තීරු බදු රහිතව පහසු මිලට සුපිරි වර්ගයේ රේසිං මෝටර් රථ ලබාගැනීමේ හැකියාව හේතුවෙන් ලංකාද්වීපයේ පදිංචිවීම සඳහා ලොව පුරා රේසිං බැතිමතුන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට රොක්වෙමින් පවතී. ශ්‍රී ලංකා රජයේ මෙම දුරදර්ශි වැඩපිළිවෙල අන් රටවලටද ආදර්ශයක් බව දෙවන වරටද ජනපති ධුරයට තේරීපත්වූ ඔබාමා මහතා ජාතිය අමතා කල කතාවෙහි ප්‍රකාශ කර ඇත. තරගයෙන් පරාජය ලැබූ මිට් රොම්නිය් මහතාද ශ්‍රී ලංකාවේ පදිංචිවීම සඳහා ඉල්ලුම් කර ඇතිබව වාර්තාවේ. මය්කල් ශුමාර්කාර් මහතා තම රේසිං ඇකඩමිය වෙනුවෙන් පන්නල ප්‍රදේශයේ ඉඩමක් වෙන්කරවාගෙන ඇත. මෙය සඳහා දායකත්වය ලබාදී ඇත්තේ 10% කොමිස් සඳහා සුප්‍රසිද්ධ ඇමති වරයෙක් බව රෝය්ටර් සේවය වාර්තා කරය්. ගාල්ල කොළඹ අධිවේගී මාර්ගය රේසිං වර්ගයේ මෝටර් රථ සඳහා නොමිලේ ලබාදෙන බව මහා මාර්ග ඇමති වරයා පවසා ඇත. ඉන්දියානු බජාජ් සමාගම පවසන්නේ රේසිං වර්ගයේ ත්‍රිරෝද රථ නිපදවීම සඳහා තමන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවය්. හදිසියේ ඇතිවූ මෙම ශ්‍රී ලංකා රේසිං පිබිදීම හේතුවෙන් පහසුමිලට ඉන්දන ලබාදීමට ද්වි පාර්ශවික සාකච්චා ආරම්භ කර අතිභව ඔපෙක් සංවිදානයේ මාද්‍ය නිවදනයක සඳහන් වේ.
Source : FB
Source : FB
BUMP



