රොෂේන් චානක බඩ අල්ලාගෙන බිම වැටුණා…
“මම සිටි තැනට අඩි 07ක් දුරින් රොෂේන් චානක බඩ අල්ලාගෙන බිම වැටුණා. වෙඩි වැදිලයි වැටුණේ කියලා කියනවා මට ඇහුණා. රොෂේන් චානක ෂර්ට් එක උස්සලා පෙන්නුවා බඩේ යටි පැත්තෙන් රෝසපාට ගුළියක් වගේ මොනවදෝ එළියට ඇවිත් තිබුණා” යැයි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැති සේවක අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂණයේදී පොලිසියෙන් වෙඩි තැබීම නිසා මියගිය රෝෂේන් චානක සහ බරපතළ තුවාල ලැබූ තවත් අයකුගේ නඩුව මීගමුව මහාධිකරණයේ දෙවැනි දිනටත් පෙරේදා (19) පැවැති අවස්ථාවේ දිවුලපිටිය බඩල්ගම පදිංචි සම්පත් ප්‍රසන්න යන අය සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ.
බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ නඩුව විභාග කෙරිණි.
2011 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මීගමුව අධිකරණ බල සීමාව වන කටුනායකදී රත්නසේකර පෙරුමන්සල් ආචාරිගේ රොෂේන් චානක යන අය වෙඩි තබා මරණය සිදු කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 9296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවද හීනටියන මුදියන්සේලාගේ මංගල සම්පත් කුමාර යන අයට මරණයක් සිදුවීමට හැකිවන ලෙස බරපතළ තුවාල ඇති වන සේ වෙඩි තබා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය යටතේද වරද සිදු කළ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා ගොනු කර තිබිණි.
මෙලෙස චෝදනා ලබා ඇත්තේ එවකට සීදුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ නමැති නිලධාරීන් දෙදෙනාය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා සාක්ෂි මෙහෙයූ අතර අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා ඊට සහාය විය.
සම්පත් ප්‍රසන්න මහතා මෙසේද පිළිතුරු දුන්නේය.
ප්රශ්නය :- ඔබ රොෂේන් චානක කියන අයව දන්නවාද?
පිළිතුර :- දන්නවා. අපේ ෆැක්ටරියේ වැඩ කළේ. මම නමින් දන්නවා ළඟින් ඇසුරු කර නැහැ.
ප්රශ්නය :- රොෂේන් චානකව ඔබට හමුවෙලා තියෙන්නේ මොන වෙලාවේද?
පිළිතුර :- කෑම පැයේදී කැන්ටින් එකේදී.
ප්රශ්නය :- 2011 මැයි මස 30 වැනි දින ඔබට මතකද?
පිළිතුර :- මතකයි.
ප්රශ්නය :- ඒ දිනයේදී විශේෂ දෙයක් සිදු වුණාද?
කලබලයක් වගේ දෙයක්.
පිළිතුර :- උද්ඝෝෂණයක් වගේ දෙයක් තිබුණා. මම මැයි 30දා උදේ 7.30ට වැඩට ආවා. වැඩ කරන්න පටන් ගත්තා. වැඩ කරපු කට්ටියක් එළියට බැහැලා ගියා. අපිත් ගියා.
ප්රශ්නය :- කොපමණ ගාණක් ගියාද?
පිළිතුර :- ෆැක්ටරියේ සියලු දෙනාම ගියා හත්සීයක් පමණ සිටියා.
ප්රශ්නය :- ඒ අවස්ථාවේ රොෂේන් චානකව දැක්කද?
පිළිතුර :- දැක්කේ නැහැ.
ප්රශ්නය :- ෆැක්රියෙන් එළියට ඇවිත් ඔබලා මොනවද කළේ?
පිළිතුර :- අපි අතුරු පාරක් දිගේ ගියා දෙපැත්තෙන්ම ගහගන්න පටන් ගත්තා. එක පැත්තක පොලිසිය හිටියා.
ප්රශ්නය :- රොෂේන් චානකට මොනවා හරි වෙනවා දැක්කද?
පිළිතුර :- මම සිටි තැනට ළඟින් රොෂේන් චානක වැටිලා සිටියා. රොෂේන් චානක ඉදිරිපිට සෙනඟ සිටියා. රොෂේන් චානක බඩ අල්ලා ගෙන සිටියා. රබර් උණ්ඩවලින් වෙඩි තිබ්බා කියලයි කියනවා ඇහුණේ.
ප්රශ්නය :- මේ වෙලාවේ තව මොනවද දැක්කේ?
පිළිතුර :- පොලිසියෙන් දුවගෙන එනවා දැක්කා. අපිට බයක් දැනුණා. අපි රොෂේන් චානකව ඉස්සුවා. රොෂේන් චානක ෂර්ට් එක උස්සලා යටි බඩ අල්ලාගෙන රිදෙනවා කිව්වා. ඔහුගේ බඩෙන් රෝස පාට ගුළියක් වගේ දෙයක් එළියට ආවා. මගේ ඇගේ ලේ තැවරී තිබුණා. තවත් කෙනකුට තුවාල වුණා කියලත් දැන ගත්තා. සිද්ධිය වෙලා දවස් තුනකට පසු දැන ගත්තා රොෂේන් චානක නැති වුණා කියලා. රොෂේන් චානකගේ අවසන් කටයුතු සඳහා අපි ගල්ඔළුවට ගියා.
වැලිමඩ පදිංචි දුරසංගිලී ධනපාල සාක්කි දෙමින් මෙසේ කීය.
ප්රශ්නය :- 2011 මැයි මස 30 වැනි දින මතකද?
පිළිතුර :- ඔව්.
ප්රශ්නය :- එදින මොකක්ද සිදුවුණේ?
පිළිතුර :- EPF ප්‍රශ්නයක් මත උද්ඝෝෂණයක් තිබුණා.
ප්රශ්නය :- රොෂේන් චානකව හඳුනනවාද?
පිළිතුර :- දන්නවා.
ප්රශ්නය :- ඔහු වැඩ කළේ කොහේද?
පිළිතුර :- මම වැඩ කරන ඩී.සී.එල්. ආයතනයේ.
ප්රශ්නය :- ඔබ මෙම උද්ඝෝෂණ සිද්ධිය වූ දින වැඩට ආවේ කීයටද?
පිළිතුර :- මම 9.00ට පමණ ෆැක්ටරියට ආවා. 12.10ට පමණ මම ගේට්ටු අංක 4න් එළියට ආවා.
ප්රශ්නය :- මොනවද එතැන සිදු වෙමින් තිබුණේ?
පිළිතුර :- උද්ඝෝෂණය තිබුණා. පොලිසිය ඇතුළෙත් හිටියා පිටතත් හිටියා.
ප්රශ්නය :- එතැන සෙනඟ හිටියාද?
පිළිතුර :- සෙනඟ ගොඩක් හිටියා පොලිස් නිලධාරීනුත් හිටියා මම බොහොම අමාරුවෙන් ගියේ.
ප්රශ්නය :- මේ වෙලාවේ සිදුවුණු විශේෂ දෙයක් දැන ගත්තාද?
පිළිතුර :- රොෂේන් චානකට වෙඩි වැදිලා කියලා දැන ගත්තා. මම සිටිය තැනට මීටර් 10ක් පමණ දුරින් රොෂේන් චානක වෙඩි වැදී බිම සිටියා.
ප්රශ්නය :- පොලිසියෙන් සිටියද?
පිළිතුර :- ඔව්. පොලිස් නිලධාරීන් හිටගෙන සිටියා. ඔවුන් අත බැටන් පොලු තිබුණා.
ප්රශ්නය :- රොෂේන් චානකට වෙඩි වැදුණු පසු මොකද කළේ?
පිළිතුර :- අපි උස්සලා වාහනයට දාගත්තා. මේ අවස්ථාවේ වාහනය අසළ පොලිස් නිලධාරීන් හතර දෙනෙක් හිටියා.
ප්රශ්නය :- පසුව මොකද වුණේ?
පිළිතුර :- පොලිසියෙන් වාහනයටත් ගැහැව්වා. අලාභ හානි වුණා.
ප්රශ්නය :- ඔබ මොකද කළේ?
පිළිතුර :- මම වාහනයෙන් බැහැලා දිව්වා.
ප්රශ්නය :- මේ වෙලාවේ ඔබ සමඟ තවත් අය සිටියාද?
පිළිතුර :- ඔව්. එච්.ආර්. මහත්තයා හිටියා. එච්.ආර්. මහත්තයත් රොෂේන් චානකව වාහනයට දා ගන්න උදවු කළා.
ප්රශ්නය :- පොලිසියෙන් උදවු කළාද?
පිළිතුර :- පොලිසියෙන් එච්.ආර්. මහත්තයාටත් ගැහුවා. එච්.ආර්. මහත්තයාගේ ඔළුවට පහර වැදුණා.
ප්රශ්නය :- වාහනයට මොකද කළේ?
පිළිතුර :- සීදුව පොලිසියෙන් වාහනය අරගෙන ගිහිල්ලා තිබුණා. වාහනයේ වීදුරු කුඩු වෙලා තිබුණා. සීදුව පොලිසියට කට උත්තරයක් දීලා වාහනය අරගෙන ආවේ.
වැලිගම පදිංචි උදිත ලක්මාල් අලහකෝන් යන අය මීළඟට සාක්කි දුන්නේය.
ප්රශ්නය :- 2011 මැයි මස 30 වැනි දින මොකක්ද සිදුවුණේ?
පිළිතුර :- EPF ප්‍රශ්නයක් මුල් කරගෙන උද්ඝෝෂණයක් තිබුණා.
ප්රශ්නය :- ඔබ එදා වැඩට ආවේ කීයටද?
පිළිතුර :- මම උදේ 8ට එදා වැඩට ආවා. දහවල් කෑමට කැන්ටිමට ගියා.
ප්රශ්නය :- ඒ අවස්ථාවේ විශේෂ දෙයක් සිදුවුණාද?
පිළිතුර :- ඔව්. ‘හූ’ කියන ශබ්දයක් ඇසුණා. එය බලන්න අපි ගේට්ටුවෙන් එළියට ආවා.
ප්රශ්නය :- ෆැක්ටරියේ සේරම එළියට ආවද?
පිළිතුර :- ඔව්. සේරම ආවා.
ප්රශ්නය :- ඔබේ කට්ටිය ඉන්පසු මොනවද කළේ?
පිළිතුර :- අතුරු පාරක් දිගේ එළියට ඇවිත් අපි ගියා. ගෑනු ළමයින් සිටියා.
ප්රශ්නය :- පසුව මොකද වුණේ?
පිළිතුර :- ඉස්සරහා කට්ටිය කෑගසන ශබ්දයක් ඇසුණා.
ප්රශ්නය :- රොෂේන් චානක කොහේද සිටියේ?
පිළිතුර :- මගේ දකුණු පැත්තේ.
ප්රශ්නය :- මොනවා හරි ශබ්දයක් මේ වෙලාවේ ඇසුණාද?
උ. රතිඤ්ඤා පුපුරනවා වගේ වෙඩි ශබ්දයක් ඇසුණා.
ප්රශ්නය :- ළමයි මොකද කළේ?
පිළිතුර :- ෆැක්ටරියේ ළමයි දුවගෙන ආවා.
ප්රශ්නය :- රොෂේන් චානකට මොකද වුණේ?
පිළිතුර :- ඔහු මගේ ආසන්නයේ යටි බඩ අල්ලගෙන වැටුණා. තව කෙනෙක් වැටී සිටියා.
ප්රශ්නය :- ඔබලා මොකද මේ වෙලාවේ කළේ?
පිළිතුර :- අපි තුන් දෙනකුට වැඩිය ඉකිළිය පැත්තෙන් අත දාලා රොෂේන් චානකව උස්සලා ගත්තා. වාහනයක දාගෙන ෆැක්ටරිය දෙසට ගෙන ගියා.
ප්රශ්නය :- රොෂේන් චානකට මොකද වෙලා තිබුණේ?
පිළිතුර :- නාභියට ඉහළින් රතුපාට දෙයක් ගුළියක් වගේ එළියට ඇවිත් තිබුණා.
ප්රශ්නය :- ඔබට එය දැකලා මොකද වුණේ?
පිළිතුර :- මම කම්පනයට පත් වුණා. මට පියවි සිහිය ලැබෙන විට රොෂේන් චානකව රෝහලට ගෙන ගොස් තිබුණා.
ප්රශ්නය :- රොෂේන් චානකට මොනව වුණාද කියලා ඔබ දැන ගත්තේ?
පිළිතුර :- රොෂේන් චානකට වෙඩි වැදිලා රෝහලට ඇතුළත් කරලා. පසුව ඔහු මියගිය බව දැන ගත්තා. අපි මළගෙදර ගියා.
විත්තිය වෙනුවෙන් හර්ෂ නානායක්කාර, සමුද්‍ර ප්‍රනාන්දු, ඉන්දික සිල්වා, නීතිඥ මහින්ද සුගතදාස සහ නීතිඥ නිකිණි මාපිටිගම මෙනෙවියද පෙනී සිටියාය.
මව්බිම 2018-06-21
Page 9
- http://epaper.mawbima.lk/TodayEpaper.php?id=2018-06-21

Last edited: