත්‍රෙඩ් එකක්. හයික් එකක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳ මාර්ගෝපදේශයක් දීල තියෙනවා.
    :):):):):)

    You must spread some Reputation around before giving it to ~WickZ~ again.
     
    • Like
    Reactions: Mr PERERA

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    හ්ම්ම් හොඳ තොරතුරු ගොඩාක් තියනවා. මාත් එකක් යන්න ඉන්නේ. මේ ටික හොඳින් හිතේ තියාගන්නම්. ස්තූතියි
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පිස්සු හැදෙන සඳ

    මයිනස් රෙප් එකකුත් දීලා මට පලයන් කියලා

    :baffled::baffled::baffled::baffled:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ස්තූති වේවා!!

    good thread

    හොඳ වැදගත් ත්‍රෙඩ් එකක්. හයික් එකක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳ මාර්ගෝපදේශයක් දීල තියෙනවා.
    :):):):):)

    You must spread some Reputation around before giving it to ~WickZ~ again.

    Good Information
    Thanks for sharing.. :D

    සුපිරි පින්තුර ටික එල එල...

    patta machan

    kool idea..but should be carefull

    Very Nice & Valuable Post Bro!
    Keep Posting.
    +10

    පට්ට මචං....:)

    GOOD POST................:)

    අතිහිත දුන්නට ස්තූතියි හොදේ :)
     

    Similar threads