රොස්වෙල් පියාඹන පීරිසි අනතුර

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රොස්වෙල් පියාඹන පීරිසි අනතුර

    ඒ 1947 වර්ෂයේ ජූලි මස 3 වන දා රාත්‍රිය යි. මැක් බ්‍රෙසල් නම් පුද්ගලයා රොස්වෙල් කාන්තාරය අසලින් ගමන්කරමින් සිටිය දී විශාල ශබ්දයක් නිසා තිගැස්සුනා. පසුදා, එනම් 1947 ජූලි 04 වන දා පාන්දරින්ම ඔහු කාන්තාරය වෙත පිටත්වුණේ පෙරදින රාත්‍රියේ තමන්ට ඇසුණු ඒ බිහිසුණු ශබ්දය කුමක්දැ යි දැනගැනීමට යි. එහි ගිය ඔහුට දැකගන්නට ලැබී තිබෙන්නේ ඉතාමත් විශ්මයජනක දර්ශනයක්. හඳුනා නොගත් යානයක් කඩාවැටී, පිපිරීගොස් එහි ලෝහ කොටස් සෑම තැනකම විසිරී තිබුණා.
    tWcQwqMyfh0MrVJh_2.jpg

    (schoolworkhelper.net) යානය පිපිරී ගොස් තිබුණු ආකාරය1947 වර්ෂයේ ජූලි මස 4 වන දින එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල්හි සිදුවුණු අනතුරෙන් පිපිරී ගොස් තිබුණු හඳුනා නොගත් පියාසර වස්තුව පිටසක්වල ජීවින්ටගේ යානයක් බවයි බොහෝ දෙනා මත පළ කළේ. මේ නිසා 1947 වර්ෂය පිටසක්වල ජීවින් පිළිබඳ උනන්දු වන අයට නම් විශේෂ වසරක් බව කියන්නට පුළුවන්. මොකද රොස්වෙල්හි සිදු වුණු “පියාඹන පීරිසි” අනතුරෙන් පසුව, පිටසක්වල ජීවින් පිළිබඳ තොරතුරු සවිස්තරව ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුණ නිසයි.
    කඩා වැටුණ යානය

    පිටසක්වල ජිවින්ගේයැ යි සැක කෙරෙන යානයක් කඩා වැටීම පිළිබඳ ආරංචි වුණු නිව් මෙක්සිකෝ වැසියන් රොස්වෙල්හි ගුවන් හමුදා කඳවුරු මුලස්ථානයට මේ ගැන දැනුම් දී තිබෙනවා. එසේ දැනුම්දීමෙන් අනතුරුව විශේෂ පරීක්ෂණ කණ්ඩායම් මේ ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් දීර්ඝ වශයෙන් පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
    tWxTBwwJp5dZ1iDl_3.jpg

    (tall-white-aliens.com) නිරීක්ෂණ කටයුතු අතරතුරදිගින් කිලෝමීටර් 1.2ක් සහ පළලින් මීටර 220ක පමණ වර්ගඵලයකින් යුතු වූ විශාල ප්‍රදේශයක ලෝහ කැබලි විසිරි තිබෙනු පරීක්ෂණ කණ්ඩායම් නිරීක්ෂණය කර තිබෙනවා. පරීක්ෂණ කටයුතු අතරතුරේ මොවුන් නිරීක්ෂණය කොට ඇත්තේ මේ ප්‍රදේශයේ භූමියේ තිබුණු වැලි අධික තාපය නිසා වීදුරු බවට පත්ව තිබෙන ආකාරය යි.
    යානය ආසන්නයෙන් හමු වූ අද්භූත ජීවින්

    රොස්වෙල්හි අනතුරෙන් පසුව දිගින් දිගටම නිරීක්ෂණ කටයුතු සිදු කළ නිලධාරීන්ට තවත් වටිනා දෙයක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව කියනවා. ඒ, අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඈතින් වැටී තිබුණු අද්භූත හැඩයකින් යුතු සිරුරු යි. මේ ජීවින් ඒ වන විටත් මිය ගොස් තිබුණු බවත්, ඔවුන්ගේ පෙනුම යම් තරමකට මිනිස් ස්වරූපයට සමාන ස්වභාවයක් ගෙන තිබෙන බවත් ප්‍රසිද්ධ මතය වෙනවා.
    qaL74Tpmw8PnALiw_4.jpg

    (metro.co.uk) යානය ආසන්නයෙන් හමු වූවා යැයි කියන අසාමාන්‍ය ජීවින්සාමාන්‍ය මළ සිරුරකට වඩා අසාමාන්‍ය බවක් මේ මළ සිරුරු වල දකින්නට ලැබී තිබෙනවා. පරීක්ෂණ කණ්ඩායම් වාර්තා වල සඳහන්ව තිබෙන බවට වාර්තා වෙන්නේ මේ සිරුරු “අද්භූත පෙනුමකින්” යුක්තව පැවති බවයි. ඉතාමත් කෙසඟ බවකින් යුක්ත වූ මේ සිරුරු වල උස අඩි 5ක් පමණ වී තිබෙනවා. එහි හිස පෙදෙස කඳ පෙදෙසට වඩා විශාල ලෙසයි ඔවුන් නිරීක්ෂණය කර තිබෙන්නේ. කෙසේ නමුත් මේ තොරතුරු වල නිරවද්‍යතාව ගැන නම් කිසිදු සහතිකයක් නැහැ.
    ජැක් බාර්නට්ගේ කැමරා කාචයේ සටහන් වූ අද්භූත වීඩියෝව

    රොස්වෙල් අනතුරෙන් හදිසියේ හමු වූ “පිටසක්වල ජීවින්” ගැන, රොස්වෙල්හි අනතුර සිදු වුණු 1947 වර්ෂයේ ලැබුණු සාධක වලටත් වඩා ඉතා ප්‍රබල සාධක 1995 වර්ෂයේ දී හමුවුණු බව, රොස්වෙල් සිදුවීම සත්‍ය බව විශ්වාස කරන්නන් පවසනවා. මේ තොරතුරු ලොවට ඉදිරිපත් කර තිබුණේ රේ සැන්ට්ලි සහ ජැක් බාර්නට් යනුවෙන් හඳුන්වාගත් පුද්ගලයන් දෙදෙනෙක්. ජැක් බාර්නට් හිටපු හමුදා කැමරා ශිල්පියෙක්.
    රේ සැන්ට්ලි වෘත්තියෙන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඔහුගේ වාර්තා චිත්‍රපටයක් සඳහා අවශ්‍ය කරුණු එක්රැස් කරමින් සිටි ඔහු වරෙක ජැක් බාර්නට් කරා යන්නේ ඔහුගේ නවතම චිත්‍රපටය සඳහා අවශ්‍ය වුණු දර්ශන ලබා ගැනීමට යි. එසේ පැමිණි රේ සැන්ට්ලි හට ජැක් විසින් ලබා දෙන්නේ අපූරු වීඩියෝ දර්ශන පෙළක්. වීඩියෝ දර්ශන පෙළ නරඹන රේ සැන්ට්ලි මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ජැක්ගෙන් විමසන අතර ජැක් විසින් පවසා ඇත්තේ මෙය තමන් විසින් වර්ෂ 1940ගණන් වල අග දී හමුදාවේ ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරන කාලයේ සිදුකරන ලද විශේෂ රාජකාරියක ප්‍රතිඵලයක් ලෙස ඉතුරුව පවතින්නක් බව යි.
    8wg5eAIZ1f1zfaW5_5.jpg

    (escaperoomathens.gr) ජැක්ගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුජැක්ගේ කැමරාවේ තිබුණු වීඩියෝ දර්ශනයේ තිබී ඇත්තේ අද්භූත මළ සිරුරක කායවිච්ඡේදනය කරන දර්ශනයක්. 1947 වර්ෂයේ රොස්වෙල්හි සිදුවුණු පියාඹන පීරිසි අනතුර මේ වීඩියෝ දර්ශනයට සම්බන්ධවන්නේ මෙතැන දී යි. ජැක් විසින් පවසන ආකාරයට 1947 වර්ෂයේ ජූලි මස දිනෙක හදිසි රාජකාරියක් සඳහා ඔහුව රොස්වෙල් වෙත කැඳවා තිබුණා. එදින ඔහුව කැඳවා තිබුණේ රොස්වෙල්හි ෆොර්ට් වර්ත් රෝහල වෙතට යි. ඔහු රේ සැන්ට්ලිහට ප්‍රකාශ කර තිබුණු ආකාරයට මෙහි ගිය ඔහුට පැවරුණු රාජකාරිය වී තිබුණේ අසාමාන්‍ය ජීවීන්ගේ සිරුරු පරික්ෂා කරන ආකාරය තම කැමරා කාචයේ සටහන් කරගැනීම යි. මෙසේ රූගත කරගත් වීඩියෝ පට වොෂින්ටනය බලා යැවූ බවත් ජැක් විසින් පවසා තිබෙනවා.
    සැන්ට්ලිගේ සිනමා පටය

    ජැක් බාර්නට් කිසිදු දිනෙක මේ වීඩියෝ පටය ගැන කිසිදු මතයක් ලොවට හෙළි කර නැහැ. නමුත් සැන්ට්ලි විසින් වීඩියෝ දර්ශන පෙළ ඒ ආකාරයෙන්ම කිසිදු සංස්කරණයකින් තොරවම චිත්‍රපටයක් ලෙසින් නිපදවා පෙන්වා තිබෙනවා.
    වීඩියෝ දර්ශන වල පෙන්නුම් කරන ආකාරයට මේ ජීවියා අඩි 4ක් පමණ උසකින් යුක්ත යි. කෙසඟ සිරුරක් ඇති මොහුගේ කන්, නාසය, මුඛය වැනි අවයව ඇත්තේ සාමාන්‍ය මිනිසෙකුගේ අවයව පිහිටීමට වඩා ‍මඳක් පහළිනු යි. ජීවියාගේ අත් වල ඇඟිලි 6ක් සහ පාද වල ද ඇඟිලි 6ක් බැගින් පිහිටා තිබෙනු දැකගත හැකියි. එමෙන්ම පාදයේ දකුණු කලවා පෙදෙසේ දරුණු තුවාලයක් ද දැකගත හැකිව තිබෙනවා.
    සැන්ට්ලිගේ සිනමා පටයේ සමහර දර්ශන වල යානාවක සුන්බුන් ද දැකගත හැකිව තිබෙන අතර ඒවා ද ජැක්ගේ සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන වලින්ම ලබා ගන්නා ලද්දක් බවයි පැවසෙන්නේ.
    විවිධ මත

    oweybiydxHxle6Xi_6.jpg

    (newshub.co.nz) රෝස්චෙල් හි පුවත්පත් සිද්ධිය වාර්තා කළ අයුරුසිනමා පටයේ සත්‍ය-අසත්‍යතාව ගැන මෙන්ම මුළු රොස්වෙල් සිදුවීමේම සත්‍යභාවය ගැන ද විවිධ මත පළ වුණා. මෙය සැබෑවටම පිටසක්වල ජීවීන්ගේ ආගමනයක් ලෙස සැලකීමට කැමති බොහෝ දෙනෙකු සිටියත්, විද්වතුන්ගේ මතය වුණේ එම කඩාවැටුණු යානය හමුදාවට අයත් එකක් වන්නට ඇති බවයි. එකල රහසක් ලෙස තබාගත් හමුදා යානයක් පර්යේෂණ සඳහා පියාසර කරවීමේදී කඩාවැටෙන්නට ඇති බවත්, එම රහස පිටතට යෑම නොරිසි වූ හමුදාව එය “පිටසක්වල යානයක්ය” යන මතය ජනතාව අතර ප්‍රචලිත වන්නට ඉඩහරිනු ලැබූ බවත් අද වන විට පිළිගත් මතය වනවා.
    පිටසක්වල ජිවියෙකුගේ මරණ පරීක්ෂණය සිදුකෙරෙන වීඩියෝව නැරඹු බොහෝ අය පැවසුවේ මේ දර්ශන කෘතිමව නිර්මාණය කළ මළ සිරුරක ඒවා බව යි. තවත් සමහරෙක් ප්‍රකාශ කළ ආකාරයට මේ වීඩියෝවේ ඇත්තේ ජාන විකෘති වූ මිනිසෙකුගේ මළ සිරුරක්. එම වීඩියෝව ද සත්‍ය ලෙස පටිගත කෙරුණු එකක් බවට ඔප්පු වී නැහැ.
    විද්වතුන් මොන මොන දේ කිවුවත්, අදටත්, රොස්වෙල් වලට කඩා වැටුණේ සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවීන්ගේ යානාවක් බවට විශ්වාස කරන පිරිස බොහොමයි.
    :yes::yes:Source : roar
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේවා පට්ට ඉන්ටරෙස්ටින් මාතෘකා තමයි ඉතිං..
    ඇත්ත නැත්ත හිතාගන්න බැහැ..
    ඇමරිකාවටම තමයි මේවා වෙන්නේ..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේවා පට්ට ඉන්ටරෙස්ටින් මාතෘකා තමයි ඉතිං..
    ඇත්ත නැත්ත හිතාගන්න බැහැ..
    ඇමරිකාවටම තමයි මේවා වෙන්නේ..


    :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේවා ඉතින් ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ නේ බන්. ඒත් ඉතිහාසයේ සිදු වුනයි කියන කුතුහලය දනවන සිද්ධි....:yes::yes:

    Rep By Dodo...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    Samaharu kiyanawa aluthen ena technology alienslagen gaththu ewa kiyala. Ewa aththada ban. Hithaganna ba.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේවා ඉතින් ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නෑ නේ බන්. ඒත් ඉතිහාසයේ සිදු වුනයි කියන කුතුහලය දනවන සිද්ධි....:yes::yes:

    Rep By Dodo...




    Thanks macho :D:D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    මේවා පට්ට ඉන්ටරෙස්ටින් මාතෘකා තමයි ඉතිං..
    ඇත්ත නැත්ත හිතාගන්න බැහැ..
    ඇමරිකාවටම තමයි මේවා වෙන්නේ..

    :yes::yes: