ඒකට කම්මැලිකමේ හිටියෙ. ඔන්න දැම්මා ටිකක්..
ගිය අවුරුද්දෙ අන්තිම තමයි ගියේ.. ගෙදර අයත් එක්ක. ඒ පැත්ත නම් මාරම ලස්සනයි. ඉන්න මිනිස්සුත් හරිම හොදයි. අපි ගියේ ඔය දිය ඇලි බලන්න. මට මතක විදියට දිය ඇලි හතරක්ද කොහේද තිබුණා.. ඒ කැලේ ලගටම යන්න ඕනෙ නම් ලොකු බස් වලින් යන්න එපා. පටු පාරක් තියෙන්නෙ. ඒකත් මේ ලගදි හදපු එකක්.. ගෝටාභය සර්
එහෙම උනොත් බස් එක මග දාලා පයින් යන්න වෙන්නෙ. වාහන දෙකක් එකට යන්න තරම් ඉඩ නෑ සමහර වෙලාවට. එතකොට එකක් යනකන් අනික නවත්තන් ඉන්න වෙනවා.. යන පාර එහෙම මම හරියට කියන්න දන්නෙ නෑ.. තාත්තා ඩ්‍රයිව් කරන් ගියේ.. නෙලුව පැත්තෙන් යන්න ඕනෙ. පොලත් පහු කරන්.. එතන යන තැනම පොඩ්ඩක් ඇතුලට වෙන්න හොටෙල් එකක් තියෙනවා. ඒකෙ තමයි අපි හිටියෙ. ඒකෙ පුටු මේස පවා ගස් වලින් අමුතුම විදියකට හදලා තිබුනෙ. ලස්සනයි. එතනින් දොලක් යනවා ඒකෙන් නාන්නත් පුළුවන්..
දිය ඇලි බලන්න කැලේ යද්දි ටිකක් ඇවිදන් යන්න තියෙනවා.. තාම ඒවාට ලොකුවට මිනිස්සු එන්නෙ නැති නිසා පොලිතින් එහෙම මොකුත් නෑ.. මාරම ලස්සනයි.. යනකොට ටිකට් ගන්න තැනක් තියෙනවා. එතනින් ටිකට් ගන්න ඕනෙ. එතන ඉන්න කෙනෙක්ව එක්ක යන්න පුළුවන් ඕනෙ නම් මග පෙන්වන්න. එයාටත් ගෙවන්න ඕනෙ.. මාරම ලස්සනයි ඉතින්. මට එහෙම හොදට ලියන්න තේරෙන්නෙ නෑ..

දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න. මම දන්න දෙයක් නම් කියන්නම්..

වෙලාවක ට්‍රැවල් ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නෙ..

------
Post added on Jan 29, 2023 at 5:30 PM