ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලබන ගුවන් නියමු බලපත්‍ර ලබාදීමේ මූලික පරීක්ෂණයට ඉදිරිපත් වූ ජනපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා එකී බහුවරණ (Muliple choice questions) ප්‍රශ්නෝත්තර විභාගයෙන් අසමත්ව ඇති අතර එහිදී පිලිතුරු පත්‍ර අධීක්ෂණය කළ නිලධාරියා වහාම ඉවත්කොට රාජපක්ෂ යුවළගේ සිත් සැනසීමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. මෙසේ වැඩ තහනමට ලක් කෙරුණු නිලධාරියා වන්නේ ගුවන් සේවා අධිකාරියේ විභාග භාරව සිටි කරුණානන්ද මල්ලිකාරච්චි මහතායි. ඒ මහතා මේ වන විට ජීවිතාරක්ෂාව පතා සැඟවී සිටී.
ගුවන් නියමුවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවක සේවිකාවන්ට බලපත්‍ර ලබාදීම, ගුවන් සේවා ඉංජිනේරුවන්ට බලපත්‍ර ලබාදීම, සඳහා බලය ඇත්තේ ශ්‍රි ලංකා ගුවන්සේවා අධිකාරියටයි. අජඨාකාශගාමියෙකු වීමට වලිකන රෝහිත රාජපක්ෂ මහතාට ඒ සඳහා පිවිසුම් දොරටුව වී ඇති මෙම මූලික විභාගය අසමත් කිරීම හේතුවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා මල්ලිකාරච්චි මහතා විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ප්‍රතිඵල විභාග අපේක්ෂකයන්ට විශාල මුදලකට විකුණන බවට පුවතක් නිර්මාණය කොට තම හිතවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම අරඹා ඇත. මෙම කරුණු චෝදනා කරමින් ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට ලැබී තිබුණු පෙත්සමක් අනුව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව මේ වන විට විශේෂ පරීක්ෂනයක් ආරම්භ කර ඇත.
කෙසේ වුවද කරුණානන්ද මල්ලිකාරච්චි මහතා ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානියාට පවසා ඇත්තේ තමාට මේ වන විට මරණීය තර්ජන එල්ලවී ඇති බවයි. පරීක්ෂණ අවසන් වන තෙක් මල්ලිකාරච්චි මහතාට සැඟවී සිටීමට උපදෙස් දී ඇති ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ජනාධිපතිවරයා සැනසීම සඳහා අදාළ විභාගය අන්තර්ජාලය හරහා කිරීමට (Online) පහසුකම් සලසා ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඇති රෝහිත රාජපක්ෂ මහතා අන්තර්ජාලය හරහා පරීක්ෂණයට පෙනී සිට ප්‍රශ්න පත්‍ර අටටම 100% ක් ලකුණු ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමින් විභාගය සමත් වී ඇත. ඔහු මේ වන විට රුසියාවේ ගුවන් නියමු පාඨමාලාවක් හැදෑරීම සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටී. අජඨාකාශගාමියෙකු වීමට මෙම ගුවන් නියමු බලපත්‍රය තිබීම අතිරේක සුදුසුකමක් වන බැවින් රෝහිත රාජපක්ෂ මහතා මෙම පාඨමාලාව හැදෑරීමට තීරණය කර ඇත.
උපුටා ගැනීම ලංකා නිවුස් වෙබ් අඩවියෙන්
රටේ නීතියක් නෑ රජ පවුලට අවශ්‍ය විදියට තමයි හැම දෙයක්ම වෙන්නේ, උඩුගුවනට යන්න පුරසාරම් කියපු බාල කුමාරයා විභාගය අසමත්වීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්ට ඇති