රොසැල්ලේ S වංගුව

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    රොසැල්ලේ S වංගුව

    කොළඹ සිට 168km දුරින් හා මුහුදු මට්ටමේ සිට 1130m පමණ උසින් පිහිටි රොසැල්ල දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයේ 56වන දුම්රිය නැවතුම වේ.බොහෝ හුදකලා දුම්රිය ස්ථානයක් වන මෙය ඉතා සුන්දර දුම්රිය ස්ථාන අතරින් එකකි.අවට වතුකරයේ ජනතාව තම දෛනික ප්‍රවාහන මූලස්ථානය ලෙස බාවිතා කරන මෙහි සියලූම දුම්රියන් පාහේ නවත්වනු ලැබේ නමුත් උඩරට මැණිකේ පමණක් නොනවත්වා යයි.මෙය එතරම් කථාබහට ලක් නොවන නමුත් විශේෂතා කිහිපයක් දක්නට ලැබෙන දුම්රිය නැවතුමකි.හැටන් හා වටවල අතර පිහිටි රොසැල්ල Quaint Little Railway Station ලෙස හදුන්වා ඇත.රොසැල්ලට පිවිසීමේදී 1:44 බෑවුමක්/නැග්මක් තරණයට දුම්රියට සිදුවනවා මෙන්ම ඒ හා සමඟම එයටම ඈදුනු ත්‍රීවුර S curve එකක් (S ආකාරයේ වංගුවක්) පසුකිරීමට සිදුවේ.මේ නිසාම වරක් මෙහි මාර්ගය වෙනස් කිරීමට පවා සිදුවී ඇත.(මාර්ගය වෙනස් වී ඇති ආකාර්ය රූප සටහන් වල ඇත).මෙම S හැඩති වංගුව නිසා රොසැල්ල ජනප්‍රිය වී ඇති අතර කාටූන් වලට පවා පාදක වී ඇති අතර රොසැල්ල පසුකර වටවල දෙසට යනවිට නැවත වරක් පැහැදිලිව රොසැල්ල දුම්රිය ස්ථානය දැකගත හැකිවේ.එවිට එහි දුම්රියක් නතර කර තිබුණහොත් චමත්කාරය තවත් වැඩිවේ (1008-8 පහළ දුම්රිය හා 1015-උඩරට මැණිකේ ඉහළ දුම්රිය,,1007-7up/1008-8down රොසැල්ලෙන් Crossing වීමට ඉඩ කඩ ඇත).රොසැල්ල ගැන සැකසුණු You Tube වීඩියෝවක් මේ සමඟ සටහන් කර ඇත,ඒකත් නරබන්න.තවත් තොරතුරු එහි තියනවා.



    උපුටා ගැනීමකි ...
    FB_IMG_1661918877095.jpg
    FB_IMG_1661918879599.jpg
    FB_IMG_1661918882001.jpg
    FB_IMG_1661918884235.jpg
    FB_IMG_1661918888720.jpg
    FB_IMG_1661918898747.jpg