රොමේෂ් හා චාමරගේ මනුස්සකම" මෙන්න..!

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රොමේෂ් හා චාමරගේ මනුස්සකම" මෙන්න..!

    පසුගිය 14 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවත් වූ “කල්පිතයෙන් එහා” සංගීත ප්‍රසංගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. මේ හේතුවෙන් සංගීත ප්‍රසංගය මුලුමනින්ම නවතා දැමීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට සිදුවුණා. වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ සියළුම සැලසුම් වෙනස් කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් මෙම ප්‍රසංගය ජූලි මාසය දක්වා කල්දැමීමට සිදුවන බව ඔවුන්ට දැනගන්නට ලැබුණා.

    විශාල මුදලක් යොදා මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ නමුත් පැමිණ සිටි සියළු දෙනාටම එය නරඹන්නට දී තිබුණේ නොමිලේයි. කෙසේ නමුත් මාස කිහිපයක් සැලසුම් කර වර්ෂාව නිසාවෙන් නවතා දමන්නට වූ මෙම සංගීත ප්‍රසංගයට නැවත ජීවයක් දෙන්නට එම අවස්ථාවට පැමිණ සිටි ආරාධිත ගායකයින් වූ රොමේෂ් සුගතපාල හා චාමර වීරසිංහ කටයුතු කර තිබුණා.

    තමන් සංවිධානය කර තිබූ ප්‍රසංගය වර්ෂාව හේතුවෙන් සේදීයාමෙන් මානසිකවද ඇදවැටී සිටි විශ්ව විද්‍යාල සිසුන් වෙත පැමිණ රොමේෂ් සුගතපාල හා චාමර වීරසිංහ පවසා තිබුණේ

    ”මල්ලි උඹලා මේකට ගොඩක් මහන්සි වුණා කියලා අපිට තේරෙනවා, ෂෝ එකේ සින්දු කියන්න ආවම අපිට උඹලා සලකපු විදියෙන්ම උඹලා ගැන තේරුණා, අද මයික් එකක් ඔන් කරගන්න බැරි තරම් වහිනවා, අවුලක් නෑ, අපි මේ ෂෝ එක හෙටට කල්දාමු, අපේ ආටිස්ට්ලාට සල්ලි ගෙවලා එක සින්දුවක්වත් කියන්නේ නැතුව අපිට උඹලාගෙන් සල්ලි ගන්න බෑ, ඒක හරි දෙයක් නෙවෙයි, බෑන්ඩ් එකයි, මේ ගහපු ස්ටේජ් එකයි එක්ක අපි උඹලගේ හොස්ටල්වල රෑ ඉන්නම්, අවුලක් නෑ, හෙට හෙන නෙවෙයි මෙතන ගංවතුර ගැහුවත් අපි ෂෝ එක කරලා තමයි යන්නේ” යනුවෙනුයි.

    ඒ අනුව රොමේෂ් සුගතපාල හා ඔහුගේ වාදන කණ්ඩායම එදින විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ රැය පහන් කර ඇති අතර එම අවස්ථාවට චාමාර වීරසිංහද එක්ව තිබෙනවා. ඔවුන් රාත්‍රියේ ආහාරද ගෙන විශ්ව විද්‍යල සිසුන් සමඟින් ගී ගයමින් රැය පහන්කර ඇති අතර පසුදා නැවත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

    එදිනද වැසි නොතකා බොහෝ පිරිසක් ප්‍රසංගය නැරඹීමට පැමිණ ඇති අතර රයිනි චාරුකා හා රූනි ද මෙම ප්‍රසංගයේ ගීත ගැයීමට සහභාගී වී තිබෙනවා.

    සැබැවින්ම එම අවස්ථාවේදී අසරණව සිටි විශ්ව විද්‍යාල සිසුන්ගේ හැඟීම් තේරුම්ගත් නිසාවෙන් මෙම ගායකයින් දෙදෙනා නේවාසිකාගාරවල රැදී සිටිමින් ඔවුන් පෙරුම්පුරා සංවිධානය කළ සංගීත ප්‍රසංගයට අරුතක් ලබාදුනි.

    මෙවන් අවස්ථාවන්වලදී මුදල් පිළිබඳව පමණක් සිතන ඇතැම් ගායක ගායිකාවන් හා ගත්කළ චාමර, රොමේෂ් හා රයිනි චාරුකා හට විශ්ව විද්‍යාල සිසුන්ගේ නොමද ස්තූතිය හිමිවූයේ දිවා රූ නොබලමින් විශ්ව විද්‍යාල සිසුන් දිරිමත් කරමින් මනුස්සකම් ඇති ගායක ගායිකාවන් ලෙසින් ඔවුන්ගේ වටිනා කාලය වැය කරමින් ප්‍රසංගය සාර්ථක කර ගැනීමට කටයුතු කළ නිසාවෙනුයි.
     
    blue_in_rio

    Well-known member
  • අපේ රටේ මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි, යම්කිසි කලා කරුවෙක්ගේ, කලාකෘතියකින්, ඒ මනුස්සයගේ චරිතය ගැන නිගමනයකට එන එක.ගායකයෙක් බුදුගුණ ගීත ගැයුව පළියට සීලවන්තයෙක් වෙන්නේවත්, තව කෙනෙක් තණමල්විල මල් ගැන කිව්වට, ගන්ජා කාරයෙක් වෙන්නේවත් නෑ.ඒ ගැන හොඳම උදාහරණ කීපයක් පහුගිය දවස් ටිකේ අහන්න ලැබුණා.කෙනෙක් උස් පහත් වෙන්නේ ඒ මනුස්සයාගේ ඇතුලතින් තියෙන ගුණාංගවලින් මිසක්, පිටතින් පෙන්නගෙන ඉන්න බොරු සෝබන වලින් නෙමෙයි. :):)
     
    Mozilla

    :oo: :rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපේ රටේ මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි, යම්කිසි කලා කරුවෙක්ගේ, කලාකෘතියකින්, ඒ මනුස්සයගේ චරිතය ගැන නිගමනයකට එන එක.ගායකයෙක් බුදුගුණ ගීත ගැයුව පළියට සීලවන්තයෙක් වෙන්නේවත්, තව කෙනෙක් තණමල්විල මල් ගැන කිව්වට, ගන්ජා කාරයෙක් වෙන්නේවත් නෑ.ඒ ගැන හොඳම උදාහරණ කීපයක් පහුගිය දවස් ටිකේ අහන්න ලැබුණා.කෙනෙක් උස් පහත් වෙන්නේ ඒ මනුස්සයාගේ ඇතුලතින් තියෙන ගුණාංගවලින් මිසක්, පිටතින් පෙන්නගෙන ඉන්න බොරු සෝබන වලින් නෙමෙයි. :):)

    චාමරය හොඳ එකා කියල අපි දන්නවනෙ

    රොමේශ්ගෙත් ඉතිහාසය නරක නෑ නේද
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama pudgalikawa oya ayage geetha rasa vidinna wadi unanduwak naha, namuth owunge manushika obawaya aadi vishwavidyala shishyayek hetiyata ihalinma agaya karanawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රොමේශයා ටිකක් පන්ඩිතය උනාට මනුස්ස්කම තියනවා අනික මිනිහත් කැම්පස් බුවෙක් නිසා දැනගන්න ඇති කට්ට :):)
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    15wngw4.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපේ රටේ මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි, යම්කිසි කලා කරුවෙක්ගේ, කලාකෘතියකින්, ඒ මනුස්සයගේ චරිතය ගැන නිගමනයකට එන එක.ගායකයෙක් බුදුගුණ ගීත ගැයුව පළියට සීලවන්තයෙක් වෙන්නේවත්, තව කෙනෙක් තණමල්විල මල් ගැන කිව්වට, ගන්ජා කාරයෙක් වෙන්නේවත් නෑ.ඒ ගැන හොඳම උදාහරණ කීපයක් පහුගිය දවස් ටිකේ අහන්න ලැබුණා.කෙනෙක් උස් පහත් වෙන්නේ ඒ මනුස්සයාගේ ඇතුලතින් තියෙන ගුණාංගවලින් මිසක්, පිටතින් පෙන්නගෙන ඉන්න බොරු සෝබන වලින් නෙමෙයි. :):)

    :yes::yes::yes::yes::yes::yes:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    රොමේෂ් මම පෞගලිකව අදුරන්නේ නැ. දවසක් අහම්බෙන් වැඩකට ගිය වෙලාවේදී තානාපති කාර්යාලයකදී මට මුණ ගැහුනා. කිසිදා දැකලා නැති මට ගොඩක් හොද විදිහට කතා කරලා ෆිට් උනා.
    සිරාවට කිසි ලොකු කමක් තිබ්බේ නෑ. :):):)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපේ රටේ මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි, යම්කිසි කලා කරුවෙක්ගේ, කලාකෘතියකින්, ඒ මනුස්සයගේ චරිතය ගැන නිගමනයකට එන එක.ගායකයෙක් බුදුගුණ ගීත ගැයුව පළියට සීලවන්තයෙක් වෙන්නේවත්, තව කෙනෙක් තණමල්විල මල් ගැන කිව්වට, ගන්ජා කාරයෙක් වෙන්නේවත් නෑ.ඒ ගැන හොඳම උදාහරණ කීපයක් පහුගිය දවස් ටිකේ අහන්න ලැබුණා.කෙනෙක් උස් පහත් වෙන්නේ ඒ මනුස්සයාගේ ඇතුලතින් තියෙන ගුණාංගවලින් මිසක්, පිටතින් පෙන්නගෙන ඉන්න බොරු සෝබන වලින් නෙමෙයි. :):)

    Ha ha ha Victor Bro :lol::lol::lol: