තරගය...
කුරුණෑගල ඉඳලා දඹුල්ලට යනකොට අපිට පුංචි කැළෑ දෙකක් මැද්දෙන් යන්න වෙනවා. එකක් කුරුණෑගල බඩගමුව කැළේ. අනික මැල්සිරිපුර කොස් කැළේ.
මේ දෙකම පුංචි කැළ. එකිනෙකට ස්වරූපයෙන් ටිකක් වෙනස්. කොහොම උනත් පොදුවේ මේ කැලෑ දෙකේ යට පාර අයිනේ තේ කඩ පේළිය බැගින් තිබුනා. ඒත් කුරුණෑගල බඩගමුවේ කැළේ කඩ පේළීය මීට වසර කීපයකට පෙර කැළෙන් එළියට ගත්තා. ඒ කඩ වලින් පිට කරන කුණු කැළේට එකතු කරනවා කියන චෝදනාව නිසා. පස්සේ වැටකුත් ගැහැව්වා. වෙළෙන්දෝ ටික කඩ පේළිය කැළෙන් එළියේ දා ගත්තා. මැල්සිරිපුර කට්ටියත් මේකෙන් බය උනා. ඒ නිසාම ඒ අය කැළේට කුණු නොදා ඉන්න වගබලා ගත්තා. ඒ නිසා කඩ ටික තාම තියෙනවා.
කාරණාව ඒක නෙවෙයි.
මේ පොටෝ වල තියෙන්නේ මැල්සිරිපුර කොස් කැළේ කඩ පේළිය. මුලින් තිබුන පොඩියට අටව ගත්ත කඩ වෙනුවට දැන් දැන් තරමක් පෙනුම තියෙන කඩ හැදිලා. ඉඩ කඩ හැදිලා. මල් හිටෝලා, පිරිසිදු පෙනුමක් ගෙනල්ලා. ලුණු මිරිස මොඩිෆයි වෙලා, රෙසිපි වෙනස් කරලා. හතු, පොළොස් මාළුවක් එක්ක රොටි කන්න පුළුවන්.
මේ දියුණුව ඇති වෙන්නේ මේ කඩ ටිකම එකිනෙකා සමග තරග කිරීම නිසා. එක කඩයක් අනික් කඩය පරදා වැඩිපුර පාරිභෝගිකයන් අද්දවා ගන්න උත්සාහ කරන හින්දා. රෙසිපි වෙනස් කරගෙන, රස අලුත් කරගෙන, කඩ ලස්සන කරගෙන වැඩිපුර රොටි ප්ලේන්ටි අළෙවි කරන්න මේ ඔවුන් අතර ඇති වන තරගය නිසා පාරිභෝගිකයාට හොඳ සේවයක් ලැබෙන්නේ. මිළත් එහෙමයි. එක රොටි කඩයකට බෑ අනෙක් ඒවට වැඩිය මිළකට රොටි විකුණන්න. තියා ගන්න පුළුවන් පුංචිම ලාභය තියා ගෙන තමයි රොටියක මිළ තීරණය වන්නේ. මිළ වැඩි තැනක පාරිභෝගිකයා යන්නේ නෑ. ලාබම තැනට තමයි සේල් එක වැඩි. ඒ නිසා අවම ලාභයක් තියා ගෙන තමයි රොටියක තරග කාරී මිළ තීරණය වන්නේ. මේ අනුව අපිට පැහැදිලි වෙනවා වෙළෙඳපොළ ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට සාධාරණ සමාන වෙළෙඳපොළ තරගයක් ඇති වීමෙන්. අවම මිළක් තීරණය වෙන්නේ එහෙමයි.
දැන් හිතන්න කඩ ටික ඔක්කොම එකතු වෙලා සංගමයක් හැදුවා කියලා. එතකොට එතන හැදෙන්නේ මොනෝපොලි එකක්. ඒකාධිකාරයක්. සංගමය තීරණය කරනවා නම් රොටියක මිළ, ඒක හැමෝටම පොදුයි. ඒ මිළට අළෙවි කර ගන්න පුළුවන් නිසා රොටි හැදෙන්නේ අඩු කොලිටියට. මිළ පොදුයි නම් මොකටද අමුතුවෙන් හොඳට දෙන්නේ. ඒ වගේම අවම ලාබය තියා නොගෙන සංගමයට පුළුවන් ඕන විදියට මිළ වැඩි කරන්න. එතකොට පාරිභෝගිකයා හැබෑ වටිනාකමට වඩා වැඩි මිළක් ගෙවලා රොටිය කන්නේ. ඒක සමාජයට පාඩුවක්.
සංගමය වෙනුවට ආණ්ඩුව ඇවිත් රොටියට මිළක් දැම්මත් එච්චරයි. ඒ පාලන මිළ එක්ක වෙළෙඳපොළ ක්‍රියාත්මක වෙන්නේ අවුලෙන්. මේ රොටි කඩ වල ආණ්ඩුව නියාමනය කරන්න ඕනේ සෞඛ්‍යාරක්ෂිත භාවය විතරයි. ඒ වගේම මේවායින් කැළේට වෙන හානිය.
මේ විදියටම සරළ නොවුනත් අනෙක් කර්මාන්තත් මේ වගේ පොදු ආර්ථික සංකල්ප වලින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා වෙළෙඳපොළට අවශ්‍ය අවම නියාමනය ලබා දීම සහ බාහිර බලපෑම් පාලනය කිරීමයි රජය කළ යුත්තේ. සෞඛ්‍යය සම්පන්න වෙළෙඳපොළ තරගයක් වෙළෙඳපොළ කාර්යක්ෂම වෙන්න අත්‍යාවශ්‍යයි. රොටි කඩෙන් අපිට කියලා දෙන පාඩම තමයි ඒක.
අපිට පුළුවන් !
#පැතූනොමික්ස්