රොකට් වරුසා වස්සන නවතම ඊශ්‍රායල පලස්තීන ගැටුම

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම යනු මෑත කාලයකදී අවසානයක් දැකියහැකි යයි සිතිය නොහැකි අර්බුදයක්. නැවත නැවතත් එය මතු වෙමින්, යට යමින් පවතිනවා මිසක විසඳුමක් පෙනෙන්නේ නැහැ.

    නිරන්තරයෙන්ම මෙම දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවන ස්ථානයක් වන්නේ යෙරුසලමේ අල් අක්සා දේවස්ථාන භූමියයි. මෙම භූමිය ලෝකයේ ප්‍රධාන ආගම් තුනක් ව්න්න යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයන්ට ශුද්ධ වූ බිමක්. මෙම ආගම් තුනට අයත් පිරිස් සියවස් ගණනක් මුළුල්ලේ යෙරුසලම උදෙසා සටන් කර තිබෙනවා. නගරය ද යළි යළිත් විනාශ වෙමින්, යළි යලිත් ඉදි වෙමින් විචිත්‍රවත් ඉතිහාසයක් පසුකර තිබෙනවා. පටු වීදි සහිත පැරණි යෙරුසලමේ බිත්තිවලට කතා කළහැකි වූයේ නම් එතෙක් මෙතෙක් ලියවුණු ඉතිහාස ග්‍රන්ථ සියල්ලම පරයා යන කතාන්දර ඒවා අපට පවසනු ඇති.

    වර්තමානයේ ද පැරණි යෙරුසලමේ ආගම් තුනක ජනාවාස ප්‍රදේශ වනවා. ඒ යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් වශයෙන්. ක්‍රිස්තියානි ප්‍රදේශයේ කොටසක ආර්මේනියානු ජනාවාසය වන හෙයින් ඇතැම්විට එය වෙනමම දක්වනු ලබනවා. ආර්මේනියාවෙන් පිටත පවත්නා පැරණිම ආර්මේනියානු ජනාවාසයක් ලෙස එය සැලකිය හැකියි.

    ඊශ්‍රායල් රාජ්‍යය බිහිවීමෙන් පසු සිදුවූ 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධය අවසානයේදී යෙරුසලමේ බටහිර කොටස ඊශ්‍රායලයට ද නැගෙනහිර කොටස ජෝර්දානයට ද අයත් වුණා. ඊශ්‍රායලය විසින් අල්ලාගත් ප්‍රදේශයන්ගෙන් පළා ආ පලස්තීන වැසියන් ඇතමෙක් ද නැගෙනහිර යෙරුසලමේ පදිංචි වුණා. 1967 සයදින යුද්ධයෙන් අනතුරුව මෙම ප්‍රදේශයන් ද ඊශ්‍රායල පාලනයට යටත් වුණා.

    ඊශ්‍රායලයේ ස්වාධීනතා දිනය වන මැයි 14 ආසන්නයේ පලස්තීන විරෝධතා හටගැනීම සෑම වසරකම මෙන් සිදුවන්නක්. කෙසේ වෙතත් මෙවර එම සමය රාමසාන් මාසය සමග යෙදීම සහ නැගෙනහිර යෙරුසලමේ ඉඩම් පිළිබඳ නඩු විභාගයක තීන්දුව ප්‍රකාශ වීමට ද එම සමයේම නියමිත වීම හේතුවෙන් උණුසුම්කාරී වාතාවරණය කලින් පටන්ම හටගත්තා.

    උණුසුම් රාමසාන්

    අප්‍රේල් 12 වනදා ඊශ්‍රායල ආරක්ෂක අංශ අල් අක්සා දේවස්ථානයේ ඩමස්කස් ද්වාරය අසළ එළිමහන් භුමියෙහි, එනම් ඩමස්කස් ද්වාර ප්ලාසාවේ, මාර්ග බාධක සවිකළා. අප්‍රේල් 16 වනදා ඔවුන් නිවේදනය කළේ මෙහි වරකට රැස්විය හැකි පිරිස 10,000 කට සීමා කෙරෙන බවයි. එහෙත් රාමසාන් සමයේ මෙහි ඊට වඩා පිරිස් එක්රොක් වන ස්ථානයක්. එහෙයින් මෙම කරුණ මත එහි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතුණා.

    2021 මැයි 7 වන සිකුරාදා යාඥා සඳහා විශාල පිරිසක් එහි එක් වූ අතර එම අවස්ථාවේ සන්නද්ධ අංශ සහ පලස්තීන ජාතිකයන් අතර ගැටුමක් හටගත්තා. මෙහිදී 220 දෙනකු තුවාල ලද බව වාර්තා වූ අතර ඉන් වැඩි දෙනෙක් පලස්තීනුවන්.

    සෙනසුරාදා අල් අක්සා හි විශාල ගැටුම් හට නොගත් නමුත් නැගෙනහිර යෙරුසලමේ අන් ප්‍රදේශයන් හි ගැටුම් වාර්තා වුණා. ඉරිදා රාත්‍රියේ ද ගැටුම් සිදුවුණා.

    මැයි 10 සඳුදා තීරණාත්මක දිනයක් වුණා. ඊට හේතු වූයේ ශෙයික් ජරාහ් ප්‍රදේශයේ පලස්තීන නිවාස කිහිපයක් පිළිබඳ නඩු තීන්දුව එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත වීමයි. නැගෙනහිර යෙරුසලමේ මෙම ප්‍රදේශයට නම ලැබී ඇත්තේ සැලඩින්ගේ වෛද්‍යවරයකුගේ නම ඇසුරින්. 1948 යුද්ධයෙන් පසු කාලයේ මෙහි පලස්තීන පවුල් කිහිපයක් පදිංචි වුණා. ඔවුන් පලස්තීනයේ සමාජ ස්ථරයෙහි ඉහළින් සිටින පවුල් කිහිපයක අය යි.

    1967 යුද්ධයෙන් ඊශ්‍රායලය මෙම ප්‍රදේශ අල්ලාගත් පසු යුදෙව් ජනාවාසකරණය කෙමෙන් ඇරඹුණා. මෙම යුදෙව් ජනයාට ශෙයික් ජරාහ් හි පලස්තීන පවුල් ඉවත් කිරීමට අවශ්‍ය වී තිබෙනවා. යුදෙව් ජනාවාසකරුවන් ඉදිරිපත් කරන අයිතිවාසිකම් පහළ අධිකරණයක් විසින් පිළිගැනීමත් සමග මේ අර්බුදය පිළිබඳ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මැයි 10 වනදා ලබාදීමට නියමිත වුවද පවතින තත්ත්වය හේතුවෙන් එය කල් දමනු ලැබුණා.

    මේ අතර 1967 දී යෙරුසලම නැවත එක්සත් වීම සැමරෙන යෙරුසලම් දින පෙළපාලිය ද අවලංගු කිරීමට ඊශ්‍රායලය කටයුතු කළා.

    කෙසේ වෙතත් මැයි 10 උදෑසන අල් අක්සා දේවස්ථානය අසළ නැවත ගැටුම් ඇතිවුණා. මෙහිදී අවම වශයෙන් පලස්තීනුවන් 395 ක් තුවාල ලැබූ බවයි පලස්තීන රතු අඩසඳ සංවිධානය පැවසූයේ.

    හමාස් සංවිධානය සටනට බසී

    මෙම ගැටුම් වඩාත් උත්සන්න වූයේ පලස්තීනුවන්ට පහර දීම නවත්වා නොදමන්නේ නම් තමන් ඊශ්‍රායලයට පහර දෙනබව හමාස් සංවිධානය ප්‍රකාශ කිරීමත් සමගයි. ගාසා තීරයේ බලය ඇත්තේ එම සංවිධානයටයි. සඳුදා ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 200 ක් පමණ එල්ල වුණා. යෙරුසලම අවට ප්‍රදේශයට ද මෙම ප්‍රහාර එල්ල වුණා. කෙසේ වෙතත් බොහෝ රොකට් ප්‍රහාර ඊශ්‍රායල අයර්න් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කරනු ලැබුණා. ඊශ්‍රායලය ද ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඉලක්ක 130 කට සඳුදා රාත්‍රිය් පහර දුන් බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ.

    මැයි 11 අඟහරුවාදා ඊශ්‍රායලයේ බොහෝ ප්‍රදේශයන් හි ගුවන් ප්‍රහාර අනතුරු අඟවන සයිරන් නාද වුණා. ඒ ගාසා තීරය දෙසින් රොකට් සිය ගණනක් පැමිණෙන්නට වූ නිසයි. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පාන්දර 12.21 ට (ඊශ්‍රායල වෙලාවෙන් මැයි 11 රාත්‍රී 9.51) ඊශ්‍රායල සන්නද්ධ හමුදා සිය ට්විටර් ගිණුම ඔස්සේ පැය භාගයක් ඇතුලත සයිරන් නාද වුණු ස්ථාන සිතියමකින් දැක්වූවා. එයින් මෙම ප්‍රහාරයේ තරම පිළිබඳ අදහසක් ගත හැකියි.

    IDF%20Sirens%20May%2011.jpg

    ටෙල් අවිව්, අශ්කෙලොන් සහ ලොද් ප්‍රදේශවල පස් දෙනකු මියගොස් සියයක් පමණ තුවාල ලද බව ඊශ්‍රායලය පැවසුවා. මේ අතර අඟහරුවාදා රාත්‍රිය වනවිට පලස්තීනයේ ළමුන් 10 දෙනකු ඇතුළුව 35 දෙනකු මියගොස් තවත් 203 ක් තුවාල ලබා ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවා. ඊශ්‍රායලය පවසන්නේ මියගිය අය අතර හමාස් සංවිධානයේ ප්‍රබලයින් කිහිප දෙනකු වන බවයි.

    කලාපයේ අරාබි රටවල් මෙන්ම තුර්කිය ද ඊශ්‍රායලය විසින් පලස්තීන සිවිල් වැසියන්ට පහරදීම හෙළාදැක තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් ඊට වඩා වැඩි මැදිහත්වීමක් ඔවුන් වෙතින් සිදුව නැහැ. විශේෂයෙන්ම තුර්කියේ ක්‍රියාමාර්ග කෙසේ වේදැයි මැදපෙරදිග නිරීක්ෂකයන් බලා සිටිනවා.තුර්කි ජනපති සහ රුසියානු ජනපති අතර දුරකතන සංවාදයක් ද පැවත තිබෙනවා.එහිදී තුර්කි ජනපති පවසා තිබුනේ israel ට අමතක නොවන පාඩමක් උගන්වන බවයි.බොහෝ විට යුදමය මැදිහත් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.මීට පෙරත් කාශ්මීරයේ ඉන්දියානු හමුදාවන්ට පහර දීමට පකිස්තානයට තුර්කිය විසින් යුද ආදාර හා සෙබළුන් ලබා දුන්නා.බොහෝ විට මැදිහත් වීමක් සිද්ද වෙයි. ඊශ්‍රායලයේ පරම සතුරකු වන හිස්බුල්ලා සංවිධානය වෙතින් බදාදා උදෑසන වනවිට ද විශේෂ ක්‍රියාමාර්ගයක් දක්නට ලැබෙන්නේ නැහැ. මීට පෙර ද ඇතැම් අවස්ථාවල, හමාස් සංවිධානය වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල වන අවස්ථාවල හිස්බුල්ලා සංවිධානය නිහඬ පිළිවෙත් අනුගමනය කර ඇති හෙයින්,මෙවර ද ඔවුන් මීට මැදිහත් නොවී සිටීමේ ඉඩක් තිබෙන බව පෙනී යනවා.

    ඊශ්‍රායලය මෙම අර්බුදයට මුහුණ දෙන්නේ වසර දෙකක් පමණ පවතින දේශපාලන අර්බුදයක් මැදයි. මෑතකදී පවත්වන ලද මහ මැතිවරණයෙන් අනතුරුව ද එරට කිසිදු පාර්ශවයකට රජයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බවයි පෙනී යන්නේ. අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඒ සඳහා කළ උත්සාහය අසාර්ථක වූ අතර මේ වනවිට රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් යේර් ලපිඩ් වෙත ආරාධනා කර තිබෙනවා. එම උත්සාහය ද සාර්ථක වීම අවිනිශ්චිත වන අතර මෙම ප්‍රශ්නය නිරාකරණය වනතෙක් නෙතන්යාහු අගමැති ධුරයේ රැඳී සිටිනු ඇති.

    israel-ltte ekata aayuda ha yuda puhunuwa dunna
    palastine-muslim un
    Kaage pattak gannada mnda😅.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මහත්තයා ඊශ්‍රායිලයලයේ නාකි ඩයල් බලාකියා ගන්නා සාත්තු සේවකයෙක්ද?
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    අපරාදේ අරුන් මිසයිල බර ගානක් ගහලත් ඒ ඔක්කොම වගේ ඊශායල මිසයිල ඩිෆෙන්ස් සිස්ටම් එකෙන් අයින් කරානේ.. මම හිතුවේ දෙපැත්තම කයි කියලා.. :baffled:
     
    • Like
    Reactions: castellain and NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපරාදේ අරුන් මිසයිල බර ගානක් ගහලත් ඒ ඔක්කොම වගේ ඊශායල මිසයිල ඩිෆෙන්ස් සිස්ටම් එකෙන් අයින් කරානේ.. මම හිතුවේ දෙපැත්තම කයි කියලා.. :baffled:
    Israel has the best defence system Palatine is the weakest . 😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මනව හිමිකම් සුද්දොයි උනට ගොට්ට අල්ලන ගු ඇන් පි ලොල්ලොයි මොනවද දන්නෙ නැ ඕවට කියන්නෙ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    මනව හිමිකම් සුද්දොයි උනට ගොට්ට අල්ලන ගු ඇන් පි ලොල්ලොයි මොනවද දන්නෙ නැ ඕවට කියන්නෙ
    අන්තිම හ්‍යුමන් රයිට්ස් කවුන්සිල් එකේ යුරෝපෙම පලස්තීනෙ පැත්තට චන්දෙ දුන්න කියල මතක නැතෙයි. ඇත්තටම ඔප්‍රෙස් වීමක් තියෙනවනම් ඒවට අනුකම්පාව නොලැබී තියෙන්නෑ. ලංකාවෙ උන ගූ වැඩවලට කේස් එක අදිනවට තියෙන ඇරියස් මේවයින් කවර් කරන්න එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්තිම හ්‍යුමන් රයිට්ස් කවුන්සිල් එකේ යුරෝපෙම පලස්තීනෙ පැත්තට චන්දෙ දුන්න කියල මතක නැතෙයි. ඇත්තටම ඔප්‍රෙස් වීමක් තියෙනවනම් ඒවට අනුකම්පාව නොලැබී තියෙන්නෑ. ලංකාවෙ උන ගූ වැඩවලට කේස් එක අදිනවට තියෙන ඇරියස් මේවයින් කවර් කරන්න එපා.
    චන්දෙ දුන්නද නැද්ද කියලනම් මට නම් මතක නැ, උන දෙයක් මොනා හරි තියෙනවද උන්ට සාධාරනේට???? ලoකාවෙ මොනාද උන ගූ කේස් කියපන් බලන්ඩ අපිත් දැන ගන්ඩ ඕනනෙ..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    චන්දෙ දුන්නද නැද්ද කියලනම් මට නම් මතක නැ, උන දෙයක් මොනා හරි තියෙනවද උන්ට සාධාරනේට???? ලoකාවෙ මොනාද උන ගූ කේස් කියපන් බලන්ඩ අපිත් දැන ගන්ඩ ඕනනෙ..

    මානව හිමිකම් සුද්දො ගැනනෙ කියල තිබ්බෙ. දැන් කාලෙක ඉදල සුද්දොන්ගෙ කන්සෙන්සස් එක තියෙන්නෙ පලතීනෙ පැත්තට තමයි. ජන්දෙ දිනීම ඒකෙ කූඨප්‍රාප්තිය. සුද්දො රීසනබල් නෑ කියන එක අපි කියන ලොකුම බොරු වලින් එකක්.

    ලොකු වාසි බලාපොරොත්තු වෙන්ඩ බෑනෙ පලස්තීනෙට උනත් රෙද්දක් ඇඳන් උන්ට ෆන්ඩ් කරන ප්‍රොක්සි ගෲප් වල රෙප්‍යුටේෂන් නිසා. පලස්තීනෙට සැලකිය යුතු තරමෙ සිම්පතියක් දීල තියෙන්නෙ.

    --

    ජිනීව වලින් ආපු චෝදනා ලිස්ට් එකේ යුධ අපරාද සම්බන්ද සමහර දේවල් ඇරෙන්න අනිත් හැම එකක්ම වගෙ අතිශයින්ම වලංගු දේවල්. මට ඒව මෙතන පේස්ට් කරන්න බෑ. වෙනම දීර්ඝව ලියල උබව ටැග් කරන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මෝඩ පලස්තීන් කාරයෝ ඊශ්‍රායලය එක්ක පැටලිලා ගූ යන්න කනවා.. හරියට අපේ ගොබ්බ සීනී නන්දරේ ඉන්දියාවට ගහන්න කතා කරනවා වගේ... පුක් පාර කන්න වෙනවා කටෙන් මතුවෙන්න 🤣😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මනව හිමිකම් සුද්දොයි උනට ගොට්ට අල්ලන ගු ඇන් පි ලොල්ලොයි මොනවද දන්නෙ නැ ඕවට කියන්නෙ

    @2osama @hirashgeff ගූඇන්පී ලොල්ලො වරෙන් මෙන්න මොනවද අහනවා 😹
     
    • Haha
    Reactions: SLK_sri