රෝ සහ ස්ලිංගා

Lasith%20Malinga%20Rohitha%20Rajapaksa.jpg

:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
මාලිංග එළියට එයි. "අහ්... මාලිංග මහත්තයා...." කියා නිර්භීත මාධ්‍යවේදියෙකු කිසිදු බියකින් තොරව අසා සිටියේය. "ඇයි මීට කලින් මාව දැකලා නැද්ද... වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..." කියා මාලිංග කාර් එකේ නැගී යන්නට ගියේය. අර නිර්භීත මාධ්‍යවේදියාට මෙන්ම මාධ්‍යයට ගැරහූ මාලිංගට එරෙහිව පෑන් අමෝරාගෙන පත්තර පිටු පුරාද, රූපවාහිනී පුරාද පුවත් නොසෑහෙන්න ගලා ගියේය. අවසානයේ මාලිංගට විනය පරීක්ෂණයක්ද පැවත්වුණි. ඒ පළමු පුවතයි.

රෝහිත රාජපක්ෂ රග්බි විනිසුරුවරයාට පහර දුන්නේ දෙනෝදාහක් බලාගෙන සිටියදීය. ඉහත කී මාධ්‍යවේදීන්ද එය දකින්නට ඇත. මාලිංගට එරෙහිව නීර්භීත වූ ඔවුහු, රෝහිත ඉදිරියේ දෙකට නැමුණි. ලියූ ඒවාද ප්‍රධාන කතෘගේ මේසයෙන් කුණු කූඩයට හැලුණි. විනය පරීක්ෂණ කිසිවක් නොමැතිව ඉන් පසු දිනයේදී ඩේලි මිරර් පුවත්පතෙන් මාතෘකාව වෙනතට ගැනීමට සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදුනි. ඒ දෙවන පුවතයි.

තරුණයන් දෙදෙනෙකුගේ ක්‍රියා දෙකක් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන නරුමභාවය සහ එම නරුමභාවය පවත්වාගෙන යාමට සහය දෙමින් අන්තර් යැපෙන බලවේගයන් පැහැදිලිවම දැකගත හැකිවෙයි. මාලිංගගේ හැසිරීම අනුමත නොකරන ශ්‍රී ලංකා සමාජයට ජනාධිපතිවරයාගේ පුතා වූ පලියට මාලිංගගේ ප්‍රකාශයට වඩා බරපතල වරදක්වූ ක්‍රීඩා තරගයක් තුළදී විනිසුරුට පහර දීම මෙපමණ සරල වන්නේ කොසේද? මෙය පහල තැනින් වතුර ගලා යයි කියා සිත් සනසා ගත යුතු කාරණාවක් නොවන අතර අප රට මුහුණ දී සිටින ආරාජිකත්වයේ ප්‍රකාශණයකි. මීට වඩා උදාහරණයක් ලෙස ඔබගේ දුව රෝහිත රාජපක්ෂ අතින් දූෂණයවුවහොත් හෙට දිනයේදී ඔබට කූඩුවේ ලගින්නට සිදුවනවා විනා එතැනින් වෙනස් දෙයක් සිදුවන්නේ නැත. පහර කෑමට ලක්වූ රග්බි විනිසුරුට සිදුවූයේ එවැනි ආකාරයේ දෙයකි.

මහින්ද පාලනය පුරාම පෙන්වා ඇත්තේ මෙවැනි පූර්වාදර්ශයන්ය. 2005 දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂගේ පාලනයේ වර්තමාන කැඩපතක් බවට රාජපක්ෂ බාල පුතාගේ ක්‍රියාව පත්වීම වැලැක්විය නොහැක. දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරමින් අධිකරණය ඈතුලු සියලු දෑ තමන්ට අවැසි ලෙස හසුරවමින් සිටීමේ අවිඥානික අදහස, මහින්ද තුළැති බලයට ඇති කෑදරකමයි. සිය පුත්‍රයා විනිසුරුට පහර දීමද මහින්ද පාලනයේ අරාජිකත්වයේම දිගුවකි. තමා ජනාධිපති පුත්‍රයා නිසා තමන්ට අවශ්‍ය දෙයක් ඕනෑම තැනකදී කිරීමේ විකෘති මනෝභාවයයි.

මෙහිදී රාජපක්ෂලාටත් වඩා නරුමවාදීන් බවට ජනයා සහ බඩගෝස්තරවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්වී ඇති බව මාලිංග සහ රෝහිත රාජපක්ෂගේ ඉහත සිද්ධීන් දෙක තුළ සනාථ කර තිබේ.

("JOINTඑක" සඟරාවේ පළමු කලාපයෙන් උපුටාගත් ලිපියකි.)
Iwarayi.jpg

PenIcon.jpg
Lakshan Peiris | ලක්ෂාන් පීරිස්

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අප රට මුහුණ දී සිටින ආරාජිකත්වයේ ප්‍රකාශණයකි.

    මහින්ද පාලනය පුරාම පෙන්වා ඇත්තේ මෙවැනි පූර්වාදර්ශයන්ය. 2005 දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂගේ පාලනයේ වර්තමාන කැඩපතක් බවට රාජපක්ෂ බාල පුතාගේ ක්‍රියාව පත්වීම වැලැක්විය නොහැක. දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරමින් අධිකරණය ඈතුලු සියලු දෑ තමන්ට අවැසි ලෙස හසුරවමින් සිටීමේ අවිඥානික අදහස, මහින්ද තුළැති බලයට ඇති කෑදරකමයි. සිය පුත්‍රයා විනිසුරුට පහර දීමද මහින්ද පාලනයේ අරාජිකත්වයේම දිගුවකි. තමා ජනාධිපති පුත්‍රයා නිසා තමන්ට අවශ්‍ය දෙයක් ඕනෑම තැනකදී කිරීමේ විකෘති මනෝභාවයයි.

    මෙහිදී රාජපක්ෂලාටත් වඩා නරුමවාදීන් බවට ජනයා සහ බඩගෝස්තරවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්වී ඇති බව මාලිංග සහ රෝහිත රාජපක්ෂගේ ඉහත සිද්ධීන් දෙක තුළ සනාථ කර තිබේ.
    [/SIZE]:yes::yes::yes:

    100000000% ekaga wenawa,//මෙහිදී රාජපක්ෂලාටත් වඩා නරුමවාදීන් බවට ජනයා සහ බඩගෝස්තරවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්වී ඇති බව මාලිංග සහ රෝහිත රාජපක්ෂගේ ඉහත සිද්ධීන් දෙක තුළ සනාථ කර තිබේ.//

    Rep 3++++++++:D:D:D
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පිස්සු පුසා;15035015 said:
    ලඟදි ලයිට් බිල පට්ටෙට වැඩි උනේ මොන රටේද

    enagalanthe engalanthe:rofl::rofl:
     
    100000000% ekaga wenawa,//මෙහිදී රාජපක්ෂලාටත් වඩා නරුමවාදීන් බවට ජනයා සහ බඩගෝස්තරවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්වී ඇති බව මාලිංග සහ රෝහිත රාජපක්ෂගේ ඉහත සිද්ධීන් දෙක තුළ සනාථ කර තිබේ.//

    Rep 3++++++++:D:D:D

    yako malinga 100% hodai rohitha tawada ehema baluwama

    ලංකාවේ අපේ ලංකාවේ

    enagalanthe engalanthe:rofl::rofl:

    ලංකාවේ මාධ්‍යයේ ඉන්නේ පොන්නයෝ​

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    kiyala wedak naha ban :)

    thank U all
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රගර් ක්‍රිඩාවේ ගැටුම් ඇති වන එක සාමාන්‍ය දෙයක්. මාලිංග මැච් එක අතරතුරදි ඇති වුන සිද්දියක් නෙමෙයි හින්ද මෙ සිදුවිම් දෙකේ සමාන බවක් නෑ
     
    1000% ekangai macho

    thanks you both
    ලංකාවේ මාධ්‍යයේ ඉන්නේ පොන්නයෝ
    සහ ඈත වන්නි හත්පත්තුවෙන් බින්තන්නෙන් තිස්සමහරමෙන් අපු ගොඩේ බයියෝ, මුන් මාධ්‍ය කලාව කියල කියන්නේ උන්ගේ ගං ගොඩේ කැලෑ පත්තර ගහන ආකාරයට

    :dull: ඒහෙම ඒකක් උනාද මට මතක නෑ :P
    :P:P:P:P
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගමයා;15038480 said:
    රගර් ක්‍රිඩාවේ ගැටුම් ඇති වන එක සාමාන්‍ය දෙයක්. මාලිංග මැච් එක අතරතුරදි ඇති වුන සිද්දියක් නෙමෙයි හින්ද මෙ සිදුවිම් දෙකේ සමාන බවක් නෑ

    උඹලා වගේ උන් ඉන්නකන් රාජපක්ෂලා ජනාධිපතිලා :D