රොහාන්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආහ හොඳයි එහෙනම් ඇ.......

    මම හිතුවේ JVP තෙල් ගහන්න ඉගෙන ගත්තු course එකෙන් ප්‍රයෝජන අරගෙන ...UNP /JVP නැතිවෙන චන්ද ටික රොහාන් ට දාන්න හදන කියල.....

    ඕක JVP තෙල් 101 එක යටතේ එන පාඩමක්.....


    එහෙම එකක් නැහැ බන් 2005 පලවෙනි චන්දෙත් දුන්නේ මහින්දට .2009 දුන්නෙත් මහින්දට 2010 ඉදල පොර වෙනසුන නිසා තමා මිනිහව හැලුවේ ...මොකද ආයතනක් උනත් පාලනය කරනකොට කාලගුණ සලක සලකම හිට්යොත් ඒ ආයතනයේ දිවුව්නුවක් වෙන්නේ නැහැ බ්‍රෝ ලබන සැරෙත් එන එවුන්ගෙන් හොදම එකාට කඩේ යනවා එච්චරයි ...
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    LoL pallewaththa sakai kiyala patan aran anthimata uta chande dennalu maru wahallu oi mun. anna ubalage maha set eka ekathu wela diyamathiyen illanawalu dan muta kade yanne nathuwa idapan
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙම එකක් නැහැ බන් 2005 පලවෙනි චන්දෙත් දුන්නේ මහින්දට .2009 දුන්නෙත් මහින්දට 2010 ඉදල පොර වෙනසුන නිසා තමා මිනිහව හැලුවේ ...මොකද ආයතනක් උනත් පාලනය කරනකොට කාලගුණ සලක සලකම හිට්යොත් ඒ ආයතනයේ දිවුව්නුවක් වෙන්නේ නැහැ බ්‍රෝ ලබන සැරෙත් එන එවුන්ගෙන් හොදම එකාට කඩේ යනවා එච්චරයි ...

    උඹ මේකේ ඉන්න පිස්සෝ වගේ කැ ගහන්නේ නැති එක නම් අගය කරනවා ....
    එත් බන්....ලංකාවේ දේශ පාලනය සාපේක්ෂයි....මෙච්චර කාලෙකට සාපේක්ෂව වැඩක් කරලා තියෙන්නේ මහින්ද....
    2010 පස්සේ මහින්දගේ දේශපාලන බාවිතව ගැන ප්‍රශ්න තියනවා....මහින්ද රැ වැටුන වලේ දවල් නොවැටෙයි කියන බලාපොරොත්තුව මතයි මම කඩේ යන්නේ...
    ඇත්තම කියනවනම් රොහාන් කියන්නේ පාවෙන චන්ද කඩන්නන දාපු රනිල්ගේ බලල් අතක් විතරයි...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    01. අවුරුදු 30ක් යුද්දෙන් මේ රට බැට කනකොට මෙයා කොහෙද බං හිටියෙ?
    02. ඒ යුද්දෙ අන්තිම අදියරේ තියනකොට යුද්දෙට සල්ලි මදිවෙලා සල්ලි හොයද්දි මෙයා කොහෙද බං හිටියෙ?
    03....
    2004 රනිල් -1 තිබ්බ ආර්ථිකට මහින්ද +6ට ගන්නකොට මෙයා කොහෙද බං හිටියෙ?
    04. උතුරට උතුරු වසන්තය/ නැගෙන හිරට නැගෙනහිර උදානය වගේ ලොකු ප්‍රොජෙක්ට් ගේනකොට මෙයා කොහෙද බං හිටියෙ?
    05. හමුදාවෙ කොල්ලො 6000ක් සදාකාලික අබ්බගාතයො වෙලා ඉන්නවා උං වෙනුදෙන් මෙයා මොනවද බං කෙරුවෙ/ කරන්නෙ?
    06. මෙයාගෙ හරි ආදායම කීයද? බදු කොච්චර ගෙවනවද කියල එලිකරලාද තියෙන්නෙ?
    07. ලංකාවෙ පළවෙනි සල්ලි කාරයො 10 දෙනා අතරවත් නැති මෙයා කොහොමද මෙච්චර රගන්නෙ? එහෙනම්
    දම්මික පෙරේරලා / හැරී ජයවර්ධන ලා කොහොම පොරවල් වෙන්න ඕනෙද?
    08. කවුද මෙයාගෙ පක්ශෙ අනිති සාමාජියකයො? එයාලගෙ ප්‍රොෆයිල් කොහොමද? ( නිරාගමිකයන්ද දන්නෙ නෑ නෙ
    �� )
    09. සෙන්සර් එකක් විකුනන මෙයා ජනාධිපති වෙන්න ඕන කියනවනම් ඒ සෙන්සර් විකුණන ටොයෙටා එකේ අයිතිකාරයා ලෝකෙ පාලනය කරන්න ඉල්ලනවද?
    10. සින්හල චන්ද බෙදල සුලු ජාතීන්ට බලේ වැඩිපුර ලබාදීමට යොදන උත්සහයකි.
    11. වැදගත්ම ටික....
    රොහාන් පල්ලේවත්ත පිළිබද මිත්‍යාවන් සහ සැබෑ සත්‍යය!

    මිත්‍යාව : ඉම්පැක්ට් සෙන්සර් තාක්ෂණය රොහාන් පල්ලේවත්තගේ ආයතනයේ තාක්ෂණයකි.
    සත්‍යය : ඉම්පැක්ට් සෙන්සරය සොයා ගන්නේ ඇලන් බ්‍රීඩ් නම් පුද්ගලයා 1968 වසරේදිය. ඒ සදහා ඔහු පේටන්ට් බලපත්‍රයද ලබා ගත්තේය.
    මිත්‍යාව : ශ්‍රී ලංකාවේ ඉම්පැක්ට් සෙන්සරය සාදන මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නේ රොහාන් පල්ලේවත්ත විසිනි. මේ බව මාධ්‍යයට කීවේ රොහාන් පල්ලේවත්තමය.
    සත්‍යය : ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ශ්‍රී ලංකාවේ සාදන ලංකා හාර්න්ස් සමාගම ආරම්භ කරන්නේ 2002 වසරේදී ජපන් ජාතිකයෙක්. ජපන් භාෂාව කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් මෙම ආයතනයට බදවා ගත් නිසා කලක් ජපානයේ සේවය කර තිබු රොහාන් පල්ලේවත්ත මෙම සමාගමට බදවා ගනියි.
    මිත්‍යාව : මෙම ඉම්පැක්ට් සෙන්සරය ටොයෝටා සමාගමට විකිණීමට රොහාන් පල්ලේවත්ත 47 වරක් සාම්පල සමග ජපානයට ගොස් තිබේ. මේ බව කියන්නේද රොහාන් පල්ලේවත්තමය.
    සත්‍යය : ලංකා හාර්න්ස් සමාගමේ සාදන ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ජපාන වෙළදපොලට හඳුන්වා දෙන්නේ රොහාන් පල්ලේවත්ත නොවේ. ආරම්භක ජපන් ජාතිකයා ලංකා හාර්න්ස් සමාගම ආරම්භ කරන විටම ජපන් වෙළදපොල සමග ගිවිසුම් අත්සන් කර තිබුනි. සැබැවින්ම ඉම්පැක්ට් සෙන්සර් උපකරණය ශ්‍රී ලංකාවට එවකටත් අලුත් අපනයන නිෂ්පාදනයක් නොවේ. හාර්නස් සමාගම ලංකාව තුල මෙම යන්ත්‍රය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි.
    මිත්‍යාව : ඉම්පැක්ට් සෙන්සර් උපකරණ ශ්‍රී ලංකාවේ සාදා අපනයනය කරනා ලංකා හාර්න්ස් ආයතනයේ හිමිකරු රොහාන් පල්ලේවත්ත ය.
    සත්‍යය : රොහාන් පල්ලේවත්ත මෙම ආයතනයේ පැරණිම සේවකයෙක්, ස්වදේශීක ශ්‍රී ලාංකිකයෙක් සහ හිමිකාර ජපන් ජාතිකයාගේ සමීපතමයෙකු වූ නිසා ඔහු ආයතනයේ උසස් වීම් ලබා ඉහලටම පැමිණි‍යේය. වර්තමානය වන විට ඔහු ලංකා හාර්න්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ යන රැකියාව කරයි. හාර්න්ස් ආයතනයේ තවමත් හිමිකරු විශ්‍රාම සුවයෙන් පසුවන ආරම්භක ජපන් ජාතිකයාය. රොහාන් පල්ලේවත්ත තවමත් ලංකා හාර්න්ස් සමාගමේ "කළමණාකරන අධ්‍යක්ෂ" රැකියාව කරනා සේවකයෙකි.
    මිත්‍යාව : රොහාන් පල්ලේවත්ත දේශපාලනයට පිවිසෙන්නේ ස්වාධීනවමය.
    සත්‍යය : පසුගිය රාජපක්ෂ සමයේ රාජපක්ෂ රජයට හේත්තූ වීමට රොහාන් පල්ලේවත්ත දැඩි වෙහෙසක් දැරීය. ගම්පහ ප්‍රදේශය නියෝජනය කරනා එවකට රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට රොහාන් පල්ලේවත්ත නිවසක්ද ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ යටතේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ලබා ගැනීමටයි. එය අසාර්ථක වූ පසු ඔහු එජාපයේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩස්ට හිතවත් විය. ඉන්පසුව මංගල සමරවීරගේ සමීපතමයෙක් වන ක්‍රිෂාන් දෙහෙරගොඩ සමග දේශපාලනයට පල්ලේවත්ත පිවිසෙයි. රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ තවමත් ලේකම්ධූරය දරන්නේ මංගල සමරවීරගේ අමාත්‍ය කාර්යමණ්ඩලයේ කටයුතු කළ ක්‍රිෂාන් දෙහෙරගොඩ ය.
    මිත්‍යාව : රොහාන් පල්ලේවත්‍ත දේශපාලකයන් මෙන් බලය පිනිස බොරු නොකියන අවංක සත්‍යවාදී මිනිසෙකි. සාර්ථක ව්‍යාපාරකයෙකු, ව්‍යවසායකයෙකු වන ඔහුට අවශ්‍ය ශ්‍රී ලංකාව ගොඩ නැගීමටයි..

    මටත් පල්ලෙවත්තයා නම් අවුල් - උදාහරණයක් ලෙස 47වරක් ජපානෙට ගියා කියන එක බොරුවක්නෙ. 47 පාරක් යන්ඩ කොච්චර ටිකට් වලට සල්ලි යනවද? අනිත් එක ඔහොම යන්ඩ විසා දෙනවද? ජපන් වීසා ගන්ඩ කොච්චර අමාරුද?
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    මටත් පල්ලෙවත්තයා නම් අවුල් - උදාහරණයක් ලෙස 47වරක් ජපානෙට ගියා කියන එක බොරුවක්නෙ. 47 පාරක් යන්ඩ කොච්චර ටිකට් වලට සල්ලි යනවද? අනිත් එක ඔහොම යන්ඩ විසා දෙනවද? ජපන් වීසා ගන්ඩ කොච්චර අමාරුද?

    :rofl: