රෝසි නෝනා චීස් කාලා ❤

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඒ අනිත් XXXX
    rosy-1.jpg

    නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..- රෝසිට විරුද්දව පැමිණිලි..

    තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

    2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.

    කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත.

    කහඳගම මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අවභාවිතා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඒ ගෑනි හරි චීස් කාල ඉන්න එක ගැන සතුටු වෙයන්....

    නකමුරා අයිය වගේ චීන ගූ කනවට වැඩිය වැඩි ගානක් දීල හරි චීස් කාල ඉන්න එක හොඳ නැද්ද ??
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඒකනෙ චීස් කෑල්ල වගේ තාමත් ඉන්නෙ.මේකිත් ජී එල් පීරිස් වගේ, ඒකාලේ දැක්ක විදිහමයි තාමත්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,174
    46,947
    113
    නෑ මම මේ නිකමට අහන්නෙ රාජපක්ෂ පවුලේ අයගෙ කෑම වියදම කොහොම අැද්ද..ළමයින්ගෙ ළමයි කන චීස් වලටත් අපේ බදු සල්ලිනේ යන්නෙ..😳😳
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    patta wesiyo okun ... minissungen ekathu karana badu salli winaasa karanawa ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    රෝසි නෝනා ජනතා මුදලින් චීස් කෑවනම් වැරදියි. මේක විතරක් නෙවෙයි කාරනේ අනිත් දේශ පාලුවෝ තමාගේ මුදලින් පානුයි පරිප්පුයි විතරක් කාල ඉන්නවා කියලද හිතන්නේ. මේ පක්ෂ විපක්ෂ සියලුම දේශ පාලුවෝ ඔක්කොම කම්බ හොරු ..........