ලංකාවට ආහාර ගන්න රනිල් පෙරට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_cec3ee5798.jpg


    (අංජුල මහික වීරරත්න)

    වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආහාර අර්බුදයට සහනයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් රටවල් පහක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

    ඇමරිකාව,යුරෝපා සංගමය, එංගලන්තය ,චීනය සහ ඉන්දියාව සමඟ රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡා පවත්වා ඇත.

    ඉදිරියේදී මීටත් වඩා දරුණු ආහාර අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම රටවල් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙන අතර ලංකාවට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලමින් සිටින බව ඉහත රටවල් හිටපු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී තිබේ.

    රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණෙන්නේ නම් ලංකාවට උපකාර කිරීම පහසු වනු ඇතැයි ද ඉහත රටවල් පහේ නියෝජිතයන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

    https://www.lankadeepa.lk/news/ලංකාවට-ආහාර-ගන්න-රනිල්-රටවල්-පහක්-සමඟ-සාකච්ඡා-කරයි/101-611637


    ගෝටා නමට ජනපති..🤭🤭
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මංගල කාරයා හිටියා නම් අර පොරගේ ඇමෙරිකන් ඩිප්ලොමට්ස් කෙල්ල ලව්වා මොනවා හරි ගේමක් ගහනවා.
    සිරාවට Covid vacine වගේකුත් ගෙන්වලා දුන්නා නේ