රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර
රෝදය කැඩී ගිය Bajaj Pulsar RS200 අනතුර
ලංකාවෙත් ඉතා ජනප්‍රිය මෝටර් බයික් එකක් වන Bajaj Pulsar බයික් එකේ බරපතල ගණයේ අනතුරක් ඉන්දියාවෙන් වාර්ථා වී තිබෙනවා. අනතුර සිදුවී ඇත්තේ මෙහි නවතම මාදිලියක් වන Bajaj Pulsar RS200 මෝටර් සයිකලයේ බවයි වාර්ථා වන්නේ. සිදුවීම සැකෙවින් වාර්ථා වන ආකාරයට, Moshin Patel නැමති ඉන්දියානු ජාතිකයා තම බිරිඳ සමග මෙම මෝටර් සයිකලයේ ගමන් කරන අතරතුර හදිසි තිරිංග තද කර ඇති අතර, මෙහිදී එහි ඉදිරිපස ඇලෝයි වීල් (alloy wheel) එක සම්පූර්ණයෙන්ම කැඩී වෙන්ව ගොස් ඇත.
මේ සිදුවීම සම්බන්ධව බජාජ් ආයතනය දැනට පහත ප්‍රකාශයක් නිකුත් කර ඇත.
“2015 ජූනි මස 22 වන දින බජාජ් Pulsar RS200 මෝටර් සයිකලයේ ඇලෝයි වීලය කැඩීයාම පිලිබඳ අනතුරක් වාර්ථා වී ඇති අතර මෙය බජාජ් ඉතිහාසයේ මේ ආකාරයෙ පලමු සිදුවීම වේ. මේ වනවිට මුම්බායි සිට වීශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත. අනතුරට පත්වූ පාරිහෝගිකයන් වෙත උපරිම සුවපහසුව ලබා දීමටත් කටයුතු කරමින් සිටී
සිදුවීම පිලිබඳ www.motoroids.com වෙබ් අඩවියද වාර්ථා කර ඇත. මේවන විට Facebook හි පලවූ ප්‍රවෘතිය තහවුරු කරගෙන ඇති අතර ඉදිරි පියවර ලෙස, මේ අනතුරු සාමාන්‍ය ධාවන තත්වයේදි සිදු වූවක්ද නැතහොත් වාර්ථා නොවු සිදුවීමක් ඇත්ද යන්න සොයා බලනු ලැබේ. රෝදයට ඇතිවී තිබෙන අවම හානි අනුව මෙවැනි බිඳ වැටීමක් සිදුවිය හැකි නමුත් මේ ආකරයේ ඉතා පැහැදිලි කැඩීයාමක් මින් පෙර කිසිදු අවස්ථාවක සිදුවී නැත. විශේෂඥ කණ්ඩාමය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර ඇත.
ඉන්දියානු මෝටර් සයිකල් ශ්‍රී ලංකාවෙ මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇත. මෙම සයිකල් පිලිබඳ එහි ගුණාත්මක භාවය, කල් පැවැත්ම වැනි දේ පිලිබඳ ලාංකික සමාජයෙන්ද නොයෙකුත් මත පලවෙමින් පවතී. කෙසේ වෙතත් මේ පිලිබඳ ඔබේ අදහස් අත්දැකීම් පහල කොමන්ට් කර ඉදිරිපත් කරන්න.

- මේවන් අනතුර්ක් වීමට නම් රෝදයේ පැත්තකින් විශාල බාහිර බලයක් ඇති විය යුතුයි. සාමාන්‍ය ධාවන තත්වයන් යටතේ මෙවැන්නක් සිදු වීමට අපහසු වේ.
- කැඩී ඇති ආකරය සහ රෝදයේ ඇති සලකුණු අනුව මේ බව උපකල්පනය කල හැක.
- මෙම මෝටර් සයිකලයේ ටයරය 150Km/h දක්වා ධාවනයට සුදුසු වන අතර මෙම ටයරය, ඇලොයි වීල්ය සහ සම්පූර්ණ මෝටර් සයිකලයම මෙම උපරිම තත්වයටත් වඩා ඉහල වේගයන් යටතේ පරීක්ෂණ කර ඇත. “