රෝග ලක්ෂණය ගැටලුවක් වීම

obama2

Member
Apr 18, 2012
424
30
0
රෝග ලක්ෂණය ගැටලුවක් වීම

රෝග ලක්ෂණය ගැටලුවක් වීම

Posted on 07 January 2013.


දෝෂාභියෝගය රටේ ප්‍රමුඛතම ප්‍රශ්ණය බවට පත්කර ගෙන සිටින සියලු දෙනාට නොතේරෙන එක් සත්‍යයක් වේ.( සමහර විට මෙය නොතේරෙනවා නොව තේරෙන නමුදු නොතේරෙනවා සේ හිදීම) මේ මොහොතේ ලංකාව් ඇත්තටම සිදු වෙමින් තියෙන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට වැටහීමක් නැහැ. මේ සියලු ගැටලු වලට බලපාන ප්‍රධාන දේශපාලන ගැටලුව වන්නේ දෙමළ ජාතික ප්‍රශ්ණයයි. ලංකාවේ දකුණේ සමාජය මේ වන විට අර්බුදයන් ලෙස වටහා ගන්නේ නීතියේ පාලනය බිදවැටීම, අධිකරණයේ ස්න්‍ාධීනතාවය රැකගැනීම, ප්‍රජාතන්ත්‍රවාද, වැනි කාරණාවන්ය. නමුත් මේ සියල්ල ලබා ගන්නට නම් අපි දෙමළ ජාතික ගැටලුවට නිසි පිළිතුරක් ලබා දිය යුතු වෙනවා. මේ සියල්ල දකුණේ සමාජයට දිනා ගත හැකිද නිද්ද යන්න බද්ද වී පවතින්නේ දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය සමගයි. අපි කැමති වුනත් අකමැති වුනත් ලංකාවේ උතුරේ දෙමළ ජනතාව සිය අයිතිවාසිකම් දිනා ගැනීම සදහා විශාල අරගලයක් කලා. ඒ අරගලය දකුණේ සමාජය විසින් පූර්ණ ලෙස අවිබලයෙන් මර්දනය කලා.

වර්ථමානයේ ලංකාවේ ඇතිව තිබෙන ප්‍රශ්ණ සමහරුන්ට අනුව දේශපාලන ප්‍රශ්ණ නෙවී. ඒවා පරිපාලන ප්‍රශ්ණ, නීති ප්‍රශ්ණ, බවට ඌණනය වී තියෙනවා. නමුත් ඇත්තටම දෙමළ ජාතික විමුක්ති අරගගය ඇතුලුව ලංකාවේ බහුතරයක් ප්‍රශ්ණ දේශපාලන ප්‍රශණ වශයෙන් අප හදුනා ගෙන තියෙනවා. දෙමළ ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලබා නොදීම හරහා සමාජය තුළින් රෝග ලක්ෂණ ගනණාවක් මතු වෙමින් තියෙනවා. අගවිනිසුරුවරියට එරහෙි දෝෂාභියෝගය යනු මේ රෝග ලක්ෂනයන් මතුපිටට ප්‍රකාශ මාන වීමක්.

වර්ථමානයේ ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්ණයට පසුව ඇති ඊළග වැදගත්ම ප්‍රශ්ණය මොකක්ද? ඒක මුල්‍ය ප්‍රශ්ණයක්. ලංකාවේ මුල්‍ය අංශය වැඩෙන්නේ නැහැ. මාධ්‍ය වලට සහ ජනතාවට අනුව මේ මුල්‍ය අර්බුදය කියන්නේ මෙහෙම දෙයක්. බඩු මිළ ඉහළයාම, උද්දමනය, ආනයන වලට බදු පැනවීම, ( ඒකනේ ගොඩක් අය මේ දවස් වල ලැම්බෝ ගිණි සහ බඩගිණි ගැන කතා කරන්නේ) මේ මුල්‍ය අර්බුදයට කියන නම තමයි ෆිස්කල් අර්බුදය. යම් ආණ්ඩුවකට ආදයම සහ වියදම අතර පරතරය පවත්වා ගෙන යා නොහැකි නම් සහ ආදායමට වඩා වියදම විශාල ගුණාකාරයකින් වැඩි වෙනවා නමි මේ ආකාරයේ ෆිස්කල් අර්බුදයන් හට ගන්නවා. ගොඩක් අය මේ ෆිස්කල් අර්බුදය සහ දෙමළ ජාතික ගැටලුව අතර සෘජු සම්බන්ධයක් ඇති බව පිළිගන්නට කැමති නෑ( ඒ දෙක අතර අනිවාර්යෙන්ම අනුලෝම සම්බන්ධයක් තියෙන බව ගොඩක් අය දන්නවා. ඒත් නරුමවාදය ලංකාවේ ජීවන භාවිතාව වෙලා තියෙන නිසා තමන් දන්නා මේ සත්‍ය පිළිගන්නට කවුරුවත්ම කැමති නෑ.)


මේ ආකාරයෙන් ලංකාවේ ආදායමට වඩා වියදම අතිශයින්ම සංකීරණ ආකාරයෙන් ඉහළ යන්නට බලපාන හේතුව මොකක්ද? වසර 2009 දී නන්දිකඩාල් කළපුවේ දී ප්‍රභාකරන් මරා දැමීමෙන් පසුව හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කමින් රතිඥ්ඤා පත්තු කරමින් දේශප්‍රේමයෙන් ඔදවැඩුන ජනතාව ( මේ ආකාරයෙන් තමන්ගේම රටේ තවත් ජාතියක විමුක්ති අරගලයක් ධනවාදී ආණ්ඩුවක් විසින් මර්දනයට ලක් කිරීම ගැන ජනතාවට කිරිබත් කන්නට අවශ්‍ය චින්තනමය වටපිටාව සකස් කර දුන්නේ වර්ථමාන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ජනතා විමුක්ති පෙරමුණයි) විශ්වාස කළේ එදායින් පසු ශිෂ්ඨාචාරය බිහිවූ බවයි.



යුද්ධය මුලුමනින්ම නිමාවට පත්කර වසර තුනකට වඩා වැඩි කාලයක් ගතව තිබෙන විටත් අප තවමත් අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් වැඩිම කොටසක් වෙන් කරන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි. ඒ කියන්නේ මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය තවමත් විසදී නැහැ. ඒකනේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ තරම් වියදම් කරන්නට සිදු වන්නේ. මෙය ජනතාව නොදන්නවා නෙවි. ඒ නිසා මේ ෆිස්කල් අර්බුදයෙන් බැටකන ජනතාවට ඒ යථාර්ථයෙන් ගැලවෙන්න ෆැන්ටසි ආධාරකයක් අවශ්‍ය වෙනවා. ලංකාවේ ෆිස්කල් අර්බුදය ජනතාවටම ක්ෂිතිමය අත්දැකීමක් වෙලයි තියෙන්නේ. ඒ ක්ෂිතියෙන් ගැලවෙන්න සිංහල ජාතියට ලැබෙන ෆැන්ටසි ආධාරකය තමයි දේශප්‍රේමය. ඒ නිසා ජනතාව දිගින් දිගටම දරා ගෙන ඉන්නවා. ඔවුන් ආර්ථික අර්බුදයෙන් විදින පීඩාව දේශප්‍රේමය මගින් සමය වෙනවා.

නමුත් මේ සෙල්ලම දිගටම කරන්නට බැහැ. මේ අර්බුදය ඉක්මනින්ම පුපුරන්ට නියමිතියි. උද්දමනය දිගින් දිගටම වර්ධනය වීමත් සමගම ජනතාවගේ ක්‍රය ශක්තිය හීන වෙනවා. එවිට දේශප්‍රේමයට වඩා ජනතාවගේ බඩගින්න ආත්මමූලික කාරණයක් වෙන්න පුලුවන්. යමි මොහොතකට පසු මේ පවතින ක්‍රමය පුපුරා යනවා. ජනතාව පාරට බහින්නට නියිමිත වෙනවා. ඊට පෙර මේ ෆිස්කල් අර්බුදය විසදිය යුතු වෙනවා.

මේ අර්බුදය අපට තිනියෙන් විසදන්න බෑ. අනිවාර්යෙන්ම ඒ සදහා ජාත්‍යන්තර සහය අවශ්‍ය වෙනවා. එවිට අපට ජිනිවා මොකටද කියලා අහන්න බෑ. විශේෂයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, වැනි ආයතන අපට ආධාර සහ ණය ලබා දෙන විට අනිවාර්යෙන්ම කොන්දේසි දමනවා. ඒ අයගේ ප්‍රධාන කොන්දේසියක් වෙන්නේ දෙමළ ජනතානට විශාල අසාධාරණයක් සිදු වූ නිසා වහාම ඔහුන් ගේ ගැටුලව විසදිය යුතු බවයි. එවිට එය නැවත වටයකින් දේශපාලන ගැටලුවක් වෙනවා. ඒ නිසාම අපට ජිනීවා සමුලුව මොකද කරන්නේ කියන එක දිහා සිහිබුද්ධියෙන් බලා ඉන්න සිදු වෙනවා. ජත්‍යන්තරය විසින් අපට දමන පළමු කොන්දේසිය දෙමළ ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න කියන එක. ඒ ඉල්ලීම ඉටු නොකර ආණ්ඩුවට ඉස්සරහට යන්න බෑ. ෆිස්කල් අර්බුදයට විසදුමක් නොදීම මගින් ජනතාව විකල්ප සොයන්නට පෙළබෙනවා.



මේ සත්‍ය ගැටලුව අවබෝධකර නොගෙන අපට තවදුරටත් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට මොකද වෙන්නේ කියන එක බලා ඉන්න පුලුවන්. නමුත් ඇත්තටම මෙවැනි දෑ කියනනේ පිළිතුරක් නොළද දෙමළ ජාතික විමුක්ති අරගලයේ රෝග ලක්ෂණ මිස අන්යමක් නෙවී.




ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,