කිංස්ලිට යන්නත් කිව්වලු බෑන්ඩ් එකෙන් කියලා මන් අහලා තියනවා.
මම ඉපදුනේ මාතර, මහ ගෙවල් මාතර, බස් අජියා කියන්නේ ඒ පැත්තේ music god කෙනෙක් විදියට මිනිස්සු සැලකුවේ. අජියා තමා 2003 ආපු ගංවතුරට පළවෙනි සිංදුව ගැහුවේ "වෙහෙරහේනේ විහාරයේ" කියලා. අපේ අම්මා අපිට අහන්න දුන්නේ සුභාවිත ගීත කියන ඒවා විතරයි කැසට් සේරම තිබ්බේ අමරදේව, කපුගේ, සුනිල්, නන්දගේ පවන, ළමා සිංදු විදියට ගෙනාවේ හර්ෂණ ගේ ඒවා. අපේ ගෙදර චාමරගේ, අජිත්ගේ කිංස්ලිගේ කිසිම කැසට් එකක් ගේන්න දුන්නේ නැහැ. කවුරුහරි තෑගි දෙන ඒවවත් තියන්නේ නැහැ අම්මා වෙන ගමේ අයට දෙනවා. කොහොම හරි ගංවතුරෙන් පස්සේ නෑ කෙනෙක් අජිත්ගේ සුදු අරලියා මල කැසට් එක ගෙනත් දෙනවා. පුදුමෙට අම්මා ඕක කාටවත් දුන්නෙත් නෑ. අපි දාගෙන ඇහුවට බැන්නෙත් නෑ. ඒ කැසට් එකේ මතක විදියට 3 වෙනි සිංදුව තමා "වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්" කියන සිංදුව. ඒකෙන් පස්සේ තමා මතක විදියට චාමර කියන්නේ "දකුණේ පිං ඇති පිංබිම වැවුරුකන්නල" කියලා ගංවතුර අල්ලා සිංදුව ගැහුවේ. දෙන්නම පන්සල් දෙකක් අලල්ලා එකම සිද්ධියට සිංදු ගැහුවා. ගෙදරින් අහන්න දුන්නේ නැතිවට, බස් වල යද්දි, bus stand එකේ ඉදිද්දි අනිවා ඔය අහගේ සිංදු තමා ඇහෙන්නේ..
කිංස්ලි ඔය කැසට් එක ගහන්නේ ඒ කාලේ ආවා රැල්ලක් එක එක මල් අල්ලලා සිංදු කියන, සිංදු 80ක් වත් එන්න ඇති, අමරිසිගේ ඔබ ඇපල් මලක් වාගේ, දයාන්ගේ ඩැෆඩිල් මලේ ඉඳන්, වැල් දොඩම් මල්, සුදු සඳුන් මලක, සියඹලා මලක් වගේ සෑහෙන සිංදු සෙට් එකක් ආවා, කිංස්ලිම මල් 5-7ක් වගේ අල්ලලා සිංදු කියලා ඇති.. මල් එක්ක තව ගියපු රැල්ල තමයි පන්සල් අල්ලා සිංදු ගහපු එක, බෙල්ලන් විල වෙහෙරට සුදුමල්.., ගැටබරු කන්දේ, ඇතුගල වෙහෙර එන්නේ ඒකත් එක්ක.
දික්වැල්ල රන්න බෙලිඅත්ත ඇඹිලිපිටිය කතරගම පැත්තට යන කොට ඔය දකුණේ බැන්ඩ්ස්වල සිංදු ඇහෙනවා සෑහෙන වැඩි. ඔය උඹ දාපු කැසට් එකේ එක සිංදුවක් වත් මන් ඒ කාලේ එක දිගට හරියට අහලා නැතිව ඇති. ඒත් තැනින් තැනින් ඇහිලා. සේරම වගේ මතකයි. ඒ කියන්නේ අලුත් කැසට් එකක් ආවාම සේරම වගේ මිනිස්සු ගන්නවා. කොල්ලෝ එක්ක ගම් ඇතුලට පාරවල් වල ඇවිදන් යද්දි, එක කැල්ලක් එක ගෙදරකින් ඇහෙනවා අනෙක් කෑල්ල තව ගෙදරකින් ඇහෙනවා.
dakune dikwelle kollek ape bus ajiya

