ලංකාවට එරෙහි සටන ඇරැඹේ

මේ සතියේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. මීට පෙර අදාළ සමුළුවට ලංකාවෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් පමණක් යැවීමට තීරණය කර තිබුණත්, පසුගිය 21 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ එම පිරිසේ නායකත්වය ඇමැති මහින්ද සමරසිංහ මහතාට ලබාදීමටයි.
ඒ අනුව ඇමැතිවරයා හෙට (25දා) දිවයිනෙන් පිටත්ව යන අතර, ලබන බදාදා (27දා) ඔහු සමුළුව අමතා විනාඩි 20ක දේශනයක් පැවැත්වීමට නියමිතය.
ඉන්පසුව ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය මඟින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට එරෙහිව ඡන්ද ලබා ගැනීම සඳහා සමුළුවට සහභාගි වන රටවල් සමඟ සාකච්ඡා කිරීමට සැලැසුම් කර ඇති අතර, එහිදී උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව ලංකාවේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අනෙකුත් රටවල් දැනුම්වත් කිරීමට අපේක්ෂිත බවද ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි සඳහන් කරයි.
ලබන 15 වැනිදා විශ්වකාලීන සමාලෝචන වාර්තාව (උර්ථීඅ) සමුළුවට ඉදිරිපත් කෙරෙන අතර 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය විසින් ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්පසු ලබන 21 වැනිදා අමෙරිකා එක්සත් ජනපදය මඟින් ලංකාවට එරෙහි යෝජනාව සමුළුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇති අතර එදිනම පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
මේ ඡන්ද විමසීමේදී ලංකාවට අන්ත පරාජයක් අත්වන බවට දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබුණද, ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඡන්දයේදී උපරිම ශක්තිය පෙන්වීමටය.
මේ තත්ත්වය යටතේ සමුළුවේ අවසාන දින කිහිපය ලංකාවට තීරණාත්මක වනු ඇති බවද අදාළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
මොකක් වෙයිද මචන්ලා

මේ සතියේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. මීට පෙර අදාළ සමුළුවට ලංකාවෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් පමණක් යැවීමට තීරණය කර තිබුණත්, පසුගිය 21 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ එම පිරිසේ නායකත්වය ඇමැති මහින්ද සමරසිංහ මහතාට ලබාදීමටයි.ඒ අනුව ඇමැතිවරයා හෙට (25දා) දිවයිනෙන් පිටත්ව යන අතර, ලබන බදාදා (27දා) ඔහු සමුළුව අමතා විනාඩි 20ක දේශනයක් පැවැත්වීමට නියමිතය.