රෝගයක් තරමටම කරදර දෙන ඉස්හොරි dandruff
බොහෝ දෙනෙකුට ඉස්හොරි විශාල ප‍්‍රශ්නයකි. කරදරයකි. හිසකෙස් පීරන විට සුදුවන් පොතු කැබලි තද වර්ණ අඳුම් මතට වැටෙන විට හොඳින් දිස්වේ. එය බොහෝ දෙනෙකුට ගැටලුවකි.අපේ සම මතුපිට සෛල ස්ථරය නිරතුරුවම මැරී යාමෙන් පසුව ගැලවී යයි. අප ස්නානය කරන විට ඇඟ අතුල්ලන්නේ කුණු ඉවත් වීමටයි. ඒ කුණු පමණක්ම නොවේ. මතුපිට ඇති මැරුණු සෛල ස්ථරය මෙහිදී ඉවත්ව යයි. නමුත් හිසේ ඇති මැරුණු සම පිරිසිදු කරන විට එසේ ඉවත් නොවේ. පොතු ගැලවී මේවා කෙස් අතර රැදෙන්නට පුළුවන. අප ව්‍යවහාරයේ දී ඉස්හොරි යයි හඳුන්වන්නේ එයයි. ඉස්හොරි යනු චර්ම රෝගයක්ම නොවේ. මෙය ශරිරයේ ස්වාභාවික තත්ත්වයකි. මේ මැරුණ සම ඉවත් වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. හිසේ තෙල් නිපද වීම වේගවත් නම් බොහෝ විට ඉස්හොරි පොතු තට්ටුවක් වශයෙන් කෙස් අතර රැඳී තිබෙනන්ට පුළුවන. හිසකෙස් කැසිමට මෙන්ම දුර්ගන්ධයක් ඇති කිරිමට හිස් හොරි හේතු විය හැකිය.
බොහෝ දෙනා නිතර නිතර සබන් හෝ ෂැම්පු වර්ග දමා තදින් හිස ඇතිල්ලීමද ඉස්හොරි සැදීමට හේතු විය හැකිය. හිස්හොරි සඳහා නිවසේදී කළ හැකි ප‍්‍රතිකර්ම තිබේ. ඉන් ප‍්‍රතිඵල නැතිනම් වෛද්‍ය වරයකු ලවා හිස පරික්ෂා කරවා ගැනීම සුදුසුය. එවිට මේ තත්ත්වය උකුණන්,සෙබොරික් එක්සිමා, පුස්වර්ග යන හේතු මත ඇති වුවක්ද යන්ද හඳුනා ගනී. එවිට වෛද්‍යවරයා අවශ්‍ය නම් ඔබට ඉස්හොරි සඳහාම නිෂ්පාදිත ෂැම්පු anti - dandruff shampoo වර්ගයක් නියම කරනු ඇත. මේ ෂැම්පු වුවද පාවිච් කළ යුතු වන්නේ සතියකට දෙකකට වරක් පමණි. ඔබ ෂැම්පු වර්ග භාවිතා කරන්නේ නම් ෂැම්පු බෝතලේ සටහන්ව ඇති වට්ටෝරුව කියවා බලන්න. එහි “සිලේනියම්” selenium අඩංගු වන්නේ නම් එය එතරම් ශරිරයට සුදුසු නොවේ.
නිලන්ති පෙරේරා